IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


තුර්කියේ සාප්පු සංකීර්ණ - බාබර් සාප්පු විවෘත කිරීමට අවසර

නව කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ දැඩි සීමා ලිහිල් කරමින් සාප්පු සංකීර්ණ සහ බාබර් සාප්පු විවෘත කිරීමට අවසර දීමට තුර්කි රජය පියවර ගෙන ඇත.

කෙසේ නමුත් වයිරසයේ ව්‍යාප්ති වීම වැළැක්වීම සඳාහා ආරක්ෂිත සහ සනීපාරක්ෂිත ක්‍රියාමාර්ග පිළිපැදීම අනිවාර්ය කර ඇත.

කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමට පැනවූ සීමා හේතුවෙන් තුර්කියේ කඩසාප්පු ආදී සියල්ල මාස දෙකකට ආසන්න කාලයක් මුළුල්ලේ වසා දමා තිබිණි.

තුර්කියෙන් අද (11) පස්වරු 6 වනවිට වාර්තා වී තිබූ කොරෝනා ආසාදිතයන්ගේ ගණන 138,657ක් වූ අතර එරටින් වාර්තා වූ මරණ ගණන 3,786ක් ලෙස දැක්විණි.

වයිරසය ව්‍යාප්ත වීමට පැනවූ සීමා ලිහිල් කරමින් රට සාමාන්‍ය තත්ත්වයට හැරවීමට තුර්කි බලධාරීහු මේ වනවිට අවධානය යොමු කර ඇත.

සති හතකට පසු තුර්කියේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සිය නිවෙස්වලින් පිටතට පැමිණීමට ඉරිදා (10) අවස්ථාව උදා විය.

තුර්කිය වයිරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මුල්ම වරට ඇඳිරි නීතිය පැනවූයේ මාර්තු 21 වැනිදාය.

අල්ජසීරා
ඡායාරූපය - ඒ.එෆ්.පී. 

055



අදහස් (0)

තුර්කියේ සාප්පු සංකීර්ණ - බාබර් සාප්පු විවෘත කිරීමට අවසර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 654 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 320 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1109 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site