IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


‘‘ඉන්ධන මිල වැඩි කරනවා නම් මම කලින් කියන්නම්‘‘

(යොහාන් භාසුර)

ඉන්ධන මිල අද (23) මධ්‍යම රාත්‍රීයේ ඉහළ දමන බවට කෙරෙන ප්‍රචාර අසත්‍ය බවත් ඉන්ධන මිල ඉහළ දැමීමට පෙර තමන් ඒ පිළිබඳව ප්‍රකාශ කරන බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසීය.

ඉන්ධන මිල අද මධ්‍යම රාත්‍රීයේ ඉහළ දමන බවට කෙරෙන ප්‍රචාර හේතුවෙන් ජනතාව අදත් ඉන්ධන රැස්කරගෙන ඇති බව කී අමාත්‍යවරයා නියත වශයෙන්ම අද ඉන්ධන මිල ඉහළ නොයන බව ද සඳහන් කළේය.

ලංකා ඛනිජ තෙල් සංස්ථාවට (සිපෙට්කෝ) හිමි රට පුරා ඉන්ධන පිරවුම්හල්වල ඔක්ටේන් 92 පෙට්‍රල් නොමැති තත්වයක් අද නිර්මාණය වී තිබූ අතර භූමිතෙල් සැපයුම ද සීමාකර තිබුණි.

අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හල්වලින් ඔක්ටේන් 92 පෙට්‍රල් අවශ්‍ය තරම් ලබාගැනීමට හැකියාව තිබූ අතර සිපෙට්කො පිරවුම්හල් ඔක්ටේන් 95 පෙට්‍රල් අඛණ්ඩව සපයයි. සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් පාලකයන් පවසන්නේ ඔක්ටේන් 92 පෙට්‍රල් ඇනවුම්කර දින කීපයක් ගතවුවද මේ දක්වා නොලැබුණු බවයි.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 157 කට ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 184 කට ද, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 111 කටද, සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 144 කටද, භූමිතෙල් ලීටරයක් රුපියල් 77 කටද සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් අළෙවි කරයි.

අයි.ඕ.සී. සමාගම ඔක්ටේන් 92 පෙට්‍රල් සහ සහ ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 5 බැගින් ඉහළ දැමීමත් සමඟ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 162 කට සහ ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 116 කට අළෙවි කරයි.

 



අදහස් (14)

‘‘ඉන්ධන මිල වැඩි කරනවා නම් මම කලින් කියන්නම්‘‘

Lanka Saturday, 23 October 2021 08:57 PM

ඒක නම් වටිනවා.

:       0       1

පොහොට්ටු අපි Saturday, 23 October 2021 09:20 PM

එහෙම කලින් කියන්න පුළුවන් නම් ඔබතුම නියම නායකයෙක්. ලබන පාරත් අපි ඔබතුමාට චන්දෙ දෙනවා.

:       2       4

Bandara Saturday, 23 October 2021 10:38 PM

මේ ඇමති කියන ඒවා කවුද ගණන් ගන්නේ.

:       0       9

Perera Sunday, 24 October 2021 12:41 AM

රටේ වෙන්නේ මොනවද කියලා දන්නේ නැත්නම් අඩු ගානේ කට පියාගෙන ඉන්න.

:       0       7

Hafeel Sunday, 24 October 2021 05:32 AM

අයි.ඕ.සී. සමාගම මිල වැඩි කරනකොට ඔයා කොහෙද හිටියේ? ඔයා කලින් කිව්වා නැහැ. මුස්ලීම් රටවල්, මුස්ලීම් ප්‍රජාව සහ ඉස්ලාම් ආගම විවේචන කරමින්, මෙයා ලජ්ජා නැතුව බිරිඳට බුර්කාව අන්දලා මුස්ලීම් රටවලින් තෙල් හිඟන්න තත්වයට පත් වෙලා.

:       0       10

Rohana Sunday, 24 October 2021 07:32 AM

ලෝක වෙලදපලේ තෙල්ම්ල වැඩිවනවිට මෙහත් වැඩිකරන්ඩ නම් ආණ්ඩුවක් මොකටද කියල කටවාචාලකම පෙන්නපු එක්කෙනෙක් ඔය ආණ්ඩුව ඇතුලෙත් ඉන්නවනෙ. දැන් කියන්නෙ මොනවද?

:       0       9

L.G.P.Jathunarchchi. Sunday, 24 October 2021 08:02 AM

ගරු. ඇමතිතුමනි, ඒක පට්ටපල් බොරුවක්ද?

:       0       6

kamal Sunday, 24 October 2021 09:23 AM

අද මුළු ලෝකෙම ඉන්ධන මිල ඉහල ගිහින්. හෙළ උතුමන් තාම තෙපරබානවා.

:       0       4

ranjith Sunday, 24 October 2021 09:58 AM

ඡන්දෙට කලින් කදුළු හැලුවේ ජනතාව දුක් විඳිනවා කියලා දැන් දිගටා මිල වැඩි කර කර රට විනාස කරනවා.

:       0       11

fairoos Sunday, 24 October 2021 12:31 PM

කෝ අපේ බයියෝ ටික? අදහස් ලියන්න අමාරු වෙන්නැති

:       1       6

de silva Sunday, 24 October 2021 02:41 PM

මිල සූත්‍රය තිබුණා නම් කාගෙන්වත් බැණුම් අහන්න අවශ්‍ය වෙන්නේ නැහැනේ..? දැන් දියහැකි එකම විසඳුම මංගලගේ මිලසූත්‍රය නැවත ගෙන එන එකයි.

:       0       6

kamalSunday, 24 October 2021 03:44 PM

මංගලගේ මිල සූත්‍රය ගැලපෙන්නේ දියුණු රටකටයි. නොදියුණු බයියන්ට නොවෙයි.

:       0       2

abiththya Sunday, 24 October 2021 05:02 PM

වරෙන්කෝ කියන්න ... අපි දෙන්න ඕනෙ දේ දෙන්නම්...

:       0       2

Liyanage Monday, 25 October 2021 06:42 AM

ඇමතියෙක් ඉන්නේ ඕක කියන්නද.?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1343 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1259 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 460 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site