(සුජිත් හේවාජුලිගේ)
දරුවන්ගේ පෝෂ ආහාර,පොහොර, ආබාධිතයන්ගේ උපකරණ සහ ගිලන් රථ ඇතුළු භාණ්ඩ සිය ගණනක් වැට් අය කෙරෙන භාණ්ඩ ලැයිස්තුවට අලුතින් ඇතුළත් කිරීම අසාධාරණ බව පවසමින් එම භාණ්ඩ ඒ ලැයිස්තුවෙන් වහාම ඉවත් කරන ලෙස සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය සහ නිදහස් ජනතා සන්ධානය ඇතුළු දේශපාලන පක්ෂ ගණනාවක් සහ රජයේ ඇතැම් ඇමැතිවරුන් රජයෙන් ඉල්ලීමක් කර ඇත.
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ සහ සේවාවන් සිය ගණනකට වැට් බදු අලුතින් අය කිරීම සඳහා ප්‍රතිපාදන සැලසෙන වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද (10) ඉරුදින පස්වරුවේ සම්මත කිරීමට නියමිතය.
ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක වැට් බදු මෙසේ වැඩි කිරීම සම්බන්ධයෙන් විපක්ෂය මැතිසබයේදී දැඩි විරෝධයක් මතු කිරීමට නියමිත අතර මේ හේතුවෙන් සභාව අද උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසේ.
මෙම පනත සංශෝධනය කිරීමෙන් වැට් බද්ද සියයට නවයේ සිට සියයට 18 දක්වා වැඩි කෙරෙන බව පැවසේ.
මේ අතර වැට් බදු සංශෝධනයේදී සියලුම භාණ්ඩවලට වැට් අය කෙරෙනු ඇතැයි සභානායක අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
කෙසේ වෙතත් අභ්‍යාස පොත් ඇතුළු පාසල් උපකරණ වැට් බද්දෙන් නිදහස් කරන ලෙස මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළ බවද ඔහු සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති සහ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසන්නේ දරුවන්ගේ පෝෂ ආහාර, වෛද්‍ය උපකරණ,ගිලන් රථ, පොහොර සහ ආබාධිතයන්ගේ උපකරණ ඇතුළු භාණ්ඩ ලැයිස්තුවක් වැට් බද්දෙන් ඉවත් කරන්නැයි තම කාරක සභාව මුදල් අමාත්‍යාංශයට යෝජනා කළ බවයි.
වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත විවාදයට ගන්නා අද මෙම පනත් කෙටුම්පතට සංශෝධන ඉදිරිපත් කිරීමෙන් එම භාණ්ඩ වැට් බදු ලැයිස්තුවෙන් ඉවත් කළ හැකි බව පැවසූ මන්ත්‍රීවරයා විවාද අවස්ථාවේදී හැකියාව තියෙන්නේ නම් ඒ පිළිබඳව සංශෝධන ඉදිරිපත් කරන්නේ යැයි මුදල් අමාත්‍යාංශ නිලධාරීන් ප්‍රකාශ කළ බවද සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තුකාරක සභාවේ සභාපති මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසුවේ ආණ්ඩුව අලුතින් පැනවීමට යන බදු හේතුවෙන් එක් පුද්ගලයකුට තවත් අමතරව රුපියල් තිස් දහසක මුදලක් ආණ්ඩුවට ගෙවීමට සිදුවන බවයි.
රට තුළ කිසිදු බදු වැඩි කිරීමක් නොකර පවතින බදු ප්‍රමාණයම විධිමත් එකතු කිරීමේ යාන්ත්‍රණයක් ලෙස ලෙස ඩිජිටල් වේදිකාවක් සැකසීමෙන් සියයට 45 කින් පමණ වැඩි කර ගැනීමට හැකියාව ඇති බවද ඔහු සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ මෙතෙක් වැට් බද්දට යටත් නොවූ භාණ්ඩ 138ක් අතුරින් භාණ්ඩ 97ක් ඉවත් කිරීම පිළිබඳ යළි සොයා බැලීමට සූදානම් බවයි.
වැට් බද්දට අදාළ නොවූ භාණ්ඩ ලැයිස්තුව සංශෝධනය කිරීමෙන් රජය රුපියල් කෝටි 37800 ආදායමක් අපේක්ෂා කළ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මේ වනවිට සියයට 9.2ක මට්ටමේ පවතින දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව රාජ්‍ය ආදායම 2024 වසරේදී සියයට 12 දක්වා ඉහළ නැංවීම රජයේ අපේක්ෂාව හෙයින් ආදායම් ඉහළ නංවා ගැනීම සඳහා මෙම වැටි බදු සංශෝධනය ඉදිරිපත් කිරීමට තීරණය කළ බවද ඔහු සඳහන් කළේය.
COMMENTS
ඡන්දෙ ඉල්ලන්නත් ඒවිනේ ලැජ්ජාවක් නැතිව...
මේ තිරිසන් පාලකන්ට ජනතාව කෙතරම් දුක් වින්දත් බදුගහන එක ඇරෙන්න රාජ්‍ය ආදායම වැඩි කරන්න කිසිම වැඩ පිළිවෙලක් නෑ. මේ රටේ මිනිසුන් තමන්ගේ දරුවන්ට හරි හමන් කෑම වේලක් දීගන්න, ලෙඩකට බෙහෙත් ටිකක් ගන්න, පාසල් යන දරුවාට පොත් ටික, ඇඳුම් පැළඳුම් ටික ගන්න බැරිව කොතරම් දුක් විඳිනවාද, ඒත් මේ අමන පාලකයින් හැමදාම හිතුවේ බලය රැකගන්න එක විතරයි. රටක් දියුණු කරන්න බදු ආදයම විතරක් මදි, රටට අලුත් විදේශ ආයෝජන ගේන්න කිසිම වැඩ පිළිවෙලක් නෑ... ඒ වගේම රටේ අපනයන දිරිමත් කරන්නවත් කිසිම දෙයක් නොකර බදු ගහන එක විතරක් කරන මිලේච්ඡ ආන්ඩුවක්. මේ දේශපාලුවන් බොහෝමයක් වැඩිවියට පත්වෙනකම් දෙමව්පියන්ගෙන් යැපිලා, ඉන් පස්සේ දේශපාලනයෙන් ලැබෙන වරප්‍රසාද සහ අමතර ප්‍රතිලාභ මත යැපෙන හිඟන රැලක්, මහ පොළවේ යථාර්ථය ගැන කිසිම අවබෝධයක් නෑ... මිනිසුන් ජීවත් වෙන්න කරන කැපකිරීම් ගැන කිසිම හැගීමක්වත් නැති මෙවන් අමනයින්ගෙන් මීට වැඩිය දෙයක් මේ රටේ මිනිසුන්ට බලාපොරොත්තු වෙන්න බෑ...!
ඔක්කොම වැරැදි විදිහට හදලා බොරුවට ඉවත් කරන්න කියන්නේ තාම හරියට අයවැයක්වත් හදාගන්න බැරුව ඡන්දෙ හිඟාකන්න එනවා. රටේ මුල්‍ය වියදම් පාලනය නොකර වැට් වැඩිකිරීම හරිද?
ඔය යෝජනාව සම්මත කරන්න අත උස්සපු නම් ලයිස්තුව ඊළඟට එන ඡන්දේදි ප්‍රතික්ෂේප කිරීමට ඡන්ද දායකයෝ වගබලා ගනිත්වා...! කොහොමත් වර්තමාන තත්ත්වය අනුව මේ මැතිසබයේ බහුතරය ඊළඟට එන මැතිවරණයේදී ගෙදර යනවාමයි...