
(නිමල කොඩිතුවක්කු)
මාලිමා රජය යටතේ වී ගොවියාත්, ප්රජාතන්ත්රවාදය සහ අධිකරණයත් විනාශයට පත්ව ඇතැයි සමගි ජනබලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
එක් පැත්තකින් වී කිලෝවට රු. 17ක් පාඩු කරන මාලිමා රජය අනෙක් පසින් ප්රජාතන්ත්රවාදයේ පදනම වන ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණ යන කුළුණු 3න් අධිකරණය යන කුළුණ ද විනාශ කරමින් යන බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ගොවි ගැටලු සාකච්ඡා කිරීමේ අරමුණින් සූරිය වැව හබරත්තවල පැවැති ජන හමුවක් අමතමිනි.
එදා 33%කින් විදුලි බිල අඩු කිරීම, වරායේ ගොඩබාන මිලටම තෙල් ලබාදීම සහ ලක්ෂ 12 ට විට්ස් මෝටර් රථයක් ලබාදීම වැනි පොරොන්දු කිසිවක් ඉටු නොවුනත් ආණ්ඩුව අධිකරණයට බලපැම් කරමින් සිටින බවත් ප්‍රේමදාස මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd