ගොවිතැනටත් රොබෝ තාක්ෂණය එයි
NSBM හරිත සරසවිය සමඟ ඒකාබද්ධව පර්යේෂණ සහ සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශය (NIRDC), ශ්‍රී ලංකා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA), ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) සහ අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් සංවිධානය කරනු ලැබූ “Colombo Robotics Meetup 2025” වැඩසටහන NSBM හරිත සරසවි පරිශ්‍රයේදී පැවැත්විණි.