ක්‍රිකට් ආයතනයේ සේවකයෙක් අයි.සී.සී බාරයට ශ්‍රී ලංකාව ක්‍රිකට් ආයතනයේ සේවකයකු අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ දුෂණ මර්ධන ඒකකයේ නිලධාරීන්ගේ බාරයට මීට සුළු වේලාවකට පෙර ගත් බව වාර්තා වෙයි. 29 April 2021
නිකවැරටියේ පෞද්ගලික මූල්‍ය ආයතනයක් වහයි නිකවැරටිය නගරයේ පෞද්ගලික මූල්‍ය ආයතනයක කළමනාකරුට කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් ,නිසා එම ආයතනය තාවකාලිකව වසා දැමූ බව සෞඛ්‍ය අංශ කියයි. 29 April 2021
නුවරඑළියේදී බසයක් ප්‍රපාතයකට: 15ක් රෝහලට නුවරඑලිය හයිපොරස්ට් සිට රාගල නගර දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් මහතුඩුගල දී මාර්ගයෙන් ඉවතට ප්‍රපාතයෙන් පෙරලිමෙන් එම බස් රථයේ ගමන් ගත් මගින් 15 දෙනකු නුවරඑලිය මහ රෝහලට සහ හයිපොරස්ට් ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කළ බව රාගල පොලිසිය පවසයි. 29 April 2021
ගත වූ විසි හතර පැයේ මහනුවරින් ආසාදිතයෝ 88ක් මහනුවර දිස්ත්‍රික්කයෙන් ඉකුත් විසි හතර පැයේ කොවිඩ් 19 වයිරසය ආසාදිතයන් 88 දෙනකු වාර්තා වී ඇති බව මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි. 29 April 2021
බදුරලියෙන් ආසාදිතයන් 29ක් බදුරලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් කොරෝනා ආසාදිතයන් තවත් 29 දෙනකු හඳුනගත් බව එම කාර්යාලය පවසයි. 29 April 2021
‘‘වැසිය යුතු ප්‍රදේශ ක්ෂණිකව වහනවා‘‘ කොවිඩ් ව්‍යාප්තිය හමුවේ රට තිබෙන්නේ තීරණාත්මක සන්ධිස්ථානයක යයි කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. 29 April 2021
වාරියපොළ ප්‍රාදේශීය සභාව වහයි වාරියපොල ප්‍රාදේශීය සභාවේ සේවිකාවකට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බවට හදුනා ගැනීම හේතුවෙන් ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන කාර්යාලය අද (29) උදෑසන වසා දැමූ බව එහි සභාපති ඩී.එම්.ටී.බී. දිසානායක මහතා පැවසීය. 29 April 2021
කේරළ ගංජා කිලෝ 240කට ගිනි තබයි යාපනය මාදගල් ප්‍රදේශයේ මුහුදු වෙරලේ තිබූ බෝට්ටුවක සඟවා තිබූ රුපියල් කෝටි පහකට ආසන්න වටිනාකමින් යුතු කේරල ගංජා කිලෝ 240 ග්‍රෑම් 950 ක ප්‍රමාණයක් සොයාගත් බව නාවික හමුදාව පවසයි. 29 April 2021
ත්‍රිකුණාමලයේ කෝවිඩි ඉහළ යයි ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව ඉහල යැමත් සමග තවත් ග්රාමනිලධාරි වසම් හයක් හුදෙකලා කිරිමට කටයුතු කල බව දිසාපති සමන් දර්ශණ පාඩිකෝරාල මහතා පවසයි. 29 April 2021
මැතිසබෙත් සීමාවන ලකුණු කොරෝනා අවදානම හේතුවෙන් ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම් දිනකට හෝ දෙකකට සීමා කිරීම කෙරෙහි එහි ප්‍රධානීන්ගේ අවධානය යොමු වී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ . 29 April 2021
ගාල්ල හා කලුතරිනුත් සැර කොරෝනා හමුවෙයි ගාල්ලේ හා කලුතර කොරෝනා ආසාදිතයන් ගෙන් ලබා ගත් ජෛව සාම්පලවලද බ්‍රිතාන්‍යයේ ව්‍යාප්තව ඇති බී117 සැර කොරෝනා වයිරසය තිබී හමුවූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා ,ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසීය. 29 April 2021
හිඟුරක්ගොඩ සිරිකෙත ගමෙන් තවත් රෝගීන් 32ක් දැනට හුදෙකලා කර ඇති හිඟුරක්ගොඩ සිරිකෙත ජනපදයෙන් කොරෝනා ආසාදිතයන් තවත් 32ක් හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ අද අනාවරණය කරයි. 29 April 2021
අධිබල යතුරු පැදි දෙකක් පල්ලේවෙලින් අල්ලයි පල්ලෙවෙල ප්‍රදේශයේ නිවසක සගවා තිබූ අධිබල ධාරිතාවකින් යුත් වටිනා යතුරු පැදි දෙකක් අත් අඩංගුවට ගත් බව ගම්පහ දිස්ත්‍රික් අපරාධ විමර්ශන කොට්ඨාසය කියයි. 29 April 2021
පින්කම් ගෙදරට ආ දෙදෙනෙක්ට කොරෝනා මාපලගම පරණතානායම්ගොඩ ගල්වාන ප්‍රදේශයේ නිවෙසක පැවැති දානමය පිංකමකට සම්බන්ධවූ පුද්ගලයන් දෙදෙනකු කොවිඩ් 19 ආසාදිතයන් බවට හඳුනාගැනීමෙන් අනතුරුව ඊට සහභාගීවූ පවුල් තිහක් පමණ පිරිසක් නිරෝධායනයට ලක් කළ බව උඩුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි. 29 April 2021
දෙදින නිල සංචාරය අවසන් කර චීන ආරක්ෂක අමාත්‍ය දිවයිනෙන් පිටව යයි දෙදින නිල සංචාරයක් සදහා මෙරටට චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වී ෆෙන්ගේ අද (29) සිය දෙදින නිල සංචාරය අවසන් කරමින් දිවයිනෙන් පිටත්ව ගියේය. 29 April 2021
බොරුව ප්‍රචාරය කර අමාරුවේ වැටේ කෝවිඩ් රෝගය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා මගින් අසත්‍ය ප්‍රකාශ සිදු කළ 19 හැවිරිදි තරුණයකු ගම්පොළ කහටපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත. 29 April 2021
ඇන්ටිජන් කරන්න බටහිර මායිමේ පරීක්ෂණ මධ්‍යස්ථාන කොරොනා රෝගය පිටපත පළාත්වලට පැතිර වීම වැළැක්වීම සඳහා බස්නාහිර පළාතෙන් පිට වන ස්ථාන 12ක දී අද සිට පුද්ගල පරීක්ෂා කිරිමක් සිදුකරණ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි . 29 April 2021
නිරෝධායන නීති කැඩූ 187කට නඩු නිරෝධායන නීති උල්ලංඝනය කළ 187 දෙනකු ගතවූ ගතවූ පැය 24 තුළ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි 29 April 2021
මනිලාල් ප්‍රනාන්දු 6 වැනි දා කෝප් කමිටුවට රුපියල් හය කෝටියකට වැඩි මුදලක් අවභාවිතා කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති මනිලාල් ප්‍රනාන්දු මහතා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට ( කෝප්) ලබන 6 වෙනිදා කැඳවා ඇතැයි එම කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය. 29 April 2021
අගමැති බිරියගේ සංවේදි වූ හිත ගලෙන්බිදුනුවැව කලුගොල්ලෑගම ගම්මානයේ ජීවත්වන දහතුන් හැවිරිදි ජීවන්ත රත්නායක නමැති දරුවාට අගමැති බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය මැදිහත් වි කොළඹට ගෙන්වාගෙන ප්‍රතිකාර ලබාදී එක් ඇසක පෙනුම ලබා දී ඇත 29 April 2021
වැලිසර පී.සී.ආර්.මෙහෙයුමක් වැලිසර විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට පැමිණෙන පිරිස් හා එහි වෙළෙඳුන් හදිසි පි. සි. ආර් පරීක්ෂණයට යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තේය. 29 April 2021
පී.සී.ආර්. පරීක්ෂණ 14කින් 12කට කොරෝනා ආණමඩුව දිවුල්වැව ප්‍රදේශයේ කළ පී.සී.ආර් පරීක්ෂණ 14කින් කොරෝනා ආසාදිතයන් 12 දෙනකු හඳුනාගත් බව ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි රවි අබේරත්න මහතා පවසයි . 29 April 2021
කොන්සියුලර් සේවා විදේශ අමාත්‍යාංශය සීමා කරයි පවතින කොවිඩ්-19 තත්ත්වය හේතුවෙන් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ සේවා සැපයීමේ කටයුතු ඉදිරිදිනවලදී සීමාසහිත විය හැකි බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී. නිවේදනයක් නිකුත් කර ඇත. 29 April 2021
ගම්පහ ආසාදිතයෝ දින ගණන් නිවෙස්වල ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශ 15ක කොරෝනා රෝගීන් 185ක් දින හතරක පමණ කාලයක් තිස්සේ ඔවුන්ගේ නිවෙස්වලම තබා ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි. 29 April 2021
වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව අද කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් 463 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඒ අනුව අද (28) දිනයේ මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 1451 ක් දක්වා ඉහළ ගියේය. 28 April 2021
දෙවන එන්නත් මාත්‍රාව යුද්ධ හමුදාවටත් කොවිඩ් - 19 වෛරසය වැළැක්වීමේ එන්නත් වැඩසටහනට සමගාමීව ලබාදෙන දෙවන එන්නත් මාත්‍රාව කොළඹ යුද්ධ හමුදා රෝහලේදී කොවිඩ් - 19 මර්ධනය කිරීම සඳහා ඉදිරි පෙළ රාජකාරි සිදුකරන යුද්ධ හමුදා සාමාජිකයන් වෙත ලබාදීම අද (28) දින ආරම්භ කරන ලදී. 28 April 2021
ගම්පහ ප්‍රා.ලේ. කාර්යාලයේ අංශයක් වහයි ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයෙහි පිහිටි උප්පැන්න හා විවාහ රෙජිස්ට්‍රාර් කාර්යාලයෙහි සේවිකාවක් කොවිඩ් ආසාදිත බවට තහවුරු වීම මත නැවත දැනුම් දෙන තුරු එම කාර්යාලය වසා තැබෙන බව දිසාපති සුනිල් ජයලත් මහතා පැවසීය 28 April 2021
කෝටි දෙකක රූපලාවන්‍ය උපකරණ රේගුවේ හිරවේ නීති විරෝධී ආකාරයට ආනයනය කළ රුපියල් කෝටි දෙකකට අධික වටිනාමකින් යුත් සුවඳ විලවුන් සහ ආලෝපන අඩංගු රූපලාවණ්‍ය භාණ්ඩ සහ පාවහන් තොගයක් ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්යක්ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා පැවසීය. 28 April 2021
කොරෝනා රෝගීන් අද 988 කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් 988 දෙනෙකු අද (28) දිනයේ හඳුනාගෙන ඇත. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 104,475ක් දක්වා ඉහළගොස් තිබේ. 28 April 2021
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026