
(සුජිත් හේවාජුලිගේ)
මහජනතාව පීඩාවට පත් නොකර අද දින රාජකාරියට වාර්තා කරන්නැයි සියලුම රාජ්‍ය සේවකයන්ගෙන් තමා කාරුණිකව ඉල්ලීමක් කරන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා පැවසීය.
එසේම සාකච්ඡාවෙන් ප්‍රශ්න විසඳා ගැනීමට කටයුතු කරන්නැයිද ඔහු ඉල්ලා සිටින්නේය.
රාජ්‍ය සේවයේ විවිධ ක්ෂේත්රවල ගැටළු පවතින බව පිළිගන්නේ කී අබයරත්න මහතා ඒවා විසදීමට රජය දැනටමත් ප්‍රවේශයක් ගෙන තිබෙන බවද සඳහන් කළේය.
යම් වෘත්තිය සමිති ප්‍රමාණයක් අද වැඩ වර්ජනයට සහභාගි වුවත් බහුතර සමිති සංඛ්‍යාවක් රට ගැන සිතා වැඩ වර්ජනයට එක් නොවනු ඇති බවත් ඒ සම්බන්ධයෙන් එම වෘත්තිය සමිති රජයට දැනුම්දී ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
වෘත්තීය ගැටලු සම්බන්ධයෙන් වෘත්තීය සමිති සමග ඉදිරියේදීද සාකච්ඡා පවත්වන බව අමාත්‍යවරයා පැවසීය.
රාජ්‍ය සේවයේ ගැටලු සැලකිව යුතු ප්‍රමාණයකට අයවැයෙන් විසඳුම් ලබා දී තිබෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd