මෛත්රීට පැන වූ වාරණය දීර්ඝ කරයි ශ්රී ලංකා නිදහස් පක්ෂ සභාපති ධූරයේ කටයුතු කිරීම වළක්වමින් හිටපු ජනාධිපති, මෛත්රීපාල සිරිසේන මහතාට පැන වූ වාරණය ඔක්තෝබර් මස 04 වන දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ ප්රධාන දිසා විනිසුරු සඳුන්විතාන මහතා අද (01) නියෝග කළේය. 01 August 2024
IMF නියෝජිතයෝ - රනිල් අතර හමුවක් මෙරටට පැමිණ සිටින ජාත්යන්තර මූල්ය අරමුදලේ නියෝජිත කණ්ඩායම සහ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අතර හමුවක් අද(01) පැවැත්වීමට නියමිත බව මුදල් රාජ්ය අමාත්ය ෂෙහාන් සේමසිංහ මහතා ප්රකාශ කළේය. 01 August 2024
දුම්රිය ආසන් වෙන්කිරීම පරණ වෙලාවටම දුම්රිය ආසන මාර්ගගත ක්රමයට වෙන්කිරීමේ වේලාව අද (1) සිට සංශෝධනය කිරීමට නියමිතව තිබුණ ද තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එය ක්රියාත්මක නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 01 August 2024
පළාත් ආණ්ඩු නවයටත් වගකීම් දෙනවා ස්වාධීන අපේක්ෂකයකු ලෙස තමා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ පක්ෂග්රාහිත්වයෙන් තොරව අලුත් දැක්මක් සහ අලුත් වැඩපිළිවෙළක් ඔස්සේ රට ඉදිරියට ගෙන යාමට බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය. 01 August 2024
ඩයනාට චෝදනා කියවයි ආගමික හා විගාමික පනත උල්ලංඝනය කරමින් ව්යාජ තොරතුරු ඉදිරිපත් කර විදෙස් ගමන් බලපත්ර ලබාගෙන වලංගු වීසා බලපත්ර නොමැතිව ශ්රී ලංකාව තුළ රැඳී සිටියේ යැයි කියන හිටපු අමාත්ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව පැවරූ නඩු හතෙහි චෝදනා කියවාදීම කොළඹ ප්රධාන මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේදී අද සිදු කෙරිණි. 01 August 2024
පොල් රා මදින්නා ගසින් වැටී මරුට බේරුවල හෙට්ටිමුල්ල නුගගහපාර ප්රදේශයේ පොල්ගස් අනූවක අතුරක මල් කැපීමේ කටයුතුවල නිරතව සිටි පොල්රා මැදීමේ වෘත්තිකයෙකු එම අතුරේ මීටර් 25ක පමණ උස පොල් ගසකින් පයලිස්සා ඇද වැටී බරපතල තුවාල ලබා බේරුවල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇතැයි බේරුවල පොලිසිය කියයි. 01 August 2024
ගාසා ළමා අරමුදලට තවත් සල්ලි එපා “ගාසා හි ළමා අරමුදල” සඳහා දායකවීමේ අවස්ථාව 2024 ජූලි මස 31 දිනෙන් අවසන් කර තිබෙන බවත් තවදුරටත් ඒ සඳහා මුදල් බැර නොකරන ලෙසත් ජනාධිපති කාර්යාලය ජනතාවගෙන් ඉල්ලා සිටී. 01 August 2024
අක්කර ලක්ෂයක රබර් වවන්න යයි වියළි කළාපයට අයත් මොණරාගල, අම්පාර හා බදුල්ල වැනි ප්රදේශ වල අක්කර 100,000ක රබර් වගා කිරීමට සැලසුම් කර ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්ය මහින්ද අමරවීර මහතා පැවසීය. 01 August 2024
ලිට්රෝ ගෑස් මිලත් වෙනස් නොවේ ලිට්රෝ ගෑස් මිල සූත්රයට අනුව අගෝස්තු මස ලිට්රෝ ගෑස් මිල සංශෝධනය නොකරන බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය. 01 August 2024
විජයදාසත් ඇප තියයි හිටපු අධිකරණ අමාත්ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් අපේක්ෂකයෙකු ලෙස අද පෙරවරුවේ ඇප මුදල් තැන්පත් කර තිබේ. 01 August 2024
අගෝස්තු ඉන්ධන මිලේ වෙනසක් නෑ ඉන්ධන මිල සූත්රයට අනුව අගෝස්තු මස ඉන්ධන මිල සංශෝධනය නොකරන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ නිවේදයක් නිකුත් කරමින් පවසයි. 01 August 2024
කොළඹ සරසවියේ 500 වැනි සනාථන මහ සභාව කොළඹ විශ්වවිද්යාලයේ 500 වන සනාථන සභා රැස්වීම ඊයේ (31) පස්වරුවේ විශ්ව විද්යාලීය විද්යාපීඨ ශ්රවණාගාරයේදී පැවැත්විණි. 01 August 2024
අනුරාධපුරේ නිධන් හෑරු අටක් අත්අඩංගුවට අනුරාධපුර විජේපුර සහ තෙලබුගස් වැව ප්රදේශවල නිදන් හාරමින් සිටි සැකකරුවන් අට දෙනෙකු නිධන් හෑරීම සඳහා යොදාගත් උපකරණ සමඟ අත්අඩංගුවට ගත් බව ගලෙන් බිඳුනු වැව සහ අනුරාධපුර යන පොලිසි පවසයි. 01 August 2024
කුඩා කාලයේ කේට් කුමරියට සැත්කමක් කරලා කේට් කුමරිය, යොවුන් දැරියක කාලයේ, ඇගේ හිසේ සැත්කමක් සිදු කර ඇති බවත්, හිසේ ඇති වුණු ගැටිත්තක් එම සැත්කමින් ඉවත් කෙරුණු බවත් මාධ්ය වාර්තා කරයි. 01 August 2024
අලවංගුවෙන් ගසා මස්සිනා මරලා උණවටුන දලවැල්ල ප්රදේශයේ පුද්ගලයෙකුට ඔහුගේ මස්සිනා විසින් අලවංගුවකින් පහරදි අද (01) අලුයම ඝාතනය කර ඇතැයි හබරාදුව පොලිසිය පවසයි. 01 August 2024
පළාත් කිහිපයකට වැසි බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව කියයි. 01 August 2024
ත්රි‘මල මන්ත්රීත් රනිල් සහායට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට සහාය පළ කරන ශ්රී ලංකා පොදු ජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්රී කණ්ඩායමේ එක් මන්ත්රීවරයකු ලෙස තමන් ද ඉදිරිපත් වී සිටින බව ත්රිකුණාමල දිස්ත්රික් මන්ත්රී කපිල නුවන් මහතා අතුකෝරල මහතා පවසයි. 01 August 2024
ඊශ්රායලයට පහර දෙනු ! කෙළින්ම ඊශ්රායලයට පහර දෙන්නැයි, ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී අණ දී තිබේ. 01 August 2024
කංජිපානි - ලොකු පැටී අත්අඩංගුවට? කෝටිපති ව්යාපාරික සුරේන්ද්ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනයේ මහමොළකරුවන් ලෙස සැලකෙන පාතාල නායක කංජිපානි ඉම්රාන් සහ පාතාල සාමාජික ලොකු පැටී නැමැත්තා අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි. 01 August 2024
පොහොට්ටු අපේක්ෂකයාට ප්රජාතන්ත්රවාදීව සලකන්න රට බංකොලොත් කළ අපේක්ෂකයෙක් තනිවම ඉදිරිපත් කරන්න පොහොට්ටුව ගත්ත තීරණය රටට ඉතාම සුබ බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 31 July 2024
ටිරාන්ට මරණ තර්ජන මහජන ආරක්ෂක අමාත්ය ටිරාන් අලස් මහතාට පාතාලයන්ගෙන් මරණ තර්ජන එල්ලවී ඇති බවට බුද්ධි අංශ මගින් අනාවරණය කරගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ගය කියයි. 31 July 2024
පොහොට්ටුවෙන් තව පිරිසක් රනිල්ට පොහොට්ටුවේ ඉතිරි වී සිටින සුළු පිරිසෙන් තවත් කණ්ඩායමක් ඉදිරි දින කිහිපයේ රනිල් වික්රමසිංහ ජනාධිපතිවරයාට සහාය පළ කිරීම සඳහා එක්වන බව ධීවර රාජ්ය අමාත්ය පියල් නිශාන්ත මහතා පැවසීය. 31 July 2024
බාලදක්ෂයන් රටේ ඉදිරි ගමනට එක් කර ගන්නවා බාලදක්ෂ ව්යාපාරය, ශිෂ්ය භට බලකාය සහ යොවුන් සේනාංකය වැනි තරුණ සංවිධාන සෑම අතින්ම ශක්තිමත් කර රටේ ඉදිරි ගමන වෙනුවෙන් තාරුණ්ය පුළුල් ලෙස දායක කර ගැනීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය. 31 July 2024
කඩු පහරින් වෙන් වු අතේ කොටසද දමා තරුණයා පැන ගිහින් මාරවිල පහල වලහපිටියේදී දෙපිරිසක් ඇතිවු ගැටුමක් අතරතුරදී එල්ලවු තියුණු කඩු පහරකින් ගැටුමට මැදිවු තරුණයකුගේ අතක් මැණික් කටුව අසළින් වෙන්වි ඇති බවත්, අතෙහි එම කොටසද ගැටුම වු ස්ථානයේ දමා තුවාල කරු පැන ගොස් ඇතැයි මාරවිල පොලිසිය කියයි. 31 July 2024
විමල්ට එරෙහි නඩුවක නීති උපදෙස් සඳහා දින දෙයි රජයට අයත් වාහන අයථා පරිහරණය තුළින් ලක්ෂ 90 ක පමණ පාඩුවක් සිදුකළා යැයි චෝදනා එල්ල වී තිබෙන ජාතික නිදහස් පෙරමුණේ කොළඹ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රි විමල් වීරවංශ මහතාට සහ රාජ්ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු නියෝජ්ය සාමාන්යාධිකාරී සමන්ත ලොකු හැන්නදිගේ මහතාට එරෙහිව පවරා ඇති නඩුව නීතිපති උපදෙස් සඳහා ලබන ජනවාරි මස 29 වැනිදා කැඳවන ලෙස කොටුව මහේස්ත්රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (31) නියෝග කළේය. 31 July 2024
ශ්රිලනිපයත් ජනපතිට ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ජයග්රහණය වෙනුවෙන් පූර්ණ සහාය පළ කරන බව ශ්රී ලංකා නිදහස පක්ෂ මධ්යම කාරක සභාව දැනුම් දී ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි. 31 July 2024
චීන ජාතිකයින් 22 රැදීසිටි හෝටල් කාමරයකට මුද්රා පරිගණක අපරාධයක් සිදුකලැයි ඇතිවූ සැකය මත චීන ජාතිකයින් 22 ක් ලැගුම් ගෙන සිටී කළුතර ට ආසන්න හෝටලයක කාමරයකට මුද්රාතබා හෝටලයට පොලිස් ආරක්ෂාව යොදා ඇතැයි කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය කියයි. 31 July 2024
සැත්කමක් සඳහා ශාරුක් ඇමෙරිකාවට මුම්බායි නගරයේ රෝහලකදී බොලිවුඩයේ රජු ලෙස සැලකෙන සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ ඇසෙහි සිදුකළ ශල්ය කර්මයක් වැරදී ඇති බවත් ඉන් ඇසට සිදුවූ හානියට ප්රතිකාර ගැනීම සඳහා ඔහු ඇමෙරිකාව බලා වහා පිටත්ව ගොස් ඇති බවත් ඉන්දීය මාධ්ය වාර්තා කළේය. 31 July 2024
ඉරාන අර්බුදයෙන් ලංකාවට විය හැකි බලපෑම් සොයන්න කමිටු තුනක් ඉරානයේදී සිදුවූ හමාස් සංවිධානයේ දේශපාලන නායකයාගේ ඝාතනයත් සමඟ ඉරානය ඇතුළු මැද පෙරදිග සහ ලෝකයේ ඇතිවිය හැකි තත්ත්වයන් හමුවේ ශ්රී ලංකාවට එල්ල විය හැකි ආරක්ෂක සහ ආර්ථික බලපෑම්වලට මුහුණදීමේ පූර්ව සූදානමක් ලෙස විශේෂ කමිටු 3ක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා කටයුතු කර තිබේ. 31 July 2024
පාන් මිල - බර ගැන ඇමතිවරයා දැඩි තීරණයක පාන් මිල අඩු කිරීමට බේකරි නිෂ්පාදකයින්ට සතියක කාලයක් ලබා දීමට කටයුතු කරන බව වෙළඳ, වාණිජ සුරක්ෂිතතා අමාත්ය නලීන් ප්රනාන්දු මහතා පැවසීය. 31 July 2024
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026