(ඩී.කේ.රත්න )
බණ්ඩාරවෙල දෝව දික්ආරාව කදුවැටියේ ෆයිනස් වගා රක්ෂිතයේ ඇතිවූ හදිසි ගින්න නිවා දමා අද (14) වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇතයි බණ්ඩාරවෙල පොලීසිය පවසයි.
මෙම කදුවැටියේ රක්ෂිත ප්‍රදේශයේ ඇතිවූ ගින්න හේතුවෙන් අක්කර 25 ක පමණ භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතයි පොලීසිය කියයි.
බණ්ඩාරවෙල පොලීසිය හා දියතලාව යුධ හමුදා කදුවුරේ යුධ හමුදා නිළධාරීන් එක්ව මෙම ගින්න නිවා දමා සම්පූර්ණයෙන්ම පාලනය කර තිබේ.
මෙම ගින්න හේතුවෙන් මෙම රක්ෂිතයේ තිබූ වටිනා ශාඛ වර්ග රැසක් සහ ඉතා දුර්ලභ වර්ගයේ සත්ව විශේෂ රැසක් ගින්නට අසුවීමෙන් විනාශ වී ඇතයි පරිසරවේදීහු කියති.
කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් සතුන් දඩයම් කිරීම සදහා හෝ විනෝදය සදහා මෙම කදුවැටියට ගිනි තබන්නට ඇතයි පොලීසිය කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවුන් අල්ලලා නීතිය ඉදිරියට ගෙන්නන්න බැරිද? තිරිසනුන්ටවත් ඉන්න නොදෙන අධමයින්...