
(යොහාන් භාසුර)
ලිට්රෝ ගෑස් සමාගම ඊයේ (10) රාත්‍රී රුපියල් 1,257 කින් ඉහළ දැමූ කිලෝ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අද (11) පස්වරවේ රුපියල් 75 කින් අඩු කිරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව ලිට්රෝ ගෑස් කිලෝ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 2,675 කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෑස්මිල අඩුකරලා... ශා..! නියමයිනේ අපේ සර්...!
නත්තල් කාලෙට සේල් දානවා වගේ... අනේ අපි කවදාක හිනැහෙමුද සඳේ...?
මහජනතාව ගැන සිතා මේ සිදුකරන ලද විශාල මිල අඩුකිරීම ගැන අපි ලක්රජයට සහ ලිට්රෝ ගෑස් සමාගමට ස්තුතිවන්ත වෙමු... කොතරම් විශාල මිල අඩුකිරීමක්ද?
මේ දවස්වල ගෑස් හිගය නිසා අපි නම් දැනටමත් විදුලියට මාරුවෙලා ඉන්නෙ. බලපුවහම ඒක ලාබයි නේ.
අම්මෝහ්.දීලා තියෙන සහනෙට දත කට පූට්ටු උනා සර්.
මිල වැඩි කරහම ආණ්ඩුවට සහ අපේ ජනපති තුමාට බනින අයට දැන් තේරෙනවා ඇති අපේ ආණ්ඩුව කොන්ද පන තියන ආණ්ඩුවක් කියලා .හොඳ වැඩේ ඔය කුහක මිනිස්සුන්ට .ජනාධිපති තුමා හිටියේ හැමදාම පොඩි මිනිහා එක්ක .
දේශීය දර ඕනා තරම් ලංකාවේ තියෙද්දී අපිට මොකටද පිටරටින් එන ගෑස්? ඇයි අඩුකරන්නේ? තව වැඩිකරන්න. අනික, දර වලින් උයන දේශප්‍රේමී කිරිබත් හරිම රසයි. අනික දැන් දන්තාලේප වලට සල්ලි වියදම් වෙන්නෙත් නැහැ. ලිපේ ඉතුරු වෙන අඟුරු කෑල්ලකින් දත් මැද්දාම නියමෙට සුදු වෙනවා. කාටද ආඩම්බර??
1275කින් වැඩිකළ ගෑස් මිල 75කින් අඩුකරලාලු... අපේ රටේ මිනිස්සුන්ට ගණන් හදන්න දන්නේ නැති නිසා හොඳයි.
මොංගල් ආණ්ඩුවක්
කලින් 1275/= 12+57 =69 වැඩේ අහු උනා .ටක් ගාලා 75 කින් අඩු කළා
පාරිභෝගිකයින්ට පුලුවනි ගෑස් පරිභෝජනය සීමා කර මිළ අඩු කරන ලෙස බලපෑම් තරන්න. ඉල්ලුම අඩු වෙනකොට මිළ අඩුකරන්න වෙනවා .
ශා..! නියමයිනේ අපේ සර්...!
ලංකා ඉතිහාසයේ කිසිම දිනක නොවූ බඩු මිල වැඩි කිරීම. පාරිභෝගික අයිතීන් වෙනුවෙන් හඬ නගන සංවිධානය නිදිද?
බොහෝම ස්තුතියි. දැන් නම් "ෂැපයි"...