ප්‍රියමාලි ස්ථානීය පරීක්ෂණයක් සදහා සී.අයි.ඩීය රැගෙන යයි ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 34 වන මහලේ කාර්යාලයක් පවත්වාගෙන යාමෙන් පුද්ගලයන්ගෙන් රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කර සිටින තිළිණි ප්‍රියමාලි නමැති සැකකාරිය ස්ථානීය පරීක්ෂණ සදහා අද (12) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ලෝක වෙළඳ මධ්‍යස්ථාන ඇතුලු ස්ථාන 4ට රැගෙන ගිය බව පොලිස ආරංචි මාර්ග පවසයි. 12 October 2022
22 ගැන හොඳ තීරණයක් ගන්නවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යෝජිත 22 වන සංශෝධනය 19 වන ව්‍යවස්ථා සංශෝධනයට බොහෝදුරට සමාන බැවින් ඒ සම්බන්ධයෙන් හොඳ තීරණයක් ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලාපොරොත්තු වන බව එහි මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (12) පැවසීය. 12 October 2022
මන්ද පෝෂණය වැඩි වී ඇති බව කෙහෙළිය පිළිගනිියි මෙරට මන්දපෝෂණය පසුගිය වසරට සාපේක්ෂව සියයට දෙකකින් වැඩිවී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පිළිගත්තේය. 12 October 2022
දරුවන් පෙළපාළිවලට ගෙන යෑම බරපතළ වරදක් දරුවන් පලිහක් ලෙස යොදා ගනිමින් පෙළපාළිවලට ගෙනයාම රටේ නීතිය අනුව බරපතල වරදක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 12 October 2022
රුසියා පාලමට එල්ල වූ ප්‍රහාරය පිටුපස යුක්රේන බුද්ධි ලොක්කා ඉකුත් සෙනසුරාදා යුරෝපයේ දිගම පාලමට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය පිටිපස සිටි මහා මොළකරු යුක්රේන බුද්ධි අංශ අණදෙන නිලධාරී කිරිල් බුඩනොව් බව රුසියානු බුද්ධි අංශය චෝදනා කළේය. 12 October 2022
ජනපතිගෙන් සෝල්හයිම්ට තනතුරක් එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ විධායක අධ්යක්ෂ එරික් සෝල්හයිම් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජාත්‍යන්තර දේශගුණ උපදේශක ලෙස පත් කරනු ලැබ තිබේ. 12 October 2022
‘‘රනිල් ආවේ රාජපක්ෂලා රකින්න නොවේ‘‘ පුනරුත්ථාපනය වී ඇත්තේ රනිල් නොවෙි යැයිද රනිල් පැමිණ කරගසා ඒ කල්ලිය පුනරුත්ථාපනය කර ඇතැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය. 12 October 2022
මැලේසියා රැකියා ජාවාරම්කරුවන්ට අහුවෙන්න එපා සංචාරක වීසා මගින් මැලේසියාවේ රැකියා සඳහා විදේශ ගතනොවන ලෙසත් සංචාරක වීසා මගින් මැලේසියාවේ රැකියා සඳහා පිටත්කර හරින වංචාකරුවන් පිළිබඳව තොරතුරු ඇත්නම් ඒ පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට දන්වන ලෙසත් එම කාර්යාංශය දැනුම් දෙයි. 12 October 2022
හොර විදේශ රැකියා ඒජන්සි 2ක් වටලයි අම්පාර සහ කල්මුණේ නගරවල වලංගු බලපත්‍රයක් නොමැතිව පවත්වාගෙන ගිය ව්‍යාජ විදේශ රැකියා ආයතන දෙකක් වටලා සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. 12 October 2022
පාරිභෝගිකයන් රැවටූ අයි.ඕ.සී. දෙවසරකට තහනම් ? අක්‍රමිකතා හේතුවෙන් සම්පූර්ණයෙන්ම මුද්‍රා තබා ඇති වැල්ලවාය ඉන්දීය ඔයිල් සමාගමට (අයි.ඕ.සී.) අයත් ඉන්ධන පිරවුම්හලකට වසර දෙකක තහනමක් පැනවීමට ඉඩ ඇතැයි බලශක්ති අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි. 12 October 2022
රටම සතුටු කළ මාතර දෙව්මි රටම හඬවා අවසන් ගමන් යයි උපතින් දෑත් හා දෙපා ඇතුළුව ශරීරයේ බොහෝ කොටස් අප්‍රාණික තත්වයේ පසු වෙද්දී ඉකුත් වසරේ අ පො.ස.සාමාන්‍ය පෙල විභාගයට පෙනී සිට ඒ සාමාර්ථ 9 ක් ගෙන විභාගය ඉහලින් සමත් වු දික්වැල්ල බඹරැන්ද සද්ධර්මරාජ විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි දෙව්මි රන්සරා රාජපක්ෂ (17) දිරිය දියණිය මාතර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මිය ගියාය. 12 October 2022
චරිතටත් කෝප් කමිටුවට යන්න අවස්ථාව කෝප් කමිටුවේ හිටපු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතාටද දූෂණ වංචා සම්බන්ධයෙන් එම කමිටුව හමුවට පැමිණ කරුණු ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව ලබාදීමට ඒ කමිටුව තීරණය කර ඇත. 12 October 2022
අධිකරණ ගැටළු විසඳන්න ටිවිටර් සාකච්ඡා අධිකරණ පද්ධතියේ ගැටලු විසඳීම සඳහා සජීවී ටිවිටර් සාකච්ඡා පැවැත්වීමට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා තීරණය කර ඇත. 12 October 2022
ජාතික ජන බලවේගය - වාණිජ මණ්ඩලය අතර සාකච්ඡාවක් ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සහ ජාතික ජන බලවේගයේ නිලධාරීන් අතර හමුවක් බත්තරමුල්ල ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී අද (12) පෙරවරුවේ පැවැත්විණි. 12 October 2022
රත්තරන් මිල පහත වැටෙයි හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 රන් පවුමක් අද (12) දිනයේ රුපියල් 155,000 ත් 160,000 ක් අතර මිලක් දක්වා පහළ ගොස් තිබුණි. 12 October 2022
අහුංගල්ලේදී ත්‍රිවිල් රියැදුරකට වෙඩි අහුන්ගල්ලේදි සිදු වූ වෙඩි තැබීමකින් ත්‍රී රෝද රථ රියදුරකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 12 October 2022
ත්‍රිකුණාමලය කොටුව සහ දෙවොල ප්‍රදේශය අලුත් වෙයි ත්‍රිකුණාමලය කොටුව පුරාවිද්‍යා ස්ථානය සහ කෝනේෂ්වරම් දෙවොල අසල මුහුදු ප්‍රදේශයේ පූර්ණ ගවේෂණයක් පසුව, කැණීමක් සිදු කර දිය යට පවතින පැරණි ප්‍රතිමා හා පුරාවිද්‍යාත්මක ස්මාරකයන් ගොඩබිමට ගෙන ඒමට සහ කෝනේෂ්වරම් දෙවොල වෙත පැමිණෙන බැතිමතුන් හට අවහිරයකින් තොරව වන්දනාමාන කිරීමට නිසි වැඩපිළිවෙලක් සකස් කරයි. 12 October 2022
දේශීය ආදායම් පනත ගැසට් නිවේදනය නිකුත් වෙයි 2017 අංක 24 දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සඳහා වන දේශීය ආදායම් පනත් කෙටුම්පත (සංශෝධන) පිළිබඳ ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය. 12 October 2022
පාසල් තත්ව පාලන කව ජාත්‍යන්තර සමුළුවට ආනන්දයෙන් කණ්ඩායමක් පාසල් තත්ව පාලන කව 23 වැනි ජාත්‍යන්තර සමුළුව හෙට (13) සිට මෙම මස 17 වැනිදා දක්වා නේපාලයේ කත්මණ්ඩු නුවරදී පැවැත්වෙන අතර, ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන කොළඹ ආනන්ද විද්‍යාලයේ සිසුන් කණ්ඩායමක් සහභාගීවීමට නියමිතය. 12 October 2022
‘‘ජනාධිපති දූෂිතයන් රකින්නේ නෑ‘‘ දේශපාලකයන් බොහෝ පිරිසක් රනිල් වික්‍රමසිංහ හැර ගියේ වංචා දූෂණ, නඩුහබ ආදියෙන් බේරාගැනීම වෙනුවෙන් රනිල් කිසි විටෙක පෙනී නොසිටීම නිසා යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. 12 October 2022
ලාංකික මහාචාර්යවරයෙක්ගෙන් කොවිඩි හොයන්න අලුත් මෙවලමක් ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු නිර්මාණය කළ, ’කැස්සේ ශබ්දය අනුව’ කොවිඩ් 19 ආසාදිතයකු ද නැද්ද හඳුනාගත හැකි ස්මාර්ට් දුරකථන මෙවලමක්, ලොව ප්‍රමුඛතම වෛද්‍ය උපකරණ සහ ඖෂධ නිෂ්පාදන සමාගමක් වන ෆයිසර් සමාගම විසින් මිලදී ගෙන ඇතැයි ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරයි. 12 October 2022
රනිල් පැණි තවරා විෂ ගිල්වන්න හදනවා ජනාධිපතිවරයා මැතිවරණ සංශෝධන පිළිබඳව විටින් විට දක්වන අදහස්වලින් පෙනී යන්නේ ඔහු පැණි තවරා විෂ ගිල්ලවීමට උත්සහ දරන බවකැයි නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා ජනතා ක්‍රියාකාරීත්වය හෙවත් පැෆරල් සංවිධානය සඳහන් කරයි. 12 October 2022
“කිසිවෙක් අතහැරෙන්න දෙන්න එපා” වැඩසටහනට අයදුම්පත් ලක්ෂ 23ක් “කිසිවෙක් අතහැරෙන්න දෙන්න එපා’’ තේමාව යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ආරම්භ කළ අඩු ආදායම්ලාභී පවුල් වෙත සුබ සාධන ප්රතිලාභ ලබාදීමේ කඩිනම් වැඩපිළිවෙළට අද (12) වන විට අයදුම්පත් ලක්ෂ 23ක් ලැබී ඇතැයි සුබ සාධක ප්රතිලාභ මණ්ඩලය පවසයි. 12 October 2022
වැසි සමයේ නිරෝගීකම රැක ගනිමු නැවතත් වැසි සමය ඇරැඹිණි. වැසි කාලයට දැනෙන සීතලත් සමඟ ලෙඩ රෝග ගණනාවක්ම පැතිරී යන කාලයකි. එනිසා මේ කාලෙදිත් අපගේ ශරීර සෞඛ්‍ය ගැන නිරන්තරයෙන් අවධානය යොමු කළ යුතුයි. විශේෂයෙන් අපගේ ආහාර පාන සනීපාරක්ෂාව සඳහාද අවධානය යොමු කළ යුතු වේ. 12 October 2022
පන්සලේ මල් වට්ටිය ලක්ෂ 11කට වෙන්දේසි වේ මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් ලෙනදොර - කිරලැස්ස ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිවන ධර්ම ශාලා ගොඩනැගිල්ලට ආධාර පිණිස තෙදිනක් පුරා පැවති පිංකම් මාලාවේ අවසන් දින කුසුම් බදුන් වෙන්දේසියේ දී මල් වට්ටිය රුපියල් ලක්ෂ එකොලහකට අලෙවි වූ බැව සංවිධායක මණ්ඩලය කියයි. 12 October 2022
කෝප් කමිටුවේ නිර්දේශ නීතිපතිට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) බලතල තවදුරටත් පුළුල් කරගැනීමට පියවර ගන්නා බව එහි සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පැවසීය. 12 October 2022
කජිමාවත්ත ගින්න ගැන කමිටු වාර්තාව අගමැතිට මෝදර කජිමාවත්තේ නිවාස ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ කමිටුවේ වාර්තාව එම කමිටු සාමාජිකයන් විසින් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාට බාරදෙනු ලැබීය. 12 October 2022
ගල්අඟුරු ආනයනයේදී අත යට ගැහිල්ලක් වැඩි මිල දර්ශකයක් ඉදිරිපත් කර අඩු මිල දර්ශකයක් යටතේ වන ගල්අඟුරු මෙට්‍රික් ටෝන් 6,300,000ක් ලක්විජය බලාගාරයට දීර්ඝකාලීන ප්‍රසම්පාදන යටතේ ආනයනය කර ඇතැයි විගණන වාර්තාවකින් අනාවරණය වී ඇත. 12 October 2022
මුහුදුබඩ දුම්රිය කාලසටහන වෙනස් කරයි මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය කාලසටහන හෙට (13) සිට වෙනස් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 12 October 2022
කෝටි පහක අයිස් සමග තරුණයෙක් මාට්ටු රුපියල් කෝටි 5 කට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සහ කේරළ ගංජා සමඟ පුද්ගලයකු රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය. 12 October 2022
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026