
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා ගමන් ගත් සුඛෝභෝගී මෝටර් රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලො මිටර් 28 දශම 1 කළුතර දකුණ පොලිස් වසම ප්‍රදේශයේදී අනතුරට ලක් වීමෙන් ලේකම්වරයකු බරපතල තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කර ඇතැයි දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි.
අනතුරින් ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයාට කිසිදු තුවාලයක් සිදුවී නැත.
අනතුර වන අවස්ථාවේදී මන්ත්‍රීවරයා, ආරක්ෂකයන් දෙදෙනා ඇතුළු 5 දෙනකු මෝටර් රථයේ සිට ඇතැයි පොලිසිය කියයි.
මෝටර් රථය කොළඹ දෙස සිට මාතර දෙසට ධාවනය වීමේදී මැද ආරක්ෂිත වැටේ ගැටී මාර්ගය හරහා මීටර් 100 ක් පමණ නැවත වම් අත දිශාවට ඇදී ගොස් එම දිසාවේ තිබෙන ආරක්ෂිත වැටේ ගැටී නතර වී ඇතැයි පොලිසිය කියයි.
අද දින මතුගම නගරයේ පැවැත්වෙන සමගි ජන බලවේගයේ රැස්වීමට සහභාගි වීම සඳහා යමින් සිටියදී මෙම අනතුර වී තිබේ.
මන්ත්‍රීවරයා වෙනත් වාහනයක් ගෙන්වාගෙන එම රැස්වීමට සහභාගි වී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
මෝටර් රථය ඉදිරිපසට සහ අධිවේගී මාර්ගයේ ආරක්ෂිත වැටට බරපතල අලාභ සිදුවී ඇත
දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය පරීක්ෂණ පවත්වයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආරක්ෂිත වැටේ අලාභය ගෙවයිද? අපිට ගෙවන්න වෙයිද?
මගේ බලාපොරොත්තුව සඵල වෙලා නෑ.
පලක් නැති මෙවැන්නන් නිසා ජාතික ධනයට වූ හානිය කව්ද පියවන්නේ.කෝටියකට වැඩිය අලාභයක් ඇති. අනික මෙවැන්නෙක් පක්‍ෂයට ගන්න ටෙලිෆෝන නායකත්වයට පිස්සුව තදවෙලාද?
හා හා හා ! මෙයාට ඔක්සිජන්කාරයා අඬගහනවා.. මෙයා යන්න අදි මදි කරනවා වගෙයි පේන්නේ....