




(දිලීප් ජයසේකර)
දකුණු අප්‍රිකාවේ ජොහැන්ස්බර්ග් නුවර සිට ඇන්ටනෝ වර්ගයට අයත් ලොව දෙවන විශාලතම ගුවන් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය ඊයේ(12)රාත්‍රි 10.35 හා අසර්බයිජාන් හි සිට නාවික ඉංජිනේරුවරුන් තිදෙනෙකු රැගත් FXT 712 වර්ගයේ කුඩා ප්‍රමාණයේ ගුවන් යානය අද (13) අලුයම 12.20ට මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොලට පැමිණි බව ගුවන් තොටුපොල ප්‍රධාන කලමණාකරු උපුල් කලංසුරිය මහතා පැවසීය.
වොල්ගා ගුවන් සේවයට අයත් ලොව දෙවන විශාලතම ගුවන් භාණ්ඩ ප්‍රවාහනය කරන ඇන්ටනෝ 124-100 නැමති ගුවන් යානය දින හතරක විවේකයක් සදහා සහ ඉන්ධන ලබා ගැනීම සදහා දකුණු අප්‍රිකාවේ ජොහැන්ස්බර්ග් නුවර සිට මත්තල රාජපක්ෂ ගුවන් තොටු පොල වෙත ගොඩ බා තිබේ.ගුවන් යානය ඊයේ (12) රාත්‍රි 10.35ට මත්තල රාපක්ෂ ගුවන් තොටු පොලට ගොඩ බෑම සිදු කෙරුණි.ගුවන් යානයේ කාර්ය මණ්ඩලයේ 13 දෙනෙකු පමණක් පැමිණ ඇත.
එහි පැමිණි සියලු දෙනා ගුවන් තොටුපොල පරිශ්‍රය තුළදීම පී.සී.ආර්.පරීක්ෂණයකට යොමු කිරීමෙන් පසු හම්බන්තොට හෝටල් කිහිපයක සිහිටි නවාතැන් පලවල් වෙත රැගෙන යාමට සිදු කෙරුණි.මෙම පිරිස හෝටල් තුළද වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින බවයි ගුවන් තොටු පොල කළමනා කරු පැවසුවේ.ගුවන් යානය නැවතත් 16 වෙනි දින පස්වරු 1.30ට මත්තල රාජපක්ෂ ගුවන් තොටුපොලේ සිට තායිලන්තයේ තපාවෝ බලා පිටත්ව යාමට නියමිතය.
මිට අමතරව අද (13) අලුයම අසර්බයිහිජාන් සිට තවත් නාවික ඉංජිනේරුවරුන් තිදෙනෙකු රැගත් FXT 712 වර්ගයේ කුඩා ප්‍රමාණයේ ගුවන් යානයක්ද මත්තල ගුවන් තොටු පොලට ගොඩ බෑමට කටයුතු කෙරුණි.හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කාර්මික දෝෂයකට ලක්ව නවතා තිබෙන නෞකාවක අළුත් වැඩියා කටයුතු කිහිපයක් වෙනුවෙන් මෙම නාවික ඉංජිනේරු වරුන් තිදෙනා දිවයිනට පැමිණ තිබේ.දිවයිනට පැමිණි මෙම ඉංජිනේරුවරුන් තිදෙනාද ගුවන් තොටුපොල පරිශ්‍රෙය්දී පී.සී.ආර් පරික්ෂණයකට යොමු කිරීමෙන් පසු හම්බන්තොට වරාය වෙත රැගෙන යාම සිදුකෙරුණි.
වසර ගනනක් තිස්සේ වසා දමා තිබුණු මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොල වත්මන් රජය බලයට පත් විමත් සමග නැවතත් සක්‍රිය ගුවන් තොටු පොලක් බවට පත්ව ඇති බවත් මේ හේතුව නිසා විශාල ආදායමක් රටට ගලා එන බවත් ගුවන් තොටු පොල කළමණාකරු උපුල් කළංසුරිය මහතා පැවසිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න දැක්කා නේද? අවුරුද්දකට එකක් හරි බාවනවා නේද?
ගුවන් තොටුපලකට ගුවන් යානයක් පැමිණෙන එකත් ප්‍රධාන ප්‍රවෘත්තියක් වුනා එහෙනම්....
අපේ රජයට සුබපැතුම්... මෙක වැදගත් පුවතක්...
ඕකට එහා පැත්තේ නවත්තලා තියෙන පුද්ගලික ලියර් ජෙට් එක ලංකාවේ දේශපාලකයෙකුට අයිති එකක්
මෙතන කියන්න හදන්නේ වෙන දෙයක්...
නිවුස් නැතිව වේලෙන අයට මේකත් පුවතක්...
ඔන්න එයාපෝර්ට් එකට නැවක් ආවා නම් ප්‍රවෘත්තියක් වෙන්න තිබ්බා. ප්ලේන් එකක් ආවාම ප්‍රවෘත්තියක් වෙන්නෙ කෝමද?
මත්තල ගුවන් තොටුපොළ කියන්නේ අසාර්ථක ව්‍යාපෘතියක්... කෙටි දේශපාලන වාසි ගන්න කරපු උත්සාහයක්. ඕක තමයි ඇත්ත. තම තමන්ගේ දේශපාලන ගැතිකම අනුව ඕකෙ වටිනාකම අඩුවැඩි වෙනවා. ඕකෙන් පරිසරයට වූ හානිය මොන වගේද කියලා අවධානය මේ වෙනකනුත් යොමු වෙලා නෑ.. ඔය මුදලෙන් දැනට තියෙන ගුවන් තොටුපොළවල්වල දියුණුකළා නම් ඊට වැඩිය යහපතක් වෙන්න තිබුණා.
ඉඳලා හිටලා හරි ප්ලේන් එකක් බානවනේ. එන්න අපි කිරිබත් කමු...
අනුන්ගේ ගුවන් යානා වර්ණනා කරකර හිඳිමු.. ලංකාව එකතැනම ලොක්වෙනවා.
කවුරුත් මේ ගුවන් යානය ගැන නොවෙයිනේ කතාකරන්නේ.., අනංමනං ඕපාදූපනේ...
ඒ වගේම අමතක කරන්න එපා මෙයාගේ මල්ලි මෙයාට වඩා වැඩකාරයා. එයා උපන්නාට පස්සේ මෙයාගේ ගණන් ටිකක් බැස්සා. මෙයාගේ සහෝදරයා හැබැයි මෙයාට වඩා ලොකු වැඩක් කරනවා. එයාට මේ වර්ගයේම එන්ජින් 6 ක් තිබෙන අතර ටොන් 250ක් අරගෙන පැයට කිලෝමීටර් 850ක වේගයෙන් ගමන් කළ හැකිය. මම කියන මේ බාල සහෝදරයා තමයි අද ලෝකයේ සිටින වැඩිම බරක් රැගෙන යාමට හැකියාව ඇති ගුවන් යානය. කෙසේවෙතත් මුළු ලෝකයටම තියෙන්නේ එකම එක යානාවක් පමණයි. චීනය සඳහා දෙවන යානාවක් නිපදවීම ගැන අවස්ථා කිහිපයකදීම ඒගොල්ලෝ සාකච්ඡා කළාලු. නමුත් තවමත් තිබෙන්නේ එකම එක යානාවක් පමණයි. මේ අයියගෙයි, මල්ලිගෙයි පියා විදිහට සලකන්නේ වික්ටර් ටෝල්මාචෙව් කියන රුසියානු ගුවන්යානා සැලසුම් ඉන්ජිනේරුවරයායි...
රංග, අසත්‍ය ප්‍රචාර කිරීමෙන් වළකින්න. බෝයින් 747 පමණක් නොව එයාර් බස් 380 පවා මනාලෙස ගොඩ බැස්සවීමට හැකිලෙස කටුනායක ගුවන් පථය දැන් සකසා තියෙන්නේ....
සිරි අයියාට ජයවේවා..!!!