
(සුජිත් හේවාජුලිගේ)
චිත්‍රපටි ක්ෂේත්රයේ දැවැන්තයකුවූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා නමට චිත්‍රපටි සංස්ථා භූමියේ කෞතුකාගාරයක් සහ පුස්තකාලයක් ස්ථාපනය කිරීමට මුදල් වෙන්කර ඇතත් එහි ඉදිකිරීම් අතරමග නතර කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ.
කෞතුකාගාරය ඉදිකිරීමට ඉදිකිරීම් සහ උපදේශනාත්මක කටයුතු සඳහා රුපියල් කෝටි දහයකට ආසන්න මුදලක් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට ලබාදී 2019 වර්ෂයේදී එහි ඉදිකිරීම් ආරම්භ කිරීමට රුපියල් ලක්ෂ තිහකට වැඩි මුදලක්ද නාගරික සංවර්ධන අධිකාරියේ සහ අමාත්‍ය මණ්ඩල අනුමැතියක් නොමැතිව ගෙවීම් කර තිබුණු බව වාර්තාවේ දැක්වේ.
මේ සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදීද (කෝප් කමිටුව) සාකච්ඡා කෙරිණ
මේ අතර ජාතික චිත්‍රපටි සංස්ථාව චිත්‍රපටි නිෂ්පාදනයට සහ සිනමා ශාලාවලට දී ඇති ණය මුදල්වලින් සහ හිඟ මුදල් වලින් රුපියල් කෝටි පනහකට ආසන්න මුදලක් මෙතෙක් අය කරගෙන නැතැයි වාර්තාවේ.
මෙම හිඟ මුදල වසර විසිපහකට අධික කාලයක් තිස්සේ අය කරගෙන නොමැතිව පවතින බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ අතර චිත්‍රපටිය ආනයනය බෙදා හැරීම සහ ලියාපදිංචිය විධිමත් කිරීමට අදාළ පරිගණක පද්ධතිය රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක ප්රතිපාදනයක් යටතේ ස්ථාපනය කිරීමට සැලසුම් කර තිබුණද පසුගිය වසරේ මැයි මස 30 වැනිදා වන විටද එම පද්ධතිය ස්ථාපනය කර නොතිබුණු බව ආරංචි මාර්ග පවසයි.
පරිගණක පද්ධතිය ස්ථාපනය කර නොතිබුණද රුපියල් ලක්ෂ තිහකට වැඩි මුදලක් ඒ වනවිටත් ගෙවීම් කර තිබුණු බව විමර්ශන වාර්තාවේ සඳහන් වේ.
මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික විගණන කාර්යාලයේ 2024 වාර්ෂික වාර්තාවේය.
ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා 2018 වර්ෂයේදී අභාවප්‍රාප්ත විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් ජීවිතයේ වැඩිහරියක් චිත්‍රපටි තමයි බැලුවේ...
ලෙස්ටර් මහතා ගැන අනාගත පරපුර දැනගන්න ඕනේ. මෙම කෞතුකාගාරය ඉදිකරන්න
ලෙස්ටර් කියන්නේ චිත්‍රපට ක්ෂේත්රයේ දැවැන්තයෙක්... .තවත් කෙනෙකුට සම කරන්න බෑහැ.
මේ සදහා ප්‍රතිපාදන වෙන් කරන්න.
අපිත් ඒ කාලේ ගොඩක් චිත්‍රපටි නැරඹුවා. ලෙස්ටර් ජේම්ස් කියන්නේ අතිදක්ෂයෙක්... එතුමාට සැලකීම නම් මදි.