IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රීවරයෙකුට ප්‍රහාරයක්

(ටි එල් ජව්ෆර්කාන්)

එරාවුර් පොලිස් ස්ථානය ඉදිරිපිටදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් පක්ෂයේ (SLMC) මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් සාලි නලීම් මහතාට පුද්ගලයෙකු විසින් පහරදීම හේතුවෙන් එරාවුර් මූලික රෝහලට අද (08) ඇතුළත් කර තිබේ. 

දේශපාලන ගැටලු හේතුවෙන්, මන්ත්‍රීවරයාගේ පියාට සහ සහෝදරයාට මුස්ලිම් පල්ලියක් ඉදිරිපිටදී පුද්ගලයෙකු විසින් අද උදෑසන 6.00 ට පමණ පහර දී තිබූ බව මේ සම්බන්ධයෙන් කරුණු විමසූ අවස්ථාවේ තුවාල ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී මුහම්මද් සාලි නලීම් මහතා පැවසීය.

මන්ත්‍රීවරයා මෙස්ද පැවසීය.

"මම උදේ කොළඹ ඉඳන් ඇවිත් රෝහලට යනකොට, වෙනත් පක්ෂයක ආධාරකරුවෙක් මාව රෝහලේ තියාගෙන මට අපහාසාත්මක වචන කතා කළා. මෙයින් පසු මම පොලිස් ස්ථානයට ගොස්, වාහනයෙන් බැස ඇතුළට යන විට, පිටුපසින් පැමිණි ඒ පුද්ගලයා ඔහුගේ යතුරුපැදියේ හිස්වැස්මෙන් මට පහර දී, පොලිස් ස්ථානය තුළදී ද මට පහර දීමට උත්සාහ කළා."

මේ අතර, මෙම සිද්ධියේදී එවැනි කිසිවක් සිදු නොවූ බවත් දෙදෙනාම තල්ලු කර දැමූ බවත් පොලිසිය ප්‍රකාශ කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් එරාවුර් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (6)

මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රීවරයෙකුට ප්‍රහාරයක්

රුවන් Saturday, 08 February 2025 05:13 PM

ඉස්සර වගේ නෙමෙයි දැන් සිංහල, දෙමළ, මුස්ලිම් සාමාන්‍ය මිනිස්සු ඒ අයගෙන් හොරා කලා රජ පුටුවලට ගිය දේශපාලුවන්ගෙන් පලිගන්න පටන් අරන්. සමහර විට හෙට අනිද්දා මුහුණ වහන් යන්නේ වෙයි මේ අයට.

:       37       25

යෝගාSaturday, 08 February 2025 05:40 PM

බලය ලබාගැනීමට අනෙකුත් දේශපාලන පක්‍ෂ කෙරෙහි වෛර කරන්න, නීතිය අතට ගන්න ජනතාව පෙලඹවූයේ නීච ජෙප්පන් විසින්. බොහෝ චෝදනා අවබෝධයෙන් කියපු ඒවා බොරු. එය තමා වෙතටත් ඉක්මනින්ම හැරෙයි කියලා නොහිතන එක නම් පව්...

:       3       37

karolisSaturday, 08 February 2025 06:28 PM

ඇයි මේ අය විතරක්? බොරුවෙන්ම ආණ්ඩුව කරන කට්ටිය මූණ වහගෙන යන්න ඕන නැතෙයි?

:       17       15

වික්‍රම විදුර Saturday, 08 February 2025 05:45 PM

ජාතිවාදී නම් වලින් කරන දේශපාලනය අවසන් කළ යුතුයි.

:       0       10

amda Sunday, 09 February 2025 09:06 AM

මොකද්ද බොරුව? රට බංකොළොත් කළේ බොරුද? ණය ගෙවලා නෑ බොරුද? ණය නැතුව යන්න බැරි රටක් බොරුද? හොර මගඩිවලට නඩු දාලා ඉවර කරන්න ලංකාවේ කල්යනවා බලාගෙන ඉන්න.

:       16       1

karolisSunday, 09 February 2025 04:36 PM

හලෝ ඇම්ඩා ඇවිල්ලා මාස 4ට සංචිත ටික ඩොලර් මිලියන 57කින් කාබාසිනියා කරලා කියලා දන්නවද? එක පෑන් පාරෙන් හාල් මෝල්ලු මට්ටු කළාද? උගන්ඩා සල්ලි ගෙනාවාද? හොරු ඇල්ලුවද? vitz එක ලක්ෂ 12ට දුන්නාද? 2/3 ආණ්ඩුවක් තියා ගෙනත් කියපු එව්වා එකක්වත් කළාද?

:       0       27

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 498 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site