IMG-LOGO

2025 නොවැම්බර් මස 25 වන අඟහරුවාදා


පොලිසියේ ලෙස පෙනී සිට කප්පම් ගත් 3ක් සොයා විමර්ශන

(ගයාන් සූරියආරච්චි)

පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් යාපනය ප්‍රදේශයේ රන්බඩු වෙළදසලක් පරීක්ෂාකර එම රන්බඩු එල්.ටී.ටී.ඊ සංවිධානයට අයත් ඒවා බව පවසා අධිකරණයට ඉදිරිපත් නොකර සිටීම සදහා වෙළෙදසල් හිමිකරුගේ රුපියල් ලක්ෂ 30 ක මුදලක් ලබාගත් සැකකරුවන් තිදෙනකු සොයා පොලිස් විමර්ශන ආරම්භ කර ඇතැයි යාපනය පොලිසිය පවසයි.

සැකකරුවන් විසින් එම වෙළෙදසලේ තිබූ සී.ටී.ටී.වී දර්ශන පටිගත වන උපාංග ද ගලවාගෙන ගොස් ඇති බව පොලිසිය කියයි.

යාපනය , කස්තුරියා ප්‍ර දේශයේ පදිංචි පුද්ගලයකු විසින් යාපනය පොලිසියට කළ පැමිණිල්ලකට අනුව යාපනය පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

සැකකරුවන් තිදෙනා කොළඹ ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් පැමිණිලිකරුගේ රන්බඩු වෙළෙදසලට පැමිණ වෙළෙදසල පරීක්ෂා කිරීමෙන් පසුව එම වෙළෙදසලෙහි ඇති රන් භාණ්ඩ එල්.ටී.ටී.ඊ සංවිධානයෙන් ලබාගත් රන් භාණ්ඩ බව පවසා වෙළෙදසල් හිමිකරු බියගන්වා ඇති බව පොලිසිය කියයි.

පසුව සැකකරුවන් තිදෙනා එම රන් බඩු කොළඹ අධිකරණයට ඉදිරිපත් කිරීමට රැගෙන යන බවද පවසා එසේ නොකර සිටීම සදහා රුපියල් ලක්ෂ 35 ක මුදලක් ඉල්ලා ඇති අතර පසුව පැමිණිලිකරු රුපියල් ලක්ෂ 30 ක මුදලක් සැකකරුවන්ට ලබාදී ඇති බව පොලිසිය පවසයි.

අනතුරුව සැකකරුවන් විසින් එම ස්ථානයේ තිබූ සී.සී.ටී.වී දර්ශන පටිගත වන උපාංගද ගලවාගෙන ගොස් ඇති බව පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා යාපනය පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

යාපනය දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති කාලිංග ජයසිංහ මහතාගේ උපදෙස්  පරිදි සහකාර පොලිස් අදිකාරී දිස්ත්‍රික් (I) ජරූල් මහතාගේ මගපෙන්වීමෙන් පරිදි යාපනය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක චම්ලි පලිහේන මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඉන්දික අබේගුණසේකර යන මහත්වරු  වැඩිදුර  විමර්ශනවලදී සිදුකරති.



අදහස් (0)

පොලිසියේ ලෙස පෙනී සිට කප්පම් ගත් 3ක් සොයා විමර්ශන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 107 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 195 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1057 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site