
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මාධ්‍ය මර්දනයට අද හදිසි නීතිය පාවිච්චි කරන බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය.
ඔහු මෙසේ පැවසුවේ දිට්වා සුළි කුනාටුවෙන් පසු ප්‍රකාශයට පත් කෙරුණු හදිසි තත්ත්වය දීර්ඝ කිරීමේ මහජන ආරක්ෂක ආරක්ෂක පනතේයෝජනා සම්මතය පිළිබඳ විවාදයේදීය.
දයාසිරි ජයසේකර මහතා මෙසේද පැවසීය.
පාර්ලිමේන්තුවේ අයිස් මත්ද්‍රව්‍ය පාලනය කිරීමට දුන්නු උපදෙස් ගැන පුවතක් ලංකාදීප පුවත්පතේ පළවෙනවා. ඒකටත් ඒ අය වරප්‍රසාද කමිටුවට කැඳවලා. ඒක කථානායකතුමාට හොඳ ප්‍රවෘත්තියක්. මෙහෙම ගියොත් ලංකාවේ මාධ්‍ය වලට මොකුත් දාන්න බෑ. මාධ්‍යවේදීන් වරදකාරයෝ බවට පත්වෙනවා. ඇයි මේ හදිසි නීතිය මාධ්‍යවලට පාවිච්චි කරන්නේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාධ්‍ය මර්දනයක් ගැන කටමැත දොඩවන, මහින්දයාගේ සාටකේ ගිහින් එල්ලුනු, රිලාසිරියාට අමතක වෙලා මාධ්‍ය වේදීන්ට කරපුවා. සුදුවෑන් ඝාතන අතුරුදහන් මිනීමෝරු කරවපු හැටි...
අද කොහෙද මාධ්‍ය මර්දනය? එහම මාධ්‍ය මර්දනය පෙන්න නැහැ. මේ රටේ මාධ්‍ය මර්දනයේ නිරතවූ ප්‍රේමදාස, රාජපක්ෂලා එක්ක හිට ගැන දැන් මාධ්‍ය මර්දනය ගෙන කතා කරනවා.