ඡන්දයක් ප්‍රකාශ කරන්න බාධාවක් නෑ පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාවට කිසිදු නීතිමය බාධාවක් නොමැති හෙයින් මේ සතුය තුළ එම මැතිවරණය ප්‍රකාශයට පත් කරනු ඇතැයි අපෙක්ෂ ාකරන බව නිදහස් හා සාධාරණ මැතිවරණයන් සඳහා ජනතා ක්‍රියාකාරිත්වය හෙවත් පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යවමින් සඳහන් කරයි. 04 December 2022
රට තුළ වයිරස් රෝග රැසක් රට තුළ පැතිර යන වයිරස් රෝග හේතුවෙන් දිනකට දරුවන් 60 ත් 70 ත් අතර සංඛ්‍යාවක් රෝහල්ගත කරන බවත් එම රෝගවලින් දරුවන් ආරක්ෂා කිරීමට සෞඛ්‍ය ආරක්ෂණ පිළිවෙත් අනුගමනය කළ යුතු බවත් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ නිලධාරියෙක් පැවසීය. 04 December 2022
පොල්හේන මුහුදේ කිඹුල් බියක් කිඹුලන් දෙදෙනකු මුහුදේ සැරිසැරීම හේතුවෙන් මාතර පොල්හේන මුහුදු තීරයට බැස දිය නෑම නොකරන ලෙස පොලිස් නිලධාරීන් අද උදෑසන සංචාරකයන්ට දැනුම් දුන්නේය. 04 December 2022
ඕස්ට්‍රෙිලියාවේදී ලාංකික කතක මරා දාලා ඕස්ට්‍රේලියාවේ සැන්ඩ්හර්ස්ට් හි පදිංචි 44 වියැති ශ්‍රී ලාංකික තිදරු මවකට ඇගේ නිවස තුළදී තියුණු ආයුදයකින් ඇණ ඝාතනය කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර ඇත. 04 December 2022
2022 තෙවන පාසල්වාරය හෙට සිට රජයේ පාසල්වල මේ වසරේ 2022 තුන්වැනි වාරය හෙට (5) සිට ආරම්භ කෙරේ. තුන්වැනි වාරය හෙට සිට මාර්තු 24 දක්වා පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි. 04 December 2022
රස පරීක්ෂිකාවකට එතෙර රස හොඳටම වැටිලා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරිනියක පශ්චාත් උපාධි පාඨමාලාවක් හැදෑරීම සඳහා විදේශ නිවාඩු ලබා ගොස් ආපසු නොපැමිණීම නිසා රජයට රුපියල් කෝටියකට ආසන්න මුදලක් පාඩුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 04 December 2022
ජනපති පොහොට්ටු මන්ත්‍රීන්ට කියූ දේ ගමට ගොස්,ගමේ යාන්ත්‍රණය ශක්තිමත් කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන්ට උපදෙස් දී ඇත. 04 December 2022
ලංවීම කෑලි කඩයි ප්‍රතිව්ව්‍යුහගතකරණය යටතේ ලංකා විදුලිබල මණ්ඩලය අහෝසිකර රජය සතු නව සමාගමේ අටක් පිහිටුවීමට විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත්කරන ලද කමිටුව රජයට නිර්දේශ කර ඇත. 04 December 2022
වෛද්‍යවරියගේ සිරුර නිවසේ වහලයේ එල්ලෙයි පෙරාදෙණිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකගේ සිරුර සිය නිවසේ එල්ලෙමින් තිබියදී සොයාගත් බව කඩුගන්නාව පොලිසිය කියයි. 04 December 2022
රට විරුවන්ගේ සල්ලි ගැන මහ බැංකුවෙන් නිවේදනයක් විදේශගත ශ්‍රී ලාංකිකයන් එවන විදේශ විනිමය ප්‍රේෂණ මත බදු පනවා ඇතැයි හෝ ඒවා බලහත්කාරයෙන් ශ්‍රී ලංකා රුපියල් වලට හරවනු ඇතැයි පැතිර යන කටකතා අසත්‍ය බව ශ්‍රී ලංකා මහා බැංකුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. 04 December 2022
තියුණු අවි සමග හයක් සැකපිට කිසියම් අපරාධයක් කිරීමේ අරමුණින් වැල්ලම්පිටිය පොලිස් වසමේ, ගෙවල් 20, කිත්තම්පහුව නිවසක තියුණු ආයුධ අතැතිව රැදී සිටි පුද්ගලයන් පුද්ගලයන් 6 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි, 04 December 2022
සංචාරක ව්‍යාපාරයේ ආදායම් ඉහළට මෙම වසරේ ජනවාරි මස සිට නොවැම්බර් මස දක්වා මාස 11 ක කාලය තුළ ශ්‍රී ලංකාව සංචාරක කර්මාන්තයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 1129.4 ක මුදලක් උපයා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ දත්ත වාර්තාවල සඳහන් වේ. 04 December 2022
කළුතරට සහ රත්නපුරට නාය අවදානම් පවතින තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක දෙකක නාය යාමේ අවදානමක් මතුව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. 04 December 2022
වැස්ස තද වෙයි දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (4) සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 04 December 2022
කිලිනොච්චියේ කොල්ල කල්ලියක් මාට්ටු කිලිනොච්චි ප්‍රදේශයේ ජනතාව බිය ගන්වමින්, තියුණු ආයුධවලින් පහර දීම්, නිවාස හා දේපළවලට පහර දී අලාභ හානි සිදුකිරීම් සහ කොල්ල කෑම් ඇතුලු අපරාධ රැසක්ට අවශ්‍ය කර සිටි අපරාධ කල්ලියක 6 දෙනකු අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිසිය පවසයි. 04 December 2022
ගබඩාව කඩා බල්බ් හොරා කාලා වැල්ලම්පිටිය සේදවත්තේ ෙ ගබඩාවක් බිඳ රුපියල් ලක්ෂ 29ක දේපොළ සොරා ගැනීමත් සම්බන්ධයෙන් සැකකරුවන් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි. 04 December 2022
ජනාධිපති නීතිඥ දිවියේ 50 සපුරයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වෘත්තීය නීතිඥ දිවියට වසර 50ක් සපිරීම නිමිත්තෙන් මෙරට නීති වෘත්තිකයින් විසින් සංවිධානය කළ විශේෂ සැමරුම් උත්සවයක් කොළඹ ෂැන්ග්‍රිලා හෝටල් පරිශ්‍රයේ දී පැවැත්විණි. 04 December 2022
ලොව වටා පාවෙන ‘‘අසමාරා ක්වෙස්ට්‘‘ කොළඹ වරායට ‘‘අසමාරා ක්වෙස්ට්‘‘ නම් මගී ප්‍රවාහන නෞකාවක් කොළඹ වරායට අද සවස සේන්දු විය. 03 December 2022
වල් අලියා ඉසෙඩ් ඩී.ඇළේ කිලෝ මීටර් 17 ගසාගෙන යයි පොලොන්නරුව මාදුරුඔය ඉසෙඩ්.ඩි. ප්‍රධාන ඇළට වැලිකන්ද මල්විල ප්‍රදේශයෙන් වැටුණු වල් අලියකු ඇළේ සොරොව්වක සිරවී සිටියදි පැය 8ක මෙහෙයුමකින් මුදා ගැනීමට වැලිකන්ද වනජීවීන් හා ප්‍රදේශවාසීහු කටයුතු කළහ. 03 December 2022
මෝදර ධීවර වරායේ බද්ද දං දේ ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවට අයත් මෝදර ධීවර වරාය බද්දට ගත් සමාගමෙන් බදු කුලිය නිසියාකාරව අය නොකිරීම නිසා එම සංස්ථාවට 2019 වර්ෂයේදී රුපියල් කෝටි 11කට ආසන්න මුදලක් අහිමිව තිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 03 December 2022
සංචාරකයන්ගේ ආරක්ෂාවට ’’ඇප්’’ එකක් මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් නව ජංගම යෙදවුමක් (App) හඳුන්වා දීමට කටයුතු කරන බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය. 03 December 2022
වාහනයත් එක්ක පැන්ෂන් යන කාලේ ඉවරයි රාජ්‍ය සමාගම්වල ප්‍රධානීන් විශ්‍රාම යනවිට ඔවුන් භාවිතා කළ නිල වාහනවල හිමිකාරීත්වය පැවරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටවූ බව මුදල් අමාත්‍යාංශය පවසයි. 03 December 2022
කුඩ්ඩා බේරා ගන්න පොලිසියට අල්ලස් දෙන්න ගිහින් අමාරුවේ අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවකු මහාධිකරණයට ඉදිරිපත් නොකරන ලෙසට ඉල්ලා අවිස්සාවේල්ල අවිස්සාවෙල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 50,000ක ලබා දීමට උත්සාහ කළ පුද්ගලයකු අවිස්සාවේල්ල පොලිසියේදී අද (3) අල්ලස් හෝ දූෂණ විමර්ශන චෝදනා කොමිසම සභාව මගින් අත්අඩංගුවට ගෙන ඇත. 03 December 2022
ශ්‍රී ලංකාවට වසර 10කට ණය සහනයක් දෙමු ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන මූල්‍ය අර්බුදය විසඳීම සඳහා පිළියමක් ලෙස ශ්‍රී ලංකාවේ ණය සඳහා වසර 10 ක සහන කාලයක් ලබා දීමටත් ඉන්පසුව වසර 15 ක කාල සීමාවක් සඳහා ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරිමටත් පැරිස් සමාජය යෝජනා කර ඇතැයි හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත පවසයි. 03 December 2022
කුලිය වෙනුවට ගුටි දීලා: අම්බානකට ගුටි කයි ආබාධිත රියැදුරකු පැදවූ ත්‍රිරෝද රථයකින් කුළී ගමනක් ගොස් ඒ සදහා වු රුපියල් 2500 ක කුලී මුදල ඉල්ලා සිටි අවස්ථාවේ එම මුදල නොදී අබාධිත රියදුරුට පහර දී පලා යාමට උත්සහ කළ සැකකරුවන් දෙදෙනකු අල්ලා තලංගම පොලිසියට බාරදීමට අවට පිරිස් කටයුතු කළහ. 03 December 2022
නඩු බඩු පවුම් 44ක් අතුරදහන් කොළඹ අලුත්කඩේ අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවේ තිබුණු නඩු දෙකකට අදාල පවුම් 44 ට අධික රන්බඩු සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත. 03 December 2022
සන්නද්ධ පිරිසක් ඕ.අයි.සී.ගේ බිරියට පහරදී නිවෙස කොල්ලයි කළුතර උතුර විවිධ පැමිණිලි අංශ ස්ථානාධිපතිවරයා පදිංචි වැලිපැන්න , බොන්දුපිටිය, කුරුන්ද පාරේ නිවසට අද දහවල් යතුරුපැදි වලින් කඩාවැදුණ සන්නද්ධ පිරිසක් නිවසේ තිබූ ජංගම දුරකථන 2 ක් , රන් ආභරණ කොල්ලකා පලාගොස් ඇතැයි වැලිපැන්න පොලිසිය පවසයි . 03 December 2022
රැකියා ඒජන්සි හාරසියයක් තහනම් පුද්ගලයන් සංචාරක වීසා වලින් විදේශයන්ට යවා ඒ සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කිරීම පැහැර හැරි විදේශ රැකියා නියෝජිත ආයතන 400ක හිමිකරුවන්ගේ බලපත්‍ර තහනම් කර ඇතැයි කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 03 December 2022
අත්තනගලු ඔයේ ඉපැරණි පාරුව ජාතියෙන් සමුගනී අත්තනගලු ඔයෙන් 1998 වර්ෂයේදී වර්ෂයේදී හමුවූ අවුරුදු එක්දහස් දෙසිය හැත්තෑවක් පමණ පැරැණි පාරුවක් නිසි සංරක්ෂණ ක්‍රමවේද පාවිච්චි කර සංරක්ෂණය නොකිරීම නිසා එය සම්පූර්ණයෙන්ම විනාශවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ එහි අලුත්ම වාර්තාවක සඳහන් වේ. 03 December 2022
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026