ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශ්ව සෞඛ්‍ය සමාලෝචනය ලංකාවේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශිත විශ්ව සෞඛ්‍ය සහ පෙර සුදානම් සමාලෝචනය ශ්‍රී ලංකාව තුළ පැවැත්වීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 25 August 2026
සිවිල් නඩු විධාන සංග්‍රහ සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවට සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 25 August 2026
දීට්වා කැඩූ පාලම් හදන්න චීනය අතහිත ’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් හානියට පත්ව ඇති පාලම් 14 ක් ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 25 August 2026
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් පත් කරයි පුරප්පාඩුව පවතින මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් තනතුර සඳහා එයාර් වයිස් මාෂල් (විශ්‍රාමික) තුෂාර ඉඳුනිල් ප්‍රනාන්දු මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි කොන්ත්‍රාත් පදනම මත පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත. 25 August 2026
විසිදෙක මැතිසබා න්‍යාය පුස්තකයට ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කෙරෙන විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා (සංශෝධන) පනන් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට ඇතුළත් කරනු ලැබ ඇත. 25 August 2026
නීතිඥ සංගමය ළඟ විරෝධය ඒකාබද්ධ විපක්ෂය හෙලා දකියි ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයන් හැටියට පෙනී සිටි පිරිසක් නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට පෝස්ටර් අල්ලාගෙන නීතිඥ සංගමය සහ එහි සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය විවේචනය කිරීම හෙලා දකින බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය. 25 August 2026
අලුත් අවුරුදු නැකැත් සීට්ටුව නිකුත් කෙරේ 2027 වසරේ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව නිකුත් කර තිබේ. 25 August 2026
ඉන්දීය විදේශ ඇමැති රැසියන් ජනපති හමුවෙයි දෙරට අතර පවතින ආර්ථික සබඳතා තවත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින්, ඉන්දීය විදේශ කටයුතු අමාත්යන එස්. ජයිශංකර්, රුසියාවේ නිල සංචාරයක නියැලෙයි. 25 August 2026
ප්‍රජා සවි බල ගැන්වීම් වැඩ අමාත්‍යංශවලට ඒකාබද්ධව කරන්න උපදෙස් ප්‍රජා සවිබල ගැන්වීම සහ සමාජ රැකවරණය ලබා දීම ඒකාබද්ධ කිරීම සම්බන්ධයෙන් වගකීම් දරන සියලු රාජ්‍ය ආයතන මනා සම්බන්ධීකරණයෙන් කටයුතු කළ යුතු බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පැවැසීය. 25 August 2026
ඕමාන විදේශ ඇමැති ඉරානයට ඕමාන විදේශ අමාත්‍ය සයියිඩ් බදර් බින් හමාද් අල් ඉරානයේ නිල සංචාරයක නියැලුණි. ඒ, ඇමෙරිකාවේ දැඩි විරෝධය මධ්‍යයේය. 25 August 2026
ත්‍රස්ත ලැයිස්තුවෙන් සිරියාව ඉවතට සිරියාව තවදුරටත්, ත්රස්තවාදයට අනුග්‍රහය දක්වන රටක් නොවන බව ඇමෙරිකාව පවසයි. ඒ අනුව, ඇමෙරිකාව විසින් නම් කරනු ලැබූ ත්රස්තවාදයට අනුග්‍රහය දක්වන රාජ්‍ය ලැයිස්තුවෙන් සිරියාව ඉවත් කරන බව ඇමෙරිකා එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. 25 August 2026
සෞදි කුමරු ප්‍රංශයේ සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු ප්‍රංශයේ දෙදින නිල සංචාරයක නිරත වෙයි. කුමරු, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් හමුවී, ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය. ඒ, පැරිස් අගනුවර ඉලීසේ ප්‍රංශ ජනාධිපති මන්දිරයේදීය. 25 August 2026
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි. 25 August 2026
බස් ලලිත් රැගෙන එයි මෙරට තුළ අපරාධ , මිනීමැරුම් , සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කර ඩුබායි වෙත පළා ගොස් සැගවී සිටි කන්නන්ගරගේ ලලිත් කන්නන්ගර නොහොත් බස් ලලිත් නොහොත් කුඩු ලලිත් නැමැත්තා 08/25 දින අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීවරුන් කණ්ඩායමක් විසින් එරට දී අත් අඩංගුවට ගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන පැමිණියහ . 25 August 2026
එල් නිනෝ තව දරුණු වෙයි එල්නිනෝ තත්ත්වයේ බලපෑම හේතුවෙන් පවතින වියලි කාලගුණයෙන් පවුල් 25628 කට අයත් පුද්ගලයන් 81865 කට බලපෑම් එල්ල වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 25 August 2026
හදිසි තත්වයක් නිසා කොළඹ - ගම්පහ ජල සැපයුම නවතී කැලණි ගඟෙන් ජලය ලබා ගන්නා ස්ථානය ආශ්‍රිතව ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හැකි හදිසි තත්ත්වයක් හේතුවෙන්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දැනුම්දීම මත, කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට ජලය බෙදාහරින අඹතලේ හා කැලණි දකුණු ඉවුර ජල පවිත්‍රාගාරවල ජල සැපයුම අද (25) දින අලුයම සිට තාවකාලිකව අත්හිටුවීමට සිදුව ඇතැයි ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි 25 August 2026
අඛණ්ඩ විදුලි සැපයුම අවදානමක ‘එල්නිනෝ’ තත්වයේ බලපෑම මත ඉදිරියේදී මෙරට අඛණ්ඩව විදුලිය සැපයුමට ගැටලුවක් ඇතිවිය හැකි බවත් එසේ වුවහොත් විදුලි කප්පාදුවකට යෑමට ඇති අවදානමට පුනර්ජනනීය විදුලි නිෂ්පාදන ප්‍රභවයන් හරහා විසඳුම් සොයමින් සිටින බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මහාචාර්ය කේ.පී.එල්. චන්ද්‍රලාල් මහතා අද පැවසීය. 25 August 2026
පාස්කු නඩුවේ තීන්දුව සැප්තැම්බර් 22 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය කුමන්ත්‍රණය කිරීම ආධාර අනුබලදීම ඇතුළු චෝදනා 23270 ක් එල්ල කරමින් විත්තිකරුවන් විසි හතර දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ තීන්දුව සැප්තැම්බර් 22 වැනිදා ප්‍රකාශයට පත් කරන බව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද දැනුම් දුන්හ. 24 August 2026
දෙවන රන්දෝලි පෙරහර වීදි සරති මහනුවර ඇසළ පෙරහැරේ දෙවන රන්දෝලි පෙරහර මීට සුළු වේලාවකට පෙර වීදි සංචාරය කිරීම ආරම්භ කළේය. 24 August 2026
සූර්ය බලශක්ති විදුලි ඒකකයක මිල නියම කරයි බැටරි ගබඩා පද්ධතියක් සහිත පාවෙන සූර්ය බලශක්ති විදුලි නිෂ්පාදනාගාරයකින් විදුලි ඒකකයක් හෙවත් කිලෝවොට් පැයක් රාත්‍රී කාලයේදී රුපියල් 57.64 ක සහ නාගරික ඝන අපද්‍රව්‍ය යොදාගෙන නිපදවන විදුලි ඒකකයක් රුපියල් 56.55 කට මිලදීගන්නා බව මහජන උපයෝගිතා කොමිසම අද (24) නිලවශයෙන් නිවේදනය කළේය. 24 August 2026
වතුර යැයි රසායනයක් පානය කළ දැරියක් මරුට ගම්පොළ පුපුරැස්ස ඩෙල්ටාවත්ත ප්‍රදේශයේ ඥාති නිවසකට වවුනියාව ප්‍රදේශය සිට පැමිණි තුන් හැවිරිදි දැරියක් ජලය යැයි සිතා එම නිවසේ තිබූ එළකිරි කල්තබා ගැනීමට යොදන රසායනික ද්‍රව්‍යය පානය කිරීමෙන් මිය ගොස් ඇති බව ඒ වෙනුවෙන් ගම්පොළ රෝහලේ පැවැත්වූ මරණ පරික්ෂණයේදී හෙළි විය. 24 August 2026
22කට එරෙහිව පෙත්සම් 21ක් 22 ආණ්ඩුව ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් අධිකරණයේ ස්වාධීනත්වයට සහ නීතියේ ආධිපත්‍යයට හානිවන බව සඳහන් කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අවභාවිතා වන බව ප්‍රකාශ කරන ලෙසද එම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම වස්ථාවට පටහැනි බව ප්‍රකාශ කරන ලෙසද එම පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට ජනමත විචාරණයකට යොමු කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ශව 21 ක් අද වනවිට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ගොනුකර ඇත. 24 August 2026
දිස්ත්‍රික්ක කිහිපයකට හෙට ගිගුරුම් සහිත වැසි අම්පාර, මොණරාගල සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක හෙට(25) පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 24 August 2026
ඌව පරණගම එළවළු කොටුවක් ගිලා බැහැලා ඌවපරනගම ගලහගම ප්‍රදේශයේ එළවලු කොටුවක් වර්ෂාවත් නොමැතිව පවතින දැඩි වියලි දේශගුණික තත්ත්වයත් පැවැතිය ද අද (24) පස්වරුවේ ගිලාබැසීමට පටන්ගෙන ඇතයි ආපදාකළමනාකරන මධ්‍යස්ථානය පවසයි. 24 August 2026
හෝමාගමදී ත්‍රීරෝද රථයක් ගිනි ගනියි ආබාධිත පුද්ගලයකු පදවාගෙන ආ ත්‍රී රෝද රථයක් හිටි හැටියේ ගිනිගෙන විනාශ වී ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය කියයි 24 August 2026
ගිනියා කුණු කන්ද 30 දෙනකු බිලි ගනී බටහිර අප්‍රිකාවට අයත් ගිනියා රාජ්‍යයේ කොනැක්රි අගනුවර කුණු කන්දක් නායයෑමෙන්, 30 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. මෙම කුණු කන්ද ඇත්තේ ‘ඩාර්-එස්-සලාම්’ ප්රදේශයේය. එය පාමුල පැල්පත් නිවාස රැසකි. මහ වැසි සමග, මෙම කුණු කන්ද නාය ගියේ පැල්පත් සියල්ල යට කරමිනි. 24 August 2026
ක්‍රිකට් නායකයන්ගෙන් පාකිස්තාන අගමැතිට ලිපියක් දූෂණ චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය මෙන්ම, පාකිස්තාන විපක්ෂ නායකයා ද වන ඉම්රාන් ඛාන් සම්බන්ධයෙන් විශේෂ ලිපියක් පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාට ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 24 August 2026
කොළඹ කොටුව සංචාරක කලාපයක් කරන්න ලෝක බැංකු සහය ලෝක බැංකු ණය සහ ආධාර යටතේ ක්‍රියාත්මක කෙරෙන කොළඹ කොටුව සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය මෙන්ම මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය පිළිබඳව ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන ලෝක බැංකු කළමනාකරු Gevorg Sargsyan මහතා ඇතුළු නියෝජිත කණ්ඩායමත්, ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතාත් අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදි අද (24) පෙරවරුවේ පැවැත්විණි. 24 August 2026
නවසීලන්ත දරුවන්ට සමාජ මාධ්‍ය තහනමක් ? අවුරුදු 16 ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීම සඳහා වන නව පනත් කෙටුම්පතක් නවසීලන්ත රජය එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. 24 August 2026
විසිදෙකට මන්ත්‍රීලා බිලිබාන මෙහෙයුමක් ආන්දෝලනයට තුඩුදී ඇති විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත් පිළිබඳ ඡන්ද විමසීමේදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහාය ලබාගැනීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ රහසිගත සාකච්ඡා ආරම්භ කර ඇතැයි වාර්තාවේ. 24 August 2026
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026