(යොහාන් භාසුර)

ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක මිල රුපියල් 30 කින් පහළ දැමූ බවත් සෙසු ඉන්ධනවල මිල නොවෙනස්ව පවතින බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද (29) රාත්‍රී නිවේදනය කළේය.

මෙම මිල පහළ දැමීමත් සමඟ රුපියල් 424 ක්ව පැවැති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 394 ක් දක්වා පහළ ගිය බවත් නව මිල අද (29) මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන බවත් එම සංස්ථාව කීය.

ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 397 ක, ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 543 ක, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 490 ක සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 285 ක තව දුරටත් පවතින බව ද එම සංස්ථාව වැඩි දුරටත් සඳහන් කළේය.