
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන ගිවිසුම පාර්ලිමේන්තුව විසින් සම්මත කර අවසන් බැවින් රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපතිවරයා ඊට අනුකූලව ඉදිරියට වැඩ කටයුතු සිදු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
කාරක සභා සහ උපදේශක සභා වල රීති එම සභා තුළ රැස්වන මන්ත්‍රීතුවරුන්ගේ සාකච්ඡාවෙන් තීන්දු කළ යුතු බවද ජනාධිපතිවරයා කීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ ආණ්ඩු පක්ෂ හා විපක්ෂ මන්ත්‍රීවරුන් සමඟ ඊයේ (07) පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක 01හි පැවති සාකච්ඡාවේදීය.
රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ නව සභාපතිවරයා ලෙස සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පත් කිරීමට ද ජනාධිපතිවරයා මෙහිදී යෝජනා කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හා අද්‍යාපන සුදුසු කම් අවශ්‍ය නැතෙයි.
අපිට දැන් හොඳටම පේනවා කාගේ පදේටද මේකලා ඔක්කොම නටන්නේ කියලා.මුන් ඔක්කොම ගෙදර යවන්න දැන් කාලේ හරි .චන්දයක් තියලා බලමුකෝ මුන්ට මොකද වෙන්නේ කියලා.බොරු සංඛ්‍යාලේඛන ඕනේ නැහැ පාරට බැස්සම පේනවා විදිහ .කාලකන්නි හැතිකරේ
කොහොමද සජබෙ නම්මලා ගත්ත හැටි..? IMF සටන් පාඨයත් ඉවරයි එහෙනම්
මුන්ව ගෙදර යවලා අපි ආයි පෝලිම්වල ඉමු ආයිබොවන්ඩ.... ඕකනෙ ඉස්සර ඉදලම කියන්නේ "සිංහලයා මෝඩයා" කියලා.
මුදල් කමිටු සභිපති විතරක් නොවෙයි, දැන් මුළු රටම වැඩ කළ යුත්තේ අයි.එම්. එෆ්. අරමුදලේ පදයට අනුවයි. එතකොට කෝ මේ ගොඩනැංවූවා කියන ආර්ථිකය? ඒක අයි.එම්. එෆ්. ඇපයට තිව්වාද දන්නෙ නැහැ.
අපූරු කතා... කෝ අනේ ස්වාධීනත්වය? ඔයා යන්නේ කොයි පාරෙද?
මේ සම්බන්ධයෙන් විහිළු පක්ෂ නායකගේ විශේෂ ප්‍රකාශයක් බලාපොරොත්තු වන්න. මීට පෙර රට තුළ තෙල්පෝලිම් ඇති වූ අවස්ථාවේ දී ඔහුගේ මිත්‍ර රටවලින් තෙල් නැවු ගෙනත් බෑවා සේ මේ යෝජනාවට විරුද්ධව මිත්‍ර රටවල් සමග එක්ව සල්ලි නැව් ගෙනඒමට සාකච්ඡා ආරම්භ කරඇත..
මොනවා වුණත්, මුල් පේලියේ ඉන්න උගත්, බුද්ධිමත්, වැදගත්, මහත්වරු පාර්ලිමේන්තුවේ සිටිය යුතු අයයි. අර පසු පේලිවල ඉන්න හොර (හෙර) අමන, තක්කඩි රැල දැක්කාම මට නම් අප්‍රසන්නයි, පිළිකුල් සහගතයි...!
IMF එකටම ආණ්ඩුව කරන්න දීල පින්පතිය ගෙදර ගියානම් ඉවරයි
ඌරගෙ මාලු ඌරගෙ ඇඟේම තියල කපනව වගේ, හර්ෂට වෙන්නෙ
සැප විඳලාම පෑදුණු තට්ට, සුදු වුණු කොණ්ඩ, ඔක්කෝම වගේ පවුල් දේශපාලකයෝ.. මොවුන් හදවතින්ම රටට, ජනතාවට සෙතක් කරයි කියලා හිතන් ඉන්නවා නම් ඒ අලි මෝඩයින් තමයි. අපේ බදු සල්ලි වලින් සැප ගන්න අය.. ඔවුන්ගේ ගෙවල්වල ඉන්න අයත් පට්ට සැපේ ඉන්නේ... අපේ පන්තියේ අයගෙන් එකතු කරපු බදු සල්ලිවලින්...
ලෝකයේ කිසිම රටක් imf පිහිටෙන් ගොඩ ගිහින් නැහැ..
ජාතිය රැකගන්න තියන අන්තිම අවස්ථාව මේක තමා. හැමොම සීරුවෙන් පෙල ගැසිය යුතුයි.