(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා දැමීමත් සමඟ එළවළු රැගෙන ආ ගොවීන් දඹුල්ල අවට ප්‍රධාන මාර්ගවල සහ විවිධ ස්ථානවල තබාගෙන තම එළවළු අලෙවි කිරීමේ වැඩසටහනක අද (8) පෙරවරුවේ සිට නිරතව සිටින අයුරු දැක ගැනීමට හැකි විය.
ආර්ථික මධ්‍යස්ථානය විවෘත කරන බවට පසුගියදා ප්‍රකාශ කර තිබුණු අතර ආර්ථික මධ්‍යස්ථානය නැවත දැනුම්දෙන තුරු වසා තැබෙන බව 07 දින පස්වරුවේ නැවත නිවේදනය කර තිබිණි .
ඒ අනුව ඒ වන විටත් එළවළු අස්වනු නෙළා අවසන් වූ ගොවීන් මේ ආකාරයෙන් එළවළු දඹුල්ලට රැගෙන විත් තිබිණි.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය සහ අවට ප්‍රදේශවල තමන් රැගෙන ආ එළවලු පිටස්තර එන ව්‍යාපාරිකයන්ට අලෙවි කිරීමේ කටයුතු සිදුකරනු ලැබීය.
මේ අතර දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මෙහෙයුම් මැදිරිය ක්‍රියාත්මක කර තිබේ .



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජය සැලැස්මක් හැදිය යුතුයි. කෑම අහක දාන්නෙ නැතුව.
ගොවියෝ වැනසෙනවා. පාරිභෝගිකයෝ අඬනවා, අතර මැදියෝ හිනැහෙනවා. ආණ්ඩුව අනනවා සහ අනා ගන්නවා.
අපි ඡන්දෙ දෙනවා....
ඉතා හොඳ ප්‍රවනතාවක් . ආර්ථික මධ්‍යස්ථාන යනු මාෆියා මධ්‍යස්ථාන වේ. නුවර එලිය එළවලු නුවර පසුකර දඹුල්ලට තුට්ටු දෙකට අලෙවි කරයි. හගුරන්කෙත එළවලු නුවර පසුකර දඹුල්ලට තුට්ටු දෙකට අලෙවි කරයි. නැවතත් නුවරට අලෙවි කරයි. මොකද්ද මේ විහිලුව...? සියලු ලොරිවලට ගමට ගොසින් අලෙවි කිරීමට අවසර දෙන්න. ඇමතිවරු ගාව ඉන්න අතරමැදියන් මෙයට ඉඩ නොදෙනු ඇත. ගොවියා ගොඩ ගැනීමට හොඳම විසදුමයි. ආර්ථික මධ්‍යස්ථාන යනු කිසිම තෙරුමක් නැති රජයේ වියදම් කර සාදන ලද මාෆියා මධ්‍යස්ථානකි . අතරමැද ඕන තරම් foodcity , Coopcity , සුපර් මාර්කට් , School , Hospital ආමි camp, කුඩා කඩ සහ රාජ්‍ය ආයතන වලට වෙබ් සයිට් එකක් හදා ඇනවුම් බාර දෙන්න. ගොවියා ගොඩ. පාරිභෝගිකයන් ගොඩ. මේ සඳහා web site එකට ඕනෙනම නම් Online ආර්ථික මධ්‍යස්ථාන කියල දන්නා පුළුවන්. ඉන්ධනත් ඉතුරුයි. සල්ලිත් ඉතුරුයි. space unilised කරන්න පුළුවන් ප්‍රයෝජනවත් ලෙසට...
දැන් සිස්ටම් එක නියමෙට වැඩ කරනවා, කොහොමද අපේ සංවිධාන ශක්තිය.
පවුල් ආණ්ඩුවේ අය බයිලා ගහනවා. සමහර නගර වලට එළවළු ප්‍රවාහනය වෙන්නෙත් නැහැ. හරි ක්‍රමවේදයක් නැතිකමින් සමහරවිට එළවළු නාස්ති වෙන්ඩත් පුලුවන් .