කූඨ ලේඛණ හැදුවැයි බෞද්ධ සමිතියක හිටපු සභාපති රිමාන්ඩ්
ව්‍යාජ අත්සන් යොදා කූඨ ලේඛණ සකස් කර කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සමිතියේ මුදල් රුපියල් දෙලක්ෂ එක්දහස් හයසිය හැත්තෑපහක මුදලක් වංචා කළැයි කියන සිද්ධියකට අදාළව එම සමිතියේ හිටපු සභාපතිවරයකු ලබන 23 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ මහත්මිය අද (16) නියෝග කළාය.