(ඩයනා උදයංගනී)
විදෙස් සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීම අගෝස්තු 01 දා සිට ආරම්භ වන අතර එසේ පැමිණෙන අයට පොදු ප්‍රවාහන සේවා භාවිතයට ඉඩ නොලැබෙන බවත්, පී.සී.ආර් පරීක්‍ෂණ කිහිපයකට ලක්වීමට සිදුවන බවත් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය.
ඒ අනුව කිසිදු විදෙස් සංචාරකයෙකුට බස්, දුම්රිය වැනි පොදු ප්‍රවාහන මාධ්‍ය භාවිත කිරීමට ඉඩ නොලැබෙන අතර ඔවුන් මෙරටට ගෙන්වා ගැනීම විශේෂ මාර්ගෝපදේශ යටතේ සිදුකරන බව ඇය කීවාය.
කොවිට් 19 වසංගතය සමඟ සංචාරක ව්‍යාපාරයේ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ සමඟ සාකච්ඡා කර, මෙම මාර්ගෝපදේශ සකස් කළ බව ද ඇය සඳහන් කළාය.
ඇය මේ බව පැවසුවේ ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේදී අද (17) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
එම මාර්ගෝපදේශ අනුව ලියාපදිංචි හෝටල් සඳහා වෙන්කර ගැනීම් කළ හැකි අතර සංචාරකයින් මෙරටට පැමිණීමට පැය 72කට පෙරත්, පැමිණි පසුත් පී.සී.ආර් පරීක්‍ෂණ කරගත යුතු බවද ඇය පැවසුවාය.
මෙරටට පැමිණි පසු සිදුකරන පරීක්‍ෂණයෙන් ඔවුන් කොවිඞ් ආසාදිතයින් නොවන බව තහවුරු වුවහොත් පමණක් කොවිඩ් සහතිකලත් නවාතැන් ස්ථානයකට යාමට අවසර හිමිවන බව ඇය කීවාය.
ඉන්පසු ඔවුන් රැඳී සිටින කාලයේදී දවස් 5-7 අතර මෙන්ම දවස් 10-12 අතර වශයෙන් පී.සී.ආර් පරීක්ෂණ කරන බවත් ජංගම ඒකකයක් හරහා පහසු ආකාරයෙන් මෙම පරීක්ෂණ කිරීමට බලාපොරොත්තු වන බවත් කිමාලි ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළාය.
එමෙන්ම මෙරටට පැමිණ වීසා ලබාගැනීමේ ක්‍රමවේදය නතර කර ඇති අතර සංචාරකයින් ඔන්ලයින් වීසා අයදුම් කළ යුතු බවත්, ඊට අදාළ අයදුම්පතෙහි සංචාරකයාගේ ගමන් විස්තර, සැලස්ම, වෙන්කළ ස්ථාන ආදී අලුත් ප්‍රශ්න කිහිපයක් ඇතුළත් කර ඇතැයි ද සභාපතිනිය පැවසුවාය.
ඔවුන්ගේ ප්‍රවාහන කටයුතු නවාතැන් ගන්නා හෝටලයෙන් සංවිධානය කළ යුතු අතර සහතිකලත් හෝටල් සහ සංචාරක නියෝජිතයින් පිළිබඳ විස්තර වීසා අයදුම්පතෙහි ඇතුළත් කරන බව ද ඇය කීවාය.
පිටු 90කින් පමණ යුතු මාර්ගෝපදේශ සංචාරක කර්මාන්තයට සම්බන්ධ සියලු අංශයන් වෙත ලබා දී ඇතැයි සභාපතිනිය පැවසුවාය.
මෙරටට පැමිණෙන සංචාරකයින් නවාතැන් ගන්නා තරු පංතියේ හෝටල් ඇතුළු ලියාපදිංචි නවාතැන් පහසුකම් සපයන්නන්ට මේ සඳහා සහතිකයක් ලබාදෙන බවත්, ඔවුන් කොවිඞ් වසංගතයෙන් ආරක්‍ෂාවීමට අදාළ නියාමනයන් පිළිපදින්නේද යන්න සොයාබලන බවත් ඇය කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියන ඔක්කොම දේවල් අපේ රටේ හරියට සිද්ද වෙනවද? අහිංසක සෞඛ්‍ය සේවකයෝ සහ මහජනතාව අමාරුවේ දාන්නේ නැතිව ඕක තව ටිකක් ප්‍රමාද කරන්න බැරිද?
එතකොට පොදු වැසිකිළි එහෙමත් තහනම්ද?
සංචාරකයෝ මෙහෙ එන්නේ නිදහසේ නිවාඩුව ගත කරන්න මිසක් නීතිවලට යටවෙලා දුක්විඳින්න නොවේ. අගෝස්තු මාසේ වෙනකොට සංචාරකයන්ට නිදහසේ ඇතුල් වෙන්න පුළුවන්... ලෝකෙ රටවල් ඕනෑතරම් විවෘත කරලා තියේවි. සංචාරකයන් කෙසේවෙතත් අගෝස්තු වෙනකොට අරාබියේ දුක් විඳින අපේ මිනිස්සු ටික ගෙනත් ඉන්න.
ලංකාවට අවශ්‍ය වන්නේ සල්ලිද, නිරෝගිකමද කියලා බලන්න වෙනවා. සංචාරකයින් ලෙස පැමිණෙන අය ඉන්න රටවල් වල අවදානම බහුලයි. එන්න කලින් කරන PCR පරීක්ෂණ වල නිරවද්‍යතාවය බලන්නේ කොහොමද? කුවේට්වල ඉඳලා ආපු අය කරපු දේම ඔය සංචාරකයෝත් කරයි. අපට ගිය වතාවේ කොරෝනා ආවෙත් සංචාරකයන් නිසා. අපේ රටේ පාලකයන් සල්ලිවලට වඩා නිරෝගිකම ගැන හිතුවොත් හොඳයි.
මෙයා කොහෙන් හොයාගත්ත ඩයල් එකක්ද දන්නෑ. පත්වුණු දවසේ ඉඳලා මඤ්ඤං වැඩ කරන්නේ. එයා හිතාගෙන ඇත්තේ මේ සංචාරකයින්ට ලංකාවට නාවොත් කන්න, බොන්න නැතුව මැරෙයි කියලද දන්නේ නෑ. හැබැයි වෙන්නේ ඒකේ අනිත් පැත්ත. ඒවා තේරුම් ගන්න තරම් මොවුන්ට බුද්ධියක් නෑ. වියත්තුනේ...
2021 ජනවාරි 1 දක්වා කල් දැමීම නුවණට හුරුයි...
2021 ජනවාරි 1 දක්වා කල් දැමීම නුවණට හුරුය.
සංචාරකයන්ට පොදු ප්‍රවාහන සේවා සඳහා ඉඩ නොදුන් එක හොඳයි. ඒත්,වැලිගම,මිරිස්ස,උණවටුන,අම්බලන්ගොඩ, හික්කඩුව ආදී ප්‍රදේශවල සිටි චීනුන් බස්වල යාම දිගටම කෙරෙනු පෙණුනා. බස් අයිතිකරුවන් ද එයට පුරුදුවී සිටිනවා. බස් හිමියන් තමයි පාලනය කිරීමට අමාරු. ඒ වගේම වෑන්,ත්‍රී වී රෝද රථ ආදිය විදේශීය සංචාරකයන් පමණක් ගෙනිහින් නිකන් ඉඳීවි කියලා කීයටවත් හිතන්නට බැහැ. ඒ ගැනත් අවධානයක් ලබා දෙන්න.
ඔබ සංචාරක ව්‍යාපාරයක් හා සම්බන්ධ නම් මෙසේ ප්‍රකාශ නොකරයි. අගොස්තු මාසයේ සිට ආරම්භ කරනවා නම් සැප්තැම්බර් වන විට සංචාරකයන්ගේ පැමිණිම බලාපොරොත්තු වි හැක. සංචාරකයන්ට පොදු ප්‍රවාහන සේවා තහනම ස්ථීරවම සිදුවිය යුතුය.
මෙවන් නිවාස අඩස්සියකට විදේශිකයන් එයිද? පිස්සු කතා...
එහෙනුත් පී.සී.ආර්. කරගෙන, මෙහෙනුත් පී.සී.ආර්. කරගෙන සංචාරය කරන්න පුද්ම සංචාරක උණක් තියෙන්න ඕනෑ..
කොහොම වුණත් අගෝස්තු මාසයේ විශාල සංචාරකයින් ප්‍රමාණයක් බලාපොරොත්තු විය නොහැකිය. සාමාන්‍යයෙන් කලින් පැමිණි ගණනින් 10% -20%ක් බලාපොරොත්තු විය හැක. නොවැම්බර් මස සිට එය 30%-40% පමණ වර්ධනය විය හැකිය. කොරෝනා ලෝකයෙන් තුරන් වූ පසුව ටිකෙන් ටික වර්ධනය වනු ඇත...