IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


’’රනිල් අලියගෙන් ආවොත් උදව් කරන්නේ නෑ’’

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා “අලියා” ලකුණින් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් තමා ඔහුට උදවු කිරීමෙන් වැලකී සිටින බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

“අලියා” ලකුණ හෝ “පොහොට්ටුව” ලකුණ නොවන සියලුම දෙනාට එකඟවිය හැකි පොදු ලකුණකින් ජාතික අපේක්ෂකයකු ලෙස වත්මන් ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට ඉදිරිපත්විය යුතු බවද අමාත්‍යවරයා කීය.

ගම්පහ දිස්ත්‍රික්කයේ හිටපු පළාත් පාලන ප්‍රධානීන් සමඟ, උඩුගම්පළ දේශපාලන කාර්යාලයේදී අද (2) පැවැති සාකච්ඡාවකදී  අමාත්‍යවරයා කීවෙි විරුද්ධවාදීන් කුමක් කීවද එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධවීමට තමන්ගේ කිසිඳු සූදානමක් නැති බවයි.

 රනිල් වික්‍රමසිංහ මහතාට නැවත වරක් ජනාධිපති ධූරයට පත්වීමට නම් ඔහුට ඒ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහයෝග අත්‍යාවශ්‍ය වන බවද  අමාත්‍යවරයා සඳහන් කළේය.

නාමල් රාජපක්ෂ මහතා ජනාධිපතිධූර අපේක්ෂකයා ලෙස නම් කිරීමට පක්ෂයේ සාකච්ඡාවක් නැතැයි ද යම් හෙයකින් ඔහු ජනාධිපති අපේක්ෂකයා ලෙස දැම්මොත්  ඔහුට උදවු නොකර දේශපාලනයෙන් නිහඬ වෙන බව ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේය.නාමල් රාජපක්ෂට ජනාධිපති වීමට තව කල් තිබෙන බවද අමාත්‍යවරයා කීය.



අදහස් (14)

’’රනිල් අලියගෙන් ආවොත් උදව් කරන්නේ නෑ’’

PATTA hora Tuesday, 02 April 2024 02:13 PM

" කප්පම් " පක්ෂයෙන්, "බූරුවා" ලකුණෙන්..

:       2       43

ගාමිණි Tuesday, 02 April 2024 02:32 PM

දැනටමත් යාලුවෝ යාලුවෝ කතා වෙලා ඇත්තේ ලකුණ මොකද්ද පක්ෂේ මොකද්ද කියලා. මෙතන බොරුවට අනාවැකි කියනවා වගේ අපිව රවට්ටන්න හදනවා. නාමල් ඉල්ලුවත් ඉල්ලන්නෙ දිනන්න නෙවෙයි ඡන්ද කඩන්න. ඔව්වට අහුවෙච්ච කාලේ ගියා. ඔයා නම් හරිම අප්‍රසන්නයි.

:       2       46

Dharmatileke Tuesday, 02 April 2024 02:32 PM

අලියා පිට නැගලා පොහොට්ටුවක් කනේ ගහගෙන ආවොත් මොකද කරන්නේ?

:       3       28

පුරවැසියා Tuesday, 02 April 2024 02:40 PM

මොකෙන් ආවත් දැන් ඉතින් කුණු බක්කියට තමා.

:       8       48

ROHAN Tuesday, 02 April 2024 04:10 PM

ඔය මොන ලකුණෙන් ආවත් මෙදා පාර කපොතියි.

:       5       25

Rata Perata Tuesday, 02 April 2024 04:22 PM

කප්පම් කාරයන්ට ගිය රට, තව ටික දවසයි. එකතුවෙමු.

:       3       20

අරවින්ද මොනරවිල Tuesday, 02 April 2024 04:24 PM

තෙලෙන් බැද්දත් කොබෙයියා කිරෙන් බැද්දත් කොබෙයියා තෙලෙන් බැද්දත් කිරෙන් බැද්දත් කොබෙයියා බොල කොබෙයියා.

:       3       19

Athula Tuesday, 02 April 2024 04:41 PM

එහෙනම් හරකාගෙන් එන්න කියපන්.

:       3       22

උදය Tuesday, 02 April 2024 04:50 PM

මරු දේශපාලනය මුන්ට ප්‍රශ්නෙ ප්‍රතිපත්තිවල නෙවෙයි, ලකුණෙ. UNP එවුන් බෙරිහන් දෙනවා රනිල් ජාතික නායක විදියටලු එන්නෙ. මූ ඒක නොදන්නව වගේ කියනව අලියගෙන් නැතුව වෙන ලකුණකින් ආවොත් සහයෝගය දෙනවලු. මුන් හිතන්නේ මිනිස්සු හරක් කියලා. වෙන රටකනම් මුන් රටෙනුත් පන්නල මුන් රනිල්ට මොනවද නොකිව්වේ. මුන් අද හොඳයි කියන රනිල්ට හෙට මොනවා නොකියයිද ? ඒකෙන් තේරුම් ගන්න පුළුවන්නේ ද මුන්ට කිසිම දෙයක් පිළිබඳ අවබෝධයක් නොමැති මැට්ටෝ කොටසක් කියල. ඡන්දෙ පාවිච්චි කරන්න තේරුම් ගන්න බැරිනම් කරන්න තියෙන එකම දේ මේ වගේ කාලකන්නි ඉන්නේ මොන පැත්තේද උන්ට ඡන්දෙ නොදෙන එකයි.

:       1       25

sk Tuesday, 02 April 2024 05:04 PM

අපි නම් ඉතින් කොහොමත් ඔබතුමාට උදව් කරන්නේ නැහැ.

:       1       18

Dhanushka Tuesday, 02 April 2024 10:16 PM

බෙට්ට රෝස් කරල කෑවත් එකයි.. එහෙම්මම අනල කෑවත් එකයි.. බෙට්ට බෙට්ටමයි.. හරකුන්ට නොතේරුනාට..

:       0       4

Ahmed (Gulf) Wednesday, 03 April 2024 01:05 AM

ගූ බාල්දියේ ලකුණ

:       0       2

Srimal Wednesday, 03 April 2024 06:28 AM

පුදුම logic නේද bn...දෙන්නම් මේ පාර හරියටම

:       0       1

Bamunuarachchi Thursday, 04 April 2024 05:02 PM

අලියාගෙන් ආවත්, අලි බෙට්ටෙන් ආවත් රනිල් රනිල්ම තමයි. දෙමල්ලු හම්බයෝ රජ වුනේ රනිල් නිසයි. විශේෂයෙන් හම්බයින්ට, දෙමළුන්ට කත් අදින දේශපාලකයින්ට අපි ඡන්දෙ දෙන්නේ නැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30173 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12266 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10899 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 770 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 235 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 885 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site