IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ඇන්ටිජන් කරන්න බටහිර මායිමේ පරීක්ෂණ මධ්‍යස්ථාන

(ඉන්දිකා රාමනායක සහ ළහිරු හර්ෂණ)

කොරොනා රෝගය පිටපත පළාත්වලට පැතිර වීම වැළැක්වීම සඳහා බස්නාහිර පළාතෙන් පිට වන ස්ථාන 12ක දී අද සිට පුද්ගල පරීක්ෂා කිරිමක් සිදුකරණ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි .

සෞඛ්‍ය අංශ , පොලීසිය , ත්‍රිවිධ හමුදාව යොදවා මෙම පරීක්ෂණ සිදුකරන බව ද හෙතෙම කියා සිටියේය.

කොච්චිකඩේ තෝප්පුව පාලම, කොටදෙණියාවේ බඩල්ගම පාලම, නිට්ටඹුව හැලගල හන්දිය, මීරිගම ගිරිඋල්ල පාලම, දොම්පේ සමණබැද්ද පාලම, හංවැල්ල වනහගොඩ පාලම, අලුත්ගම බෙන්තර පාලම, තිනියාවල හන්දිය, ඉංගිරිය කැට කැදැල්ල පාලම, බදුරලිය සමන් දේවාලය අසල, මීගහතැන්න ගොරකා දුව අවිත්තාව පාලම, මෙන්ම දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම යන ස්ථානවලදී මෙම පරීක්ෂණ කටයුතු සිදු කරයි

පිට පලාත්වලට රෝගය පැතිරීම වළක්වා ගැනීම සඳහා මෙම මෙහෙයුම් සිදුකරන බව හෙතෙම කියා සිටියේය.

ඡායාරූප පුෂ්පකුමාර මල්ලවාරචචි



අදහස් (3)

ඇන්ටිජන් කරන්න බටහිර මායිමේ පරීක්ෂණ මධ්‍යස්ථාන

ksc Thursday, 29 April 2021 06:55 AM

අතිශයින්ම වැදගත් තීරණයක්. සියලුම දේශපාලනඥයින් පක්ෂ, කණ්ඩායම් මෙම අවස්ථාවේ සියලු වාද බේද අමතක කර මෙම ජාතික ව්‍යයසනය පිටුදැකීම සදහා එක්ව කටයුතු කිරීම ඉතා වැදගත්.‌ වේ. දේශපාලනය කරන්න ජනතාව ආරකෂා විය යුතුයි. ෆේස්බුක් ,යුටිබ්, යනාදී සියලුම සමාජ ජාල පරිශිලකයින්ද මෙම අවස්ථාවේ ඉතා වගකීමෙන් කටයුතු කළ යුතුයි. ජනතාව දැනුවත් කිරීම සදහා කැපවිය යුතුය. මෙම අනතුරින් රට ගලවා ගත හැක්කේ එක්ව කටයුතු කිරීමෙන් පමණි.

:       5       54

Raveendra Thursday, 29 April 2021 07:59 AM

හරි අපූරුවට වෙනවා කියල ගිය පාරත් දැක්කා.මුරපොලවල් ඉන්න පොලිසියේ අය පණ බයේ ඉන්නේ.බස් එකක් නැවත්තුවම උඩින් පල්ලෙන් විස්තර අහල යැව්ව ගිය පාර. ඔය පොටෝ එක දාල තියෙන ගිරිඋල්ල හද්දාමුල්ල හංදියෙන්ම....

:       29       16

මුණසිංහ Friday, 30 April 2021 01:51 AM

අවුරුදු කාලෙත් මේවා කලින්ම කලා නම් මෙච්චර අමාරුවේ වැටෙන්නේ නැහැ.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 687 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17826 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 757 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site