
(තිසර සමල්)
එප්පාවල සඳරැස්ගම, ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි පස් හැවිරිදි පිරිමි දරුවකු අනාරක්ෂිත වගා ළිඳකට වැටීමෙන් අද පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව ඇතැයි එප්පාවල පොලීසිය පවසයි.
මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ පෙර පාසල් වියේ පසුවූ ඒ.එම්. ෂෙනාල් රදීශ් අධිකාරී නමැති දරුවෙකි.
ඔහු සිය පෙර පාසල් අධ්‍යාපනය නිමවා එළඹෙන නව පාසල් වාරයේදී එප්පාවල, කිරලෝගම සුබෝධි මහා විද්‍යාලයේ පළමු ශ්‍රේණියට ඇතුළත් වීමට නියමිතව සිටියේය
මියගිය දරුවාගේ මව විදේශ රැකියාවක නිරතව සිටින අතර, පියා කුලී වැඩ කරමින් ජීවිකාව ගෙන යයි. මව විදේශගතව සිටින බැවින් දරුවා ආච්චි සහ සීයා භාරයේ හැදී වැඩී තිබේ.
සිද්ධිය වූ දින පස්වරුවේ දරුවා සිය ආච්චි, සීයා ඇතුළු පිරිසක් සමඟ වගා කොටුවකට ගොස් ඇත.
එහිදි තක්කාලි වගා භූමි ආසන්න අනාරක්ෂිත ළිඳකට වැටී ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd