විනීතා එම් ගමගේ
ආණ්ඩුව වෛරී ප්‍රකාශ පාලනයට මුවාවී සමාජ මාධ්‍ය ජාල තහනම් කර ඇත්තේ ආණ්ඩු විරෝධය මර්දනය කිරීමට යැයි පිවිතුරු හෙළ උරුමය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.
ජනතාවට ෆේස් බුක් තහනම් කර ජනාධිපතිවරයා හා අගමැතිවරයා පමණක් එම මාධ්‍ය භාවිතා කිරීම කොතරම් සදාචාරසම්පන්න දැයි හෙතෙම ප්‍රශ්න කළේය.
සාමජ මාධ්‍ය ජාල තහනම් කරමින් ආණ්ඩුව ලෝකයට විහිලූ සැපයීම නොනවත්වා කරන්නේ යැයි ද ඔහු තව දුරටත් ප්‍රකාශ කළේය.
පිවිතුරු හෙළ උරුමය නායකයා මේ අදහස් පළ කළේ එම පක්ෂයේ මුලස්ථානයේ අද (12) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. එහි දී තව දුරටත් අදහස් දැක්වු ගම්මන්පිල මහතා මෙසේ ද පැවැසීය.
‘‘මහනුවර ඇති වුණු ගැටුම ඉවරයි. ඇඳිරි නීතියත් ඉවරයි. හදිසි නීතියත් අනිද්දායින් ඉවරයි. නමුත් ෆෙස්බුක් තහනම තවම ඉවර නෑ. ආණ්ඩුව මේ හදන්නේ දඹුලු ගිහින් තලගොයි මරන්නයි. වෛරී ප්‍රකාශ පාලනයට මුවා වෙලා ආණ්ඩු විරෝධය මර්දනය කරන්නයි.
පසුගිය කාලයේ ආණ්ඩු විරෝධයේ උල්පත වී තිබුනේ සමාජ මාධ්‍ය ජාලාවන්. ඒ නිසා මේ ඇති වු කලබලයට මුවා වෙලා සමාජ මාධ්‍ය ජාලා මර්දනය කිරීමේ වෑයමක යහපාලනය සහ ප්රකාශනය හා නිදහස පොරොන්දු වී බලයට පැමිණි ආණ්ඩුව මේ මොහොතේ යෙදී සිටින බව ඉතාම කණගාටුවෙන් උනත් සිහිපත් කරන්න අවශ්‍යයි. ඊට අපි ඉඩ දෙන්නේ නෑ කියන එකත් ජනතාවට අවධාරණයෙන් සිහිපත් කරනවා. ‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතිවාදී අය අප්සට් වෙලා වගේ... මෙයා ජනපති, අගමැති බලතල ඉල්ලනේ. ජාතිවාදී අයට අවශ්‍ය වල් බූරු නිදහස දෙනවද? රට හදනවද? නැතිනම් ජාතිවාදී අයට බය වෙලා සිටිනවද?
අනේ ලොක්කෝ, අගමැති, ජනාධිපති ෆලෝ කරන්නේ මෙහෙ ඉන්න ලෝකල් අකවුන්ට් අයිතිකාරයන් විතරක් නෙවේ. විදේශ මාධ්‍ය ආයතන ඒ පොස්ට් උපුටා නිව්ස් ලෙස ඉදිරිපත් කරනවා. ඒ ඕක තේරුම් ගන්න බැරිවද? නැතිනම් කපටිකමද? මෝඩ මිනිස්සු ඇන්දිලි දැන්වත් නවත්වන්න.
ඔයාගෙත් එෆ්.බී. වැඩනේ.. බොරු එපා ලොක්කා. කරුණාකරලා මේ ගොන් වැඩ නවත්තලා රටට වැඩක් කරන්න. අපේ සල්ලි වලින් තමයි ඔයාට පඩි ගෙවන්නේ...
මේ ජඩපාලකයින් කියන්නේ වසල, ද්‍රෝහී පිරිසකි. මේවාට මුක්කු ගහන ඉන්න කුමන්ත්රණකාරී එන්.ජී.ඕ. අයට, ඩොලර්වලට වන්දිභට්ටකම් කිරීම හැර කිසිවක් නොකරයි. මේ නිවට අධමයින්ව පලවා හැරිය යුතුයි.
ඔබතුමාලා ගල් යුගයේ හිටියට චීනය වගේ නූතන ලෝකය සමාජ ජාලා පාවිච්චි කරනවා.
ෆේස්බුක් නිර්මාතෘ සකර්බර්ග් එයාගේ ළමයි දෙන්නට ලඟකදී දිපු අවවාදයක් තමයි, " ෆේස්බුක් පාවිච්චි කරන්න එපා, ගොඩක් දරුවෝ ළමාකාලය ඒ නිසා නැතිකරගත්තා" ය කියලා.. ඉතින් තව මොනවද?
‘හුළං ගෙදර‘ වෙනුවට ‘ගම්මන්පිළ උඩ‘ යනුවෙන් අලුත් වැඩසටහනක් ඉදිරිපත් කරන්නේ නම් හොඳයි.
ජනතාවට ෆේස් බුක් තහනම් කරලා ලැජ්ජාවක් නැති නායකයෝ දෙන්නා ෆේස් බුක් යනවා.
අපිට ෆේස්බුක් එකක් නැතිව නිදාගන්නවත් බැහැ.