නිමන්ති රණසිංහ
හදිස්සි නීතිය ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවේදී ජාතීන් අතර සංහිඳියාව බිඳදැමීමේ අරමුණින් සමාජ ජාල මගින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළේ යැයි කියන පාසැල් සිසුවා ලබන 26 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් බණ්ඩාර මහතා අද (12) නියෝග කළේය.
මෙම චෝදනාවට සිසුවා වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් විසින් ඇප ඉල්ලා තිබු අතර අදාළ සිද්ධියට මෙම අධිකරණයෙන් ඇ ප ලබා දිය නොහැකි බව සඳහන් කරමින් මහේස්ත්‍රාත්වරයා සිසුවා ගෙ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ඊයේ, පෙරේදා මම දැක්ක බීමතින් රිය පදවපු දේශපාලයකුගේ පුතෙකු රිය අනතුරු සහ පිස්තෝලයක් සමඟ අල්ලා, එක වරම අැප මත නිදහස් කළා. මේ වගේ සිද්ධීන් අපමණ සිදුවනවා. දේශපාලකයින්ගේ යාළුවන් කුඩු සමග අහුවෙලත් නඩුත් නැතුව නිදහස්, මේ සිසුවා හට එවැනි සම්බන්ධකමක් නැතිකම ඇප නොලැබීමට හේතුව විය හැකිය. එකම රටේ නීති දෙකක්..
මේ තරුණයා විතරක් නෙවෙයි අනාදිමත් කාලයක පටන් ශ්‍රී ලාංකික සමාජයට මහා හිසරදයක් වුණු චණ්ඩි පුතාලාවත් මට්ටු කරන්න. නීතිය හැමෝටම එක සමාන නැති කොට ජාති භේද නැති කරන්නේ කොහොමද?
අන්තර් විශ්වවිද්‍යල ශිෂ්‍ය බල මණ්ඩලය විශ්ව විද්‍යාල අධ්‍යාපනය විනාශ කරන්නට යොදා ගනු ලබන්නේ පළමු වසරේ සිසුන්.. කිසිවක් නොදන්න නිසා විශ්ව විද්‍යාලයට ආව ගමන් ඔවුන් මේවට පෙළඹවාගන්න හැකියා තිබේනවා.. රට අස්ථාවර කරන්න මාන බලන කාලකණ්නි දරුවන් මෙවැනි දේ සඳහා යොදා ගැනීම සිදුව ඇති බව පේනවා.. නොතේරෙන දරුවන් මේ සඳහා ඉක්මනින් පොළඹවා ගත හැකි නිසා දෙමව්පියන්ද මීට වගකිව යුතුයි.. දරුවන් ගැන අවධානය මේ වනවිට සියලු දෙමව්පියන් පවා අමතක කර තිබෙනවා. මේ දරුවාද අසරණයි.. උගත් යමක්, කමක් තේරෙන කිසිවකු ව්‍යජ දේ ප්‍රකාශ නොකරන නමුත් කුඩා දරුවන්ට මේවා මානසිකව කාවද්දා ඔවුන් මාර්ගයෙන් කරන බව පෙනී යයි.. පාසල් පද්ධතිය දෙමව්පියන්, දරුවන් දැන්වත් හරි විදියට දනුවත් කළ යුතුයි.. බොරු ව්‍යාජ අයට හසු නොවන්න.. සියලු දරුවන්ට, දෙමව්පියන්ට මෙය හොඳ පාඩමකි...
මෙන්න මේක තමා බහුතරයක් ෆේස්බුක් එකේ තියෙන පිටු වල යථාර්තය. ඡන්දෙ දෙන්නවත් වයස නැති අය රටේ දේශපාලනය කොහොම වෙන්න ඕනෑද කියලා අර්ථකතන දෙනවා. අපේ රටේ ඉන්න බහුතරයක් ඒවා කිසිම හෙවිල්ලක්, බැලිල්ලක් නැතුව ඔහේ ෂෙයාර් කරනවා. රැල්ලට යනවා මිසක් යථාර්තයක් දකින්නේ නෑ. ඇමරිකාව සමරිසි විවාහ පිළිගත්තා. එ්කට ෆේස්බුක් එකෙන් දේදුන්නක් ප්‍රොෆයිල් ෆොටෝ එකට දාන්න දුන්නම ලංකාවේ අයත් ඉක්මණට එකට මාරු වුණා. එ්ත් හේතුවක් දන්නේ නෑ.
එහෙන් මෙහෙන් සමාජ විරෝධී වැඩ කරන සාමාන්‍ය මිනිස්සු අල්ලලා විතරක් හරියන්නේ නැහැ. හැදෙන පරපුර ආදර්ශයට ගන්නේ දේශපාලකයින්ගේ පුතාලාව. සමාජ විරෝධී වැඩකරලා සුදුසු දඬුවම් ලැබෙනවා වෙනුවට බේරිලා යන්න ඕනෑ තරම් මාර්ග තිබෙද්දීම සාමාන්‍ය ජනතාවට විතරක් ඇඟිල්ල දික් කරන්න එපා කියලා මම සියලුම දේශපාලනයන්ගෙන් ඉල්ලා සිටිනවා. ඉස්සෙල්ලාම ඔබතුමන්ලාගේ ගෙවල් ඇතුලේ සුද්ධ කරලා සමාජ කුණු සුද්ධ කරන්න යන්න.
දේශපාලකයින් සාමාන්‍ය ජනතාව වරදක් කළොත් උඩු බුරනවා. එ්ත් තමන්ගේ ගෙවල් වල ඉන්න මිනිස්සු ටික මට්ටු කරගන්න බැහැ. සමාජ විරෝධී වැඩ කරන දේශපාලක පුතාලා මට්ටු කරලා.. ඊට පසුව රටේ මිනිස්සු පස්සෙන් එලවන්න. කොයි ආණ්ඩුවත් කරන්නේ බේබිලා ටික පරිස්සම් කරකර රටේ සාමාන්‍ය මිනිස්සුන්ට ඇඟිලි දික් කරන එක. ඊයේ පෙරේදා ඇප පිට නිදහස් වුණු සමහරු පාසල් වියේ සිට විනය විරෝධී වැඩ කර අසු වුණු උදවිය. එ්ත් ඉතින් දේශපාලන අනුහසින් නිදහස්. !!!
මේ තරුණයා විතරක්ද ඊයේ පෙරේදා සමාජ විරෝධී වැඩ කරලා තියෙන්නේ? අර නිතරම පාහේ විනය විරෝධී මැර වැඩ වලට සුප්‍රසිද්ධ දේශපාලක පුත්‍ර රත්නය කොහොමද ලේසියෙන් නිදහස් වුණේ?
අපි බොහොම පිළිකුල් කරනවා. ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරවීමේ දෙබිඩි ප්‍රතිපත්තිය. මේ තරුණයා වරදක් කර ඇති නම් දඬුවම් දීම අනුමත කරන අපි, දේශපාලකයින්ගේ පුතාලට කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නීතිය ක්‍රියාත්මකවීම හෙලා දකිනවා.
මේ ළමයාට මේක තනියම කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. කරුණාකර මහා මොළ කාරයින්වත් අල්ලා ගන්න. එතන දේශපාලකයෙක් හිටියොත් නඩුව යට ගහන්න නම් එපා. ඊයේ, පෙරේදා සමාජ විරෝධී වැඩක් කරලා බොහොම ලේසියෙන් ගැලවුණු දේශපාලක පුත්‍රයින් වගේ උදවිය මීටත් වඩා මහජනයාට හිසරදයක් බව ආණ්ඩුවට තවම තේරිලා නැහැ.
මේක මාර වැඩක් නේ ! අවුරු ගාණක් ජාතික ධනය හොරාකාපු කට්ටිය ජොලියේ ඉන්නවා. ඊළගට මහබැංකුව හොරාකාපු අයත් යහතින් ඉන්නවා. මේ පොඩි එකා බන්ධනාගාරේ ! මේකත් රටක්ද?