
(පුෂ්ප කුමාර මල්ලව ආරච්චි)
මීගමුව - මිනුවන්ගොඩ මාර්ගයේ බොලවලාන ප්‍රදේශයේදී තරුණයන් දෙදෙනකුට මරු කැඳවමින් යතුරුපැදි දෙකක් කන්ටේනර් රථයක ගැටීමේ සිද්ධියෙන් පසු කන්ටේනර් රථයට ගිනි තබා හානි සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනකු කටාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මීගමුව - මිනුවන්ගොඩ මාර්ගයේ 2 කණුවත් 3 කණුවත් අතර බොලවලාන ප්‍රදේශයේදී මාර්ගය හරහා හරවමින් තිබූ කන්ටේනර් රථයක, මීගමුව දෙසට වේගයෙන් ධාවනය වූ යතුරුපැදි දෙකක් පසුගිය 29 වන දින රාත්‍රී 11.10 ට පමණ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.
අනතුරින් යතුරුපැදිවල ගමන් කළ වයස අවුරුදු 18 සහ 20 යන වයස්වල පසුවූ මීගමුව, දාගොන්න ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්විය.
අනතුර සිදුවූ අවස්ථාවේදී කන්ටේනර් රථයේ රියදුරු කටාන පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, එම අවස්ථාවේ පිරිසක් ප්‍රකෝපකාරී ලෙස හැසිරෙමින් කන්ටේනර් රථයට ගිනි තබා අලාභහානි සිදුකර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කටානේ ඉන්නවද හරියට ඉගෙනගත් අය බහුතරයක් ඉන්නේ කසිප්පු බොන අය මොලයක් තියෙනවා නම් ඔහොම ගිණි තියෙන්නේ නැහැනෙ මොකද පාර හරහා තියෙද්දි ගිහින් වද්දගත් උන්ගේ වරද වේගයෙන් ගිහින් උන්ට බබයික් දුන්න උන්වයි ගිණි තියන්න ඕන ඕක තමයි පාරවල් වල ගහලා තියෙන්නේ බෝඩ් වල ලොකු අකුරෙන් අධික වේගය මරුකැදවයි කියලා එක ඔප්පු උන අවස්ථාවක් අවුලක් නැහැ කාදිනල්ගේ අයනේ ඉන්නේ දෙවියන්ට වහන්සේගේ කැමැත්ත වෙන්නැති ඔවුන්ට අමිහිරි කටුක මරණය හිමිකලේ
මහ රෑට පාරේ රේස් පදින්න මෝටර් සයිකල් අරගෙන. දෙන මහ එවුන්ට දැනෙන්න දඬුවමක් දෙන්න බෑරිද?