අධිකරණ ඇමැති ජිනීවා යයි බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් පිලිබඳ කමිටුව විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදු කරනු ලබන පළමු කාලාන්තර සමාලෝචනය සඳහා සහභාගී වීමට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර බලා පිටත්ව හෙට (24) පිටත්ව යාමට නියමිතය. 23 September 2025
අලුත් පොහොසතුන් ගැන නාමල් මැතිසබයට කියයි රටේ ජනතාව කෙසේ වෙතත් ආණ්ඩුවේ එකසිය පනස් නව දෙනා නම් පොහොසත් වුණු ආකාරය වත්කම් බැරකම් ප්‍රකාශ වලින් හොදින්ම දුටු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 23 September 2025
මහඔය පාසලකට දෙබරු පනිති මහඔය ඉද්දපොල විද්‍යාලයේ ඉගෙනුම සිටිය දී අද දින දහවල් 12.00 ට පමණ දෙබරුන් ඇනීම නිසා සිසු සිසුවියන් ඇතුළු පුද්ගලයන් 49 දෙනකු රෝහල් ගත කළ බව පොලිසිය කියයි. 23 September 2025
දකුණු අධිවේගයේ කොටසක් අලුත් වෙයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාවේ සිට දොඩන්ගොඩ දක්වා මාර්ග කොටසක් ප්‍රතිසංස්කරණයට කොන්ත්‍රාත් ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 23 September 2025
කෘෂිකර්මය දියුණු කරන්න තුර්කිය එක්ක ගිවිසුමක් ශ්‍රී ලංකාව සහ තුර්කි ජන රජය අතර කෘෂිකාර්මික සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 23 September 2025
අලුත් ක්ෂුද්‍ර මූල්‍ය නියාමන පනත පාර්ලිමේන්තුවට නව ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 23 September 2025
ඉන්සියුලින් එන්නත් ගන්න කොන්ත්‍රාත්තුව ඉන්දියාවට බයිෆේසික් අයිසොෆේන් ඉන්සියුලින් එන්නත් ( මිනිස් ) 30% ද්‍රාව්‍ය 70% අයිසොෆේන් වයල් 2,200,000 ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 23 September 2025
වීදි දරුවන්ට ’’මාසෙ පඩියක්’’ ආයතනික රැකවරණය හෝ භාරකාරත්වය යටතේ වන ළමුන් සහ වීදි ළමුන් සඳහා ජීවන වියදම් දීමනාවක් ලබා දීමේ වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 23 September 2025
වැඩිහිටි අයට ජාතික ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකාවේ වැඩිහිටි තැනැත්තන් සඳහා වූ ජාතික ප්‍රතිපත්තිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 23 September 2025
ලංකා- පිලිපීන සිරකරු හුවමාරු ගිවිසුමක් දඬුවමට නියම වූ තැනැත්තන් බාර දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ පිලිපීන ජන රජය අතර ගිවිසුම අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 23 September 2025
පුත්තලමේ පාසල් බස්-වෑන් 18කට තහනම් නියෝග පුත්තලමේ පාසල් සඳහා සිසුන් ප්‍රවාහනය කරනු ලබන වැන් හා බස් රථ 32 ක් පරික්ෂා කළ පුත්තලම මෝටර් රථ පරික්ෂකවරයා එයින් 18 ක් සදහා තහනම් නියෝග නිකුත් කිරීමටත් වෑන් රථයක් ධාවනයෙන් ඉවත් කිරීමටත් පොලිසියට උපදෙස් දුන්නේය. 23 September 2025
ලංකා සරසවි තුනක් විදෙස් සරසවි හතරක් එක්ක ගිවිසුම් ශ්‍රී ලාංකික විශ්ව විද්‍යාල හා විදේශීය විශ්ව විද්‍යාල අතර අධ්‍යාපනික සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම් වලට එළඹීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 23 September 2025
‘කදිරාගේ‘ පහර කෑ සහායක හස්ති පාලකයා රෝහලේ ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියට අයත් කදිරා නැමැති හස්තියාා විසින් සිදුකළ පහරදීමක් හේතුවෙන් එම හස්තියාගේ සහායක හස්ති පාලකවරයා බරපතළ තුවාල ලබා මාවනැල්ල රෝහලට ඇතුළත් කොට ඇති බව පොලිසිය කියයි. 23 September 2025
යතුරු පැදි හොරු තිදෙනකු යතුරු පැදි 13ක් සමග අල්ලයි දකුණු පළාතේ විවිධ ප්‍රදේශවලට ගොස් යතුරුපැදි සොරකම් කිරිමේ ජාවාරමක නිරත වු බව කියන පුද්ගලයන් තිදෙනකු සොරා ගත් යතුරුපැදි 13 ක් ද සමග සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව අගුණුකොලපැලැස්ස පොලීසිය පවසයි. 23 September 2025
ස්පා මුවාවෙන් අයිස් ජාවාරම් කළ දෙන්නෙක් අල්ලයි මහනුවර දෙවැනි රාජසිංහ මාවතේ සම්බාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යමින් අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණ බව කියන 32 හැවිරිදි කාන්තාවක සහ තවත් පුද්ගලයෙකු මහනුවර මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. 23 September 2025
අරුණට එරෙහි විශ්වාස භංගය විසි කරන්න බලපෑ හේතු ඉල්ලයි අරුණ ජයසේකර මහතාට ඉදිරිපත් වූ විශ්වාස භංගය ප්‍රතික්ෂේප කිරීමට පදනම් වූ ලේකම් මණ්ඩල වාර්තා සහ නීතිපති වාර්තාව ඇතුළු කරුණු කාරණා සභාගත කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය. 23 September 2025
අයිස්-ජීව උණ්ඩ සමඟ හිටපු සෙබළා අත්අඩංගුවට අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් හිටපු හමුදා සෙබළාගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී ටී පනස් හයේ ජීව උණ්ඩ සහ මැගසිනියක් සොයා ගැනීමට හැකිවූ බව මාලිගාවත්ත පොලිසිය කියයි. 23 September 2025
‘කුෂ්‘ සමඟ ගුවන්තොටේදී දෙන්නෙක් මාට්ටු | වීඩියෝ රුපියල් කෝටි පහකට අධික වටිනාකමකින් යුතු ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හරිත මාවත’’ ( Green Channel ) ඔස්සේ පිට වී යාමට තැත් කළ ගුවන් මගීන් දෙදෙනෙකු අද(23) උදෑසන රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 23 September 2025
ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය වසර තුනක් හිරගෙට|වීඩියෝ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට අවනත නොවීමෙන් ශ්රේෂ්ඨාධිකයට අපහාසයක් සිදු කරන ලදැයි චෝදනාවට වරද පිළිගත් තා ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතාට වසර දෙකක සිර දඬුවම් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නියම කළේය. 23 September 2025
නිධන්හැරූ පොහොට්ටුවේ හිටපු මන්ත්‍රීවරිය අත්අඩංගුවට මුණුපුරා සමඟ එක්ව නිවස පිටුපස ඓතිහාසික බවක් ඇති බවට සැක කරන ගල්තලාවක නිධන් හාරමින් සිටි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක් අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලිසිය කියයි. 23 September 2025
වත්කම් අහද්දි හඳුන්නෙත්ති ගොලුවෙයි වත්කම් සම්බන්ධයෙන් තමාගෙන් ප්‍රශ්න ඇසීම නුවණට හුරු නැතැයි කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය. 23 September 2025
මොරටුව හිටපු නගරාධිපති සමන් ලාල්ට ඇප මොරටුව මහ නගර සභාවේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති 112ක් කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව ,නගර සභා ආඥා පනතේ රෙගුලාසි හා රාජ්‍ය මුදල් චක්‍රලේඛ උල්ලංඝනය කරමින් කොන්ත්‍රාත්කරුවන්ට ලබා දී රජයට හා ප්‍රජා සමීතිවලට පාඩුවක් කරමින් තමන්ට වාසියක් සලසා ගත්තේ යැයි බන්ධනාගාර ගතව සිටි මොරටුව හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා දැඩි කොන්දේසි යටතේ ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක ඒස් බෝදරගම මහතා අද(23) නියෝග කළේය. 23 September 2025
වැඩබලන ඇමතිවරු පත් වෙති ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට සහභාගි වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 4ක් සඳහා වැඩබලන අමාත්‍යවරුන් පත් කර තිබේ. 23 September 2025
නලීන් ප්‍රදීප් උඩුවෙල දිවි සැරිය නිමකරයි ප්‍රවීණ රංගනවේදී නලීන් ප්‍රදීප් උඩුවෙල මහතා අභාවප්‍රාප්ත විය. 23 September 2025
තංගල්ලේ කුඩු ලොරියේ හිමිකරු වල්ඹගලදී අල්ලයි තංගල්ල මත් කුඩු පටවා තිබූ ලොරි රථයේ හිමිකරු යයි කියන තරුණයෙකු අද(23) උදෑසන ඇල්පිටිය වල්ඹගලදී සැකපිට පශ්න කිරීම සඳහා අත් අඩංගුවට ගත් බව ඇලපිටිය පොලීසිය කියයි. 23 September 2025
පළාත් කිපයකට අදත් වැස්ස බස්නාහිර සහ සබරගමුව පළාත්වත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 23 September 2025
ජනපති ඇමරිකා සංචාරයට පිටත්ව යයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිල සංචාරයක් සඳහා කටුනායක ගුවන්තොටින් ඇමරිකාව බලා පිටත්ව ගියේය. 23 September 2025
මහින්ද ඉපැයු වත්කම් හෙළි කරයි ’’ජන සතු වීම මහින්දට සතුටක්’’ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තංගල්ල කාල්ටන් නිවසේ සිට ෆේස්බුක් සටහනක් තබමින් පවසයි. 23 September 2025
දෙහිවල වෙඩි තැබීමට අවි සැපයූ අය අත්අඩංගුවට දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ සෞඛ්‍ය පරිපාලන නිලධාරී භාෂක සඳරුවන් මහතාට වෙඩි තබා ඝාතනය කිරීමට ගිනි අවිය සැපයු පුද්ගලයා අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි 22 September 2025
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026