IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


මේක 'ඩූ ඕ ඩයි’ සටනක්

(මුදිතා දයානන්ද )

ලංකා දේශපාලන ඉතිහාසයේ තීව්‍රැතම ගැටුම ඉදිරි මාස හත අට තුළ නිර්මාණය වෙනවා. මේක ‘ඩූ ඕ ඩයි’ සටනක් යැයි ජාතික ජනබලවේගයේ නායක පාර්ලමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

පරාජය වුණොත් අපේ රටේ ජනතාව අසරණභාවයේ පතුලටම තල්ලු කරන බවද  ජයගතහොත් මෙරට සංවර්ධනය කරා නව  දිසාවකට ගමන් කරන රාජ්‍යයක් බවට පත්වනු ඇති බවද ඔහු පැවසීය.

 ඔහු මේ බව පැවසූයේ පදනම් ආයතනයේදී පැවති රටට නොකියන විකිණීමේ ඇත්ත සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශනය පවත්වමිනි.

මේ වසර ආරම්භයේදීම විදුලි බල මණ්ඩලයට කොටස් කර විකිණීමේ පනත මෙන්ම විකිණීමට එරෙහි සටන මැඩ පැවැත්වීමට අවශ්‍ය ප්‍රතිත්‍රස්ත පනතත් පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත බවද ඔහු පැවසීය.  රාජ්‍ය ආයතන විකිණීම සම්බන්ධයෙන් වැඩ කටයුතු කඩිනම්කර ඇති බවද එය ආර්ථික අර්බුදය නිසා මෙන්ම අතයට ගනුදෙනු වෙනුවෙන් යොදා ගන්නා බවද ඔහු පැවසීය.ඒ නිසා ඉදිරි කාලය තුල මේ රට ආපසු හැරවිය නොහැකි පන්නයේ ඉතා විශාල විනාශකාරී අඩියකට වැටෙන බවද දිසානායක මහතා පැවසීය.

ආණ්ඩුව එසේ කටයුතු කරද්දී ඔවුන්ගේ ආර්ථික දේශපාලනික ප්‍රතිපත්තිවලට විරුද්ධව මේ රටේ ජාතික පිබිදීමක් ඇති කර, භාණ්ඩ හා සේවා නිෂ්පාදනය වැඩි කර එයට ජනතාව සම්බන්ධ කරගනිමින් නව ආර්ථික ගමනකට ප්‍රවිෂ්ඨ වීම පිළිබඳවත් නීතියේ විධානය ආධිපත්‍යය තහවුරු කරන්නේ කෙසේද යන්න පිළිබඳවත්, නව දේශපාලන ගමනකට ප්‍රවිෂ්ට වන්නේ කෙසේද සාකච්ඡා ජාතික ජනබලවේගය ආරම්භ කර ඇතැයිද ඔහු පැවසීය.  අනෙක් කණ්ඩායම කුණු එකතු කරමින් යන බවද ඒ නිසා රටේ තීව්‍රැ දේශපාලන බෙදීම් ඇති වෙමින් පවතින බවද දිසානායක මහතා පැවසීය. තමන් ඇරඹූ සටන ජයග්‍රහණයෙන් කෙළවර කළ යුතු බවද ඒ සදහා විවේකයක් නැතිව වැඩ කරන්න සිදුවන බවද ඔහු පැවසීය.

ලංකාව  ජාතික පිබිදීමකින් නිර්මාණය වුණු රාජ්‍යයක් නොවන බවද එසේ ගොඩනැගුණු රාජ්‍යයන් සංවර්ධනයේ ඉදිරියට ගිය බවද ලංකාව ක්‍රමයෙන් ආපස්සටම ගිය බවද ඔහු පැවසීය.  ඉන්දියාවේ නිදහස් සටනේ නේරුලා, ගාන්ධිලා, පාතෙල්ලා, වගේ ජාතික නායකයින් සිටිද්දී මෙරට සිටියේ සුද්දන්ගේ පාලනයට අවතනය කටයුතු කළ  ස්ටීවන්ලා , ජුනියස් රිචඞ්ලා , සොලමන් ඩයස්ලා වැනි පරාධීන නායකයන් බවද ඔහු පැවසීය.

ගොවියා, ධීවරයා, වෛද්‍යවරයා, ඉංජිනේරුවා තම තමන් ගැන සිතමින් කටයුතු කරනවා වෙනුවට නව ජාතික පිබිදීමකින් කටයුතු කළ යුතු බවද 2024 කියන්නේ ජාතික හැඟීමකින් යුතු ජනතාවක් ඊට අදාළ දේශපාලන නායක්වයක සිටින ජාතික ජන බලවේගයේ අතට සුක්කානම ලබාදීමේ වර්ෂය බවද ඒ සඳහා සාමූහික ප්‍රයත්නයකින් කටයුතු කරමු යැයි  ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.

 



අදහස් (5)

මේක 'ඩූ ඕ ඩයි’ සටනක්

sunil Wednesday, 10 January 2024 03:17 PM

කිසිවක් කියන්න නැහැ... හැමවෙලේම මැරෙන එකයි වෙන්නේ...

:       4       55

fairoos Monday, 15 January 2024 05:06 PM

මාලිමාවට ජයවේවා..!

:       52       25

Prabath Tuesday, 30 January 2024 09:26 AM

Die වෙයන්

:       13       6

Lelwala Wednesday, 14 February 2024 08:09 AM

එයා ලංකාවේ facebook සභාපති කෙනෙක් වෙන්න ඇති.

:       4       6

Liliput Monday, 11 March 2024 04:50 PM

මේ මහදැන මුත්තයි, පුවක් බඩිල්ලයි පසුගිය මහමැතිවරණය අවසානයේ තිබ්බ මාධ්‍ය හමුවේදී මේ ඩබලම දිගට හරහට ඡන්ද දායකයින්ට දෙස් දෙවොල් තිබ්බ ජෙප්පලාට ඡන්දේ දුන්නේ නෑ කියලා, යූටියුබ් එකෙන් බලන්න පුළුවන්. දැන් තරුණයින්ට පයින් ගහලා කාන්තා කෙස් වලල්ලේ එල්ලිලා ඡන්ද හිඟාකනවා. දැන් මේ කටිටිය ඔක්කෝටම මේ ඡන්දෙන් පස්සේ පඩික්කමයි හාන්සි පුටුවයි පිං තකා දෙන්න ලෑස්ති කරන් ඉන්නේ.. ඔව් ඔව් 100%ක් හරි. මේක ඩූ ඕ ඩයි සටනක්ම තමයි.

:       4       3

ඔබේ අදහස් එවන්න

දියත

අනුර කුමාරට ස්වීඩනයේදී උණුසුම් පිළිගැනීමක්
2024 අප්‍රේල් මස 27 154 0

ස්වීඩනයේ සංචාරයක නිරත වී සිටින ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ස්ටොක්හෝම්හිදී එරට වෙසෙන ශ්‍රී ලාංකිකයෝ උණුසුම් අයුරින් පිළිගත්හ.


මහරගමිනුත් කුඩු හමුවේ
2024 අප්‍රේල් මස 27 150 0

රුපියල් කෝටි දාසයක් වටිනා හෙරොයින් කිලෝ හතක් සමග පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාශය පවසයි.


ඕස්ට්‍රේලියාවෙන් ලංකාවට ගුවන් යානයක්
2024 අප්‍රේල් මස 27 929 0

ශ්‍රී ලංකාවෙි සාගර ආරක්ෂණ කටයුතු වෙනුවෙන් ගුවන් යානයත් පරිත්‍යාග කිරීමට ඕස්ට්‍රේලියාවේ විදේශ කටයුතු සහ වෙළෙඳ දෙපාර්තමේන්තුවේ (දකුණු සහ අග්නිදිග ආස


’’රනිල්ට ඉඩ දෙමු’’
2024 අප්‍රේල් මස 27 1554 8

’’රනිල්ට ඉඩ දෙමු,රට වටා යතුරු පැදි රැළිය’’ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය අසලින් අද(27) පෙරවරුවේ ඇරැඹිණි.


ඇමරිකා නැවකට ’’වැටෙන් එහා’’ සිට කන්න දෙයි
2024 අප්‍රේල් මස 27 1766 0

ඇමරිකා විශ්වවිද්‍යාලයක සිසුන් පිරිසක් රැගත් පර්යේෂණ නෞකාවකට ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වීමට අවසර නොදීමට රජය තීරණය කර තිබේ.


බෝමිරියෙන් හමු වූ කුඩු ගැන තවත් තොරතුරු
2024 අප්‍රේල් මස 27 150 0

කඩුවෙලා බෝමිය ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් තිහක් සමගින් එක් සැකකරුවකු අත්අඩංගුවට ගත් බව බියගම පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 353 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1739 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1575 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site