’’සුදු අලි ආයතන’’ වහන්න හැදූ බියුරෝවත් කෝටි 35ක් ගිලලා පාඩු ලබන රාජ්‍ය ආයතන 32ක් වසා දැමීම හෝ ප්‍රතිව්‍යුහගතකරණය සඳහා පත් කෙරුණු විශේෂ ඒකකයට රුපියල් කෝටි 35ක පමණ මුදලක් වැය කර ඇතත් අපේක්ෂිත අරමුණු මේ දක්වා ඉටුවී නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ. 01 August 2026
හේමසිරිට - පූජිතට එරෙහි සම්පූර්ණ තීන්දුව පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල මරණීය දඬුවම් ඊයේ (31) නියම කළේය. 01 August 2026
රුමේෂ්ගේ හෙල්ලය ලංකාව රනින් බබළවයි ස්කොට්ලන්තයේ ස්කොට්ස්ටවුන් ක්‍රීඩාංගණයේදී පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ 23 හැවිරිදි රුමේෂ් තරංග පතිරගේ සමත් විය. 01 August 2026
කෝටියක අයිස් සමග තුනක් මාට්ටු කල්පිටිය කරඩිපනේ දෙලුම් වගාබිමක විදුලි පද්ධතිය සවිකර ඇති මඩුවේ, පොල්ලෙලි අතර සැගවීමට උත්සහ දරමින් සිටි අයිස් මත් ද්‍රව්‍ය ග්‍රෑම් 433 ක් සහ මිලි ග්‍රෑම් 330 ක්,සැක කරුවන් තිදෙනෙකු ද සමගින්, අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය කියයි. 01 August 2026
ඇල්ජීරියාවේ බසයක් ප්‍රපාතයකට පෙරළෙයි ඇල්ජීරියාවේ අගනුවර වන ඇල්ජියර්ස් නගරයට නැගෙනහිරින් පිහිටි බුමර්ඩෙස් වෙරළබඩ නගරය ආසන්නයේදී මගී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් 25 දෙනකු ජීවිතක්ෂයට පත්ව තවත් බොහෝ දෙනකු තුවාල ලබා ඇති බව එරට බලධාරීහු පවසති. 01 August 2026
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරිටත් මරණ දඬුවම් බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ඉරුදින හෝටල් සහ දේවස්ථාන ඉල්ල කර එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් වැරදිකරු වූ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය මීට සුළු මොහොකට පෙර මරණීය දඬුවම් නියම කළේය. 31 July 2026
පොලිසියෙන් දරුවන් ගැන ඇඟකිලිපොළා යන හෙළිදරුව්වක් ගත වූ මාස 9 ක කාලය තුළ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අවුරුදු 18 ත් 21 ත් අතර වයස් වල පසු වන තරුණ තරුණියන් 7866 ක් සහ අවුරුදු 14 ත් 18 ත් අතර පසුවන පාසල් සිසුන් 743 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී උදයකුමාර වුට්ලර් මහතා පැවසීය. 31 July 2026
එල්.පී.එල් පාවාදුන්න යෝජනා කළ යාපන කිංග්ස් හිමිකරුට ඇප ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ තරග මුදලට පාවාදීම යෝජනා කළේ යැයි අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ යාපනය කිංග්ස් (Jaffna Kings) කණ්ඩායමේ ඉන්දීය ජාතික හිමිකරු ඇතුළු සැකකරුවන් දෙදෙනා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද නියෝග කළේය. 31 July 2026
ඩෙංගු මරණ 62 යි ඩෙංගු වසංගත තත්ත්වය හේතුවෙන් මේ දක්වා සිදුව ඇති මරණ සංඛ්‍යාව 62ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. 31 July 2026
කතරගම ඩිපෝ කළමනාකරු රිමාන්ඩ් තණමල්විල ඩිපෝවේ රියැදුරකුට පහරදුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කතරගම ඩීපෝ කළමනාකාරවරයා ලබන 5 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබැන්නැයි තිස්සමහාරාම මහේස්ත්‍රාත් හිරන්දි කුරේ මහත්මිය නියෝග කළාය. 31 July 2026
තෙල් මිල වෙනස් නොවේ මාසික ඉන්ධන මිල සංශෝධනය යටතේ ලබන අගෝස්තු මාසයේ ඉන්ධන මිල සංශෝධනය නොකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ජේ.රාජකරුණා මහතා අද (31) පැවසීය. 31 July 2026
හිටපු පොලිස්පති පූජිතට මරණ දඬුවම ඒ ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් වැරදිකරු වූ හිටපු පොලිස්පති පූජිත ජයසුන්දරට කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය මීට සුළු මොහොකට පෙර මරණ දඬුවම් නියම කළේය. 31 July 2026
නව හමුදාපතිට පත්වීම් ලිපිය බාරදෙයි හමුදාපති ධුරයට පත් කෙරුණු ලුතිනන් ජෙනරාල් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න මහතා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (31) පස්වරුවේ පත්වීම් ලිපිය බාර ගත්තේය. 31 July 2026
විනිසුරු වයස දික් කිරීම ගැන මන්ත්‍රී දයාසිරිගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණයට එරෙහිව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අද (31) පැමිණිල්ලක් කළේය. 31 July 2026
ලබන මාසයේ ඉන්ධන මිලේ වෙනසක් නෑ මාසික ඉන්ධන මිල සංශෝධනය අනුව අගෝස්තු මාසයේ දී ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදුනොවන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. ඒ අනුව දැනට පවතින ඉන්ධන මිල ගණන් ලබන මාසයේද ක්‍රියාත්මක් වෙයි. ඉන්ධන මිල සුත්‍රය අනුව සෑම මසකම අවසන් දින ඉන්ධන මිල සංශෝධනයක් සිදු වෙයි. 31 July 2026
වැස්ස නැතිව ගලෙන්බිඳුනවැව ජනතාව පීඩාවට ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හුරුළුවැව සහ මනන්කට්ටිය ඇතුළු මහා වැව් මෙන්ම කුඩා වැව් ගණනාවකම ජල මට්ටම මේ වන විට ශීඝ්‍රයෙන් පහත බැසීම හේතුවෙන් ප්‍රදේශයේ ජන ජීවිතය, කෘෂිකර්මාන්තය මෙන්ම සත්ව පාලන කටයුතු ද දැඩි අර්බුදයකට ලක්ව තිබේ. 31 July 2026
රු.මි. 772ක නීතිවිරෝධී දේපළ රජයට පවරා ගැනීමට නීති ආරම්භ කළා 2026 වසරේ මේ වන තෙක් මාස කීපයක කාලය තුළ රු.මි.772 ක් වටිනා නීතිවිරෝධී දේපොළ රජයට පවරා ගැනීමට අවශ්‍ය නීති කටයුතු ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි, එෆ්.යූ. වුට්ලර් මහතා සදහන් කරයි. 31 July 2026
‘‘මාලිමා රජය අධිකරණයත් විනාශ කරනවා‘‘ මාලිමා රජය යටතේ වී ගොවියාත්, ප්රජාතන්ත්රවාදය සහ අධිකරණයත් විනාශයට පත්ව ඇතැයි සමගි ජනබලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 31 July 2026
වෛද්‍ය උපකරණ හදන කම්හල සුව ඇමතිගේ නිරීක්ෂණයට එක්සත් රාජධානියේ Flexicare Group සමාගමට පූර්ණ අනුබද්ධ බණ්ඩාරගම, රයිගම ප්‍රදේශයේ ස්ථාපිත Flexicare Lanka (Pvt) Ltd. ආයතනයේ නවීන වෛද්‍ය උපකරණ නිෂ්පාදන කර්මාන්ත ශාලාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද නිරීක්ෂණය කළේය. 31 July 2026
කටානේ අනතුරින් පසු කන්ටේනරයට ගිනි තැබූ තුනක් අත්අඩංගුවට මීගමුව - මිනුවන්ගොඩ මාර්ගයේ බොලවලාන ප්‍රදේශයේදී තරුණයන් දෙදෙනකුට මරු කැඳවමින් යතුරුපැදි දෙකක් කන්ටේනර් රථයක ගැටීමේ සිද්ධියෙන් පසු කන්ටේනර් රථයට ගිනි තබා හානි සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනකු කටාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 31 July 2026
මහනුවර නගර සංවර්ධන ව්‍යාපෘතියේ සේවකයෙක් පස් කන්දකට යටවේ මහනුවර නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මහනුවර විලියම් ගොපල්ලව මාවතේ සේවය කළ කම්කරුවකු ඉදිකිරීම් කටයුත්තක යෙදී සිටියදී පස්කන්දකට යට වී (31) බරපතළ තුවාළ ලබා ඇති බව මහනුවර පොලිස් මූලස්ථානය පවසයි. 31 July 2026
නව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න නව යුද හමුදාපතිවරයා වශයෙන් ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා පත්කර ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නිර්දේශ මත එම පත් කිරීම සිදුකර ඇත. 31 July 2026
සුළු හා මධ්‍ය පරිමාන සහල් කර්මාන්ත කරුවන්ගෙන් රජයට කොන්දේසියක් සුළු හා මධ්‍ය පරිමාන සහල් කර්මාන්ත කරුවන්ට වී මිලදි ගැනිම සඳහා ලබා දෙන බැංකු ණය මාස හය, වසරක් දක්වා දිර්ඝ කිරිමටත් ඔවුන්ට ලබා දෙන පොලි අනුපාතය සියයට තුන දක්වා පහත හෙළිමටත් රජය කටයුතු කළොත් රජය නියම කර තිබෙන මිලට ගොවියාගේ වී මිලදි ගැනිමට තම සංගමය කටයුතු කරන බව ලංකා සුළු හා මධ්‍ය පරිමාන සහල් කර්මාන්ත කරුවන්ගේ සංගමයේ සභාපති ඒ. එම්. නිශාන්ත අත්තනායක මහතා පවසයි. 31 July 2026
ඇමෙරිකන් නිලධාරීන්ට වැරදිලා: අප්‍රිකා රටවල් වෙනස් කරලා බ්‍රසීලයේ පැවැති ඒඩ්ස් නිවාරණය සම්බන්ධ සමුළුවකදී, ඊට සහභාගී වූ ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතින් වරදක් සිදුවිය. ඒ වරද සම්බන්ධයෙන් මේ වනවිට ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව සමාව ඉල්ලා ඇතැයි ද වාර්තා වේ. 31 July 2026
මෙරට සිරි බලන්න ආ ස්විස්ටර්ලන්ත ජාතික වෛද්‍යවරයා මිය ගිහින් ස්ව්ස්ටර්ලන්තයේ සිට සංචාරයක් සදහා බිරිද ,සිගිති දියණියන් දෙදෙනා සමග මෙරටට පැමිණි ස්විස්ටර්ලන්ත ජාතික වෛද්‍යවරයකු හදිසියේ රෝගී වී මියගිය බව දියතලාව පොලිසිය පවසයි. 31 July 2026
හැකරැ සිද්ධිය: මැතිසබා විවාදය 5 වැනිදා ඕස්ට්‍රේලියාවට ගෙවීමට තිබූ ඇමරිකානු ඩොලර් ලක්ෂ 25 ක ණය මුදලක් සයිබර් අපරාධකරැවන් පිරිසක් වංචා කිරීමේ සිද්ධියට අදාළ රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තාව පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදයක් ලබන මස 5 වැනිදා පෙ.ව 11.30 සිට ප.ව 5.30 දක්වා පැවැත්වේ. 31 July 2026
යෝග උපදේශකගෙන් ලෝක වාර්තාවක් ඉන්දීය ජාතික යෝග උපදේශක 38 හැවිරිදි කමාල් කලෝයි, සිය ශ්වසන පාලන හැකියාව සහ ශාරීරික ශක්තිය මැනවින් යොදාගනිමින් ගින්ස් ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත්ව සිටී. 31 July 2026
බඹර ප්‍රහාරයෙන් අයෙක් මරුට:පහක් රෝහලට ලිදුල පොලිස් වසමට අයත් ෆාමස්ටන් තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වූ බඹර ප්‍රහාරයකින් 61 හැවිරිදි වතු කම්කරුවකු ජිවිතක්ෂයට පත් වී තවත් පස් දෙනකු ලිදුල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බව ලිදුල පොලිසියේ නිළධාරියෙක් පැවසිය. 31 July 2026
ස්පාඤ්ඤ ගොඩබිම් තීරුවට අනවසර සංක්රමණිකයෝ කඩා වදිති උතුරු අප්‍රිකා වෙරළ තීරයට ඔබ්බෙන්, මධ්‍යධරණී මුහුදෙන් සහ ජිබ්‍රෝල්ටාර් සමුද්‍ර සන්ධියෙන් වටවුණු ස්පාඤ්ඤයට අයත්, මොරොක්කෝව ආසන්නයේ පිහිටි ‘සෙයුටා’ නමැති කුඩා ගොඩබිම් තීරයට අනවසර සංක්‍රමණිකයන් පිරිසක් කඩා වැදීමත් සමග දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත්තේය. 31 July 2026
2026 මුල් මාස හයේ ත්‍රිකුණාමලය වරායේ ලාභය රුපියල් මිලියන 958 අනතුරුව වරාය අධිකාරියේ ජේෂ්ඨ නිළධාරීන් සමඟ 2026 වසරේ ත්‍රිකුණාමලය වරායේ ප්‍රගතිය ගැන සාකච්ඡාවකට සහභාගී වූහ.එහිදි වරාය නේවාසික කළමණාකාර සරත් කුමාර මහතා 2024 වසරට වඩා 2025,2026 වසර වල වරායේ මෙහෙයුම් කටයුතු ගැන කරුණු පැහැදිළි කර අතර, 2025 වසරේ ඉපයූ ශුද්ද ලාභය රුපියල් මිලියන 1129 බවත් 2026 ගොවුණු මාස හයේ රුපියල් මිලියන 958 ලාභයක් ලබා ඇති බවත් ප්‍රකාශ කළේය. 31 July 2026
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026