
(අංජුල මහික වීරරත්න)
"ක්ලීන් ශ්‍රී ලංකා" ජාතික වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක වන 'අරුණු දොර' ජාතික කියැවීම් ප්‍රවර්ධන වැඩසටහන යටතේ බස්නාහිර පළාතේ තෝරාගත් පළාත් පාලන ආයතන 10ක් සඳහා ජංගම පුස්තකාල රථ බෙදා දීමට රජය තීරණය කර තිබේ.
මෙහි සමාරම්භක උත්සවය ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණු අතර ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ කැස්බෑව සහ සීතාවකපුර නගර සභා සහ හෝමාගම, දොම්පේ, අත්තනගල්ල, මිනුවන්ගොඩ, වත්තල, බුලත්සිංහල, වලල්ලාවිට සහ පාලින්දනුවර යන ප්‍රාදේශීය සභා සඳහා නවීන පහසුකම් සහිත ජංගම පුස්තකාල රථ 10ක් සහ පොත් 9300ක් බෙදා දීම සිදු විය.
ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ මුදල් ප්‍රතිපාදන යටතේ බස්නාහිර පළාත් සභාවේ පළාත් පාලන දෙපාර්තමේන්තුව යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවිණි.
ගම් මට්ටමින් කියැවීමේ රුචිය වර්ධනය කරමින් දැනුමෙන් සන්නද්ධ ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ අරමුණින්
'අරුණු දොර' ජාතික කියවීම් ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
2025 වර්ෂය පුරා 'අරුණු දොර' ජාතික කියවීම් ප්‍රවර්ධන වැඩසටහන යටතේ සිදුකරන ලද සුවිශේෂී කාර්යභාරය මෙහිදී ඇගයීමට ලක් විය.
වැඩසටහනේ සමාරම්භක අවස්ථාවේදී දේශනයක් කළ ප්‍රවීණ ලේඛක මහින්ද ප්‍රසාද් මස් ඉඹුල මහතා සඳහන් කළේ නව සමාජයක් ගොඩනැඟීමේදී නිවැරදි සමාජ කියවීමක් අවශ්‍ය අතර ජනතාවගේ කියැවීමේ රැචිය ඇති කිරීම සඳහා පොත් අරගෙන ගමින් ගමට යාම සුන්දර අත්දැකීමක් බවයි.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක,බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්,ක්ලීන් ශ්‍රී ලංකා කැඳවුම්කරු ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් (මුදල් හා ආර්ථික කටයුතු) ජී. එම්. ආර්. ඩී. අපොන්සු මහත්වරු ද අදහස් දැක්වූහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම මේක අපේ රටට අවශ්‍යම දෙයක්. මොකද දැන් මිනිස්සු කාර්යබහුල නිසා පුස්තකාලවලට යන්නේ නැහැ.. මේ වගේ එකක් පාරක දකින්න තිබුණත් දැන් කියවීමේ ප්‍රවණතාවය වැඩිවෙයි.
කියැවීමෙන් මිනිසා සම්පූර්ණ කරයි. ඒ කියමන කවදටත් හරි...
මුළු ලංකාවටම මේක ක්‍රියාත්මක කරවන්න. කියවන මිනිස්සු හරි අඩුයි.
වික්ෂිප්ත මිනිස්සු ඉන්න රටකට මේක මහගු උපකාරයක්...
අන්තර්ජාලයෙන් මුදවාගන්නට මේක වටිනා ක්‍රමයක්...
බොරු වැඩක්... යල්පැන ගිය අදහසක්... මහජන මුදල් නිරපරාදේ නාස්ති කිරීමක්...!