
පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ ආනන්ද ඉ ජයකොඩි)
රදාවඩුන්නඉඹුල්ගස්ඕවිට චිත්ත විවේකාශ්‍රම විහාරාධිපති හිමියන්ගේ බැංකු ගිනුම් පරික්ෂා කිරිමට පොලිසියේ බව පවසා පැමිණි පුද්ගලයන් දෙදෙනකු ගම්වාසීන් අල්ලා භාරදුන් බව නිට්ටඹුව පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හිටපු පොලිස් කොස්තාපල්වරයකු බව කියන තෙලිජ්ජවිල පදිංචිකරුවකු සහ ගම්පහ මාකෙවිට තම්මිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පොලිසියේ බව පැවසූ මෙම පුද්ගලයන් දෙදෙනා අද දහවල් විහාරස්ථානයට ගොස් විහාරාධිපති ලෙනව මංගල හිමියන්ගේ බැංකු ගිණුම් පරික්ෂා කිරීමට අවශ්‍ය බව ප්‍රකාශ කර ඇත.
එම අවස්ථාවේදි විහාරාධිපති හිමියන්ට ඔවුන් පිළිබඳව සැක සිතී ප්‍රශ්න කර ඇත .
ප්‍රශ්න කිරීමේදී නිරුත්තර වූ සැකකරුවන් දෙදෙනා පැනයාමට සුදානම් වු අවස්ථාවේ දි විහාරාධිපති හිමියන් ගම්වාසින් හා එක්ව සැකකරුවන් දෙදෙනා අල්ලා නිට්ටඹුව පොලිස් ස්ථානයට බාරදිමට පියවර ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි හාමුදුරුවනේ..