
කැනේඩාවේ භාණ්ඩ සඳහා සියයට 50ක අධික බද්දක් පැනවීමට ගත් තීරණය, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්තා වකාලිකව අත්හිටුවීය.
ඒ අනුව, ඇමෙරිකාන් ඩොලර් බිලියන 20.2 ක් වටිනා කැනඩා අපනයන භාණ්ඩ මත පැනවීමට තිබූ මෙම බදු පැනවීම, එලැඹෙන අගෝස්තු 22 වනදා දක්වා කල් දැමූ බව කැනේඩියානු අගමැති මාර්ක් කාර්නි තහවුරු කළේය.
සති කිහිපයක් තිස්සේ පැවැති උණුසුම්කාරී සාකච්ඡාවලින් අනතුරුව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කැනඩා අගමැතිවරයා අතර එකගත්වයක් ඇති කර ගැණුනු බැවින්, සියයට 50ක අධික බද්ද තාවකාලිකව අත්හිටුවුණු බව කැනේඩියානු මාධ්‍ය පවසයි.
බදු ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ අවසන් මොහොතේ ගනු ලැබූ මෙම තීරණය හේතුවෙන් ඉලෙක්ට්‍රොනික උපාංග, කාර්මික යන්ත්රසූත්ර, ගෘහ භාණ්ඩ, කිරි නිෂ්පාදන සහ වයින් ඇතුළු කැනඩා අපනයන ක්ෂේත්‍ර රැසකට විශාල සහනයක් හිමිවනු ඇත.
දෙරට අතර ලේඛන කටයුතු අවසන් වූ පසු මෙම ගිවිසුම නිල වශයෙන් තහවුරු වන බව ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.
මීට අමතරව, මීට පෙර අත්හිටුවා තිබූ ‘කීස්ටෝන් එක්ස්.එල්’ තෙල් නල මාර්ග ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීම කෙරෙහි ද මෙම සාකච්ඡාවලදී අවධානය යොමුව තිබේ.
කැනඩාවේ ඇල්බර්ටා සිට ඇමෙරිකාවේ නෙබ්රාස්කා දක්වා දිනකට බොරතෙල් 830,000 ක් ප්‍රවාහනය කිරීමට සැලසුම් කර තිබූ මෙම ව්‍යාපෘතිය 2021 දී හිටපු ජනාධිපති ජෝ බයිඩන් විසින් අවලංගු කර තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd