(අමිල චින්තක ගමගේ)
කොළඹ විශ්වවිද්‍යාලයේ 500 වන සනාථන සභා රැස්වීම ඊයේ (31) පස්වරුවේ විශ්ව විද්‍යාලීය විද්‍යාපීඨ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
1979 ජනවාරී 09 වැනිදා පළමු සනාථන සභා රැස්වීමට සහභාගී වූ මහාචාර්ය ජී.ඇල් පීරීස් මහතාට උපහාර සම්මානයක් පිදීමද මෙහිදී සිදුකෙරිණි.
මේ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමක් පැවති අතර එහිදී කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති එච්.ඩී කරුණාරත්න මහතා සදහන් කළේ මෙවර සනාථන සභා රැස්වීම සදහා ආචාර්ය මහාචාර්යවරැ 290 දෙනෙකු සහභාගී වන බවයි.
ෙමාසයකට සැරයක් සනාථන සභා රැස්වීමක් පැවත්වෙන අතර ඒ අනුව කොළඹ විශ්ව විද්‍යාලයට මාස 500 ක් සම්පූර්ණ වීමද අද දිනට යෙදී තිබේ. කොළඹ විශ්ව විද්‍යාලය දැනට ලෝකයේ හොඳම විශ්ව විද්‍යාල 1000 අතරට ඇතුළත් වී ඇති බවද උපකුලපතිවරයා සඳහන් කළේය.
කෝප් කමිටුවේදී මූල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් කොළඹ විශ්ව විද්‍යාලයට විශේෂ ප්‍රශංසාවක් හිමිවුණු බවද ඔහු සඳහන් කළේය.ආරම්භයේදී පීඨ 5 ක් පමණක් තිබූ කොළඹ විශ්ව විද්‍යාලයේ පීඪ සංඛ්‍යාව මේ වන විට 10 ක් දක්වා වර්ධනය වී ඇති බවද උපකුලපතිවරයා සදහන් කළේය .
ඡායාරූප - රුෂිරු කොළඹතන්ත්‍රිගේ
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
කොළඹ සරසවියේ 500 වැනි සනාථන මහ සභාව
Dasun Monday, 05 August 2024 03:29 PM
දේශපාලනයට කඩේ යන්න එපා.
Rama Sunday, 25 August 2024 12:46 PM
@Dasun. මේ ජි එල් පීරිස් ඉන්න ෆොටෝ එක හෝ සම්මානය ගැන දේශපාලනයක් ගාව ගන්න එපා. ඔහු කොළඹ සරසවියේ ආදී ශිෂ්‍යයෙක් සහ මහාචාර්යවරයෙක්. ඉතින් ඔහු ඔය කියන සභාවේ රැස්වීම් 500 කට ගියා නම් ලොකු දෙයක් තමයි. ජී එල් වෙනුවට ඔතැන ජයවර්ධන හෝ රෝහණ විජේවීර හිටියා වුණත් නිර්ණායකය තීරණය වෙන්නේ කොළඹ සරසවියේ දත්ත අනුව නම් අපි ඒ තේරීමට ගරු කරන්න ඕනෑ...!