
(අංජුල මහික වීරරත්න)
සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
සාක්ෂිය ශ්‍රව්‍ය දෘශ්‍ය සම්බන්ධතාව මඟින් පාර්ශ්වයන්ගේ එකඟතාව මත, අධිකරණය හමුවේ විභාග වන නඩු කටයුත්තක් සම්බන්ධයෙන් පාර්ශ්වයක් හෝ පාර්ශ්වයන් විසින් සිදු කරනු ලබන ඉල්ලීමක් මත හෝ තමන්ගේම මෝසමක් මඟින් සිදු කරනු ලබන ඉල්ලීමක් මත, ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් පිටත ඕනෑම ස්ථානයක සිට සමකාලීන ශ්‍රව්‍ය දෘශ්‍ය සම්බන්ධක හරහා සාක්ෂි ලබා දීම සඳහා තැනැත්තන් යොමු කිරීම පිණිස අධිකරණයට බලය ලබා දෙමින් සිවිල් නඩු විධාන සංග්‍රහයේ අදාළ විධිවිධාන සංශෝධන කිරීම සඳහා 2025-01-20 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.
ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් කෙටුම්පත් කරනු ලැබ ඇති සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ අවසරය ලැබී ඇත. එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd