(අංජුල මහික වීරරත්න)
බුද්ධ ශාසනයට අභියෝග එල්ලවන මේ මොහොතේ නිවටයන් වෙනවාද? ශක්තිමත්ව මුහුණ දෙනවාද? කියා ජනතාව තීරණය කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
අද වන විට සම්බුද්ධ ශාසනයට ආගම දහමට විවිධ පැතිකඩවලින් අභියෝග එල්ල වන බව විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
සම්බුද්ධ ශාසනයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් උත්තරීතර ස්ථාවරයක් ලබා දී ඇති බවත් එය වචනයට ප්‍රකාශයට පමණක් සීමා නොවී මහපොළොවේ සත්‍යයක් යථාර්ථයක් බවට පත් කිරීම සියලු දෙනාගේම වගකීමක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ උඩරට අමරපුර මහා නිකායේ මහා නායක පදවියෙන් පිදුම් ලැබු නිකපොත චන්ද්‍රජෝති නාහිමියන් පිළිගැනීම වෙනුවෙන් පැවැති උත්සවයක් අමතමිනි. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී මෙම උත්සවය පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුද්ධාගමට වැඩිම හානිය කරන්නේ කවුද කියලා ඇහුවොත් රටේ බහුතර බෞද්ධ ජනතාවගේ උත්තරය තමයි.
ඔන්න අදත් එක්කෙනෙක් අහුවෙලා WHITE DIOMAND බීලා වෙරි වෙලා පන්සලේ සැතපෙනවා. මහනායක ස්වාමීන් වහන්සේලාගේ උපේක්ෂාව, වරද දුටු තැන ඇස් වහගෙන සිටීම නිසා වෙන ශාසන අගතිය විශාලයි. පුතාණෝ පොඩ්ඩක් ඒවා ගැන හොයන්න... බුද්ධාගම ට තියෙන තැන විනාශ කරගන්නේ පන්සලෙන්මයි..
මෙයා වහෙන් ඔරෝ කියන්නේ අර ලිංගික හිංසන කරන හාමුදුරුවරු ආරක්ෂා කරන්න කියලා වගේද?
බුද්ධ ශාසනය රකින්න ඉන්න චීවරධාරියෝ තමා බුද්ධාගමට ලොකුම හානිය කරන්නේ? බහුජන හිතාය බහුජන සුඛාය කිව්වට ඒකවත් නොතේරෙන විපත්ති නායකයා....
බුද්ධ සාසනයට තියෙන ලොකුම චෝදනාව තමයි ඒ ඇතුළේම ඉන්න චීවරය දරාගත් අපරාධකරුවන් සහ ඔවුන්ට ගරු කරන, බෙදන දේශපාලකයන්.
මෙයාට ලාමක ටින් ටින් කියන්නේ නිකම් නෙමෙයි මුන්ට මුල මතක නැහැ. නාකිමයිනට තමන්ගේ අප්පොච්චි කරපු දේවල් බුද්ද ශාසනයට. කොහොමද නිධන් හාරපු හැටි ලාමක ටින් ටින් ප්‍රධානියා. සිවුරු ඇදගන මහ පරිමාණයෙන් කුඩු ගේන ඒවටත්. මාලිමාව පළිද? බුද්ධ ශාසනය වැනසෙන්නේ... ඕනම හොරෙක්ට, හිගන්නෙක්ට... බඩගිනි කාරයෙක්ට සිවුර පොරෝගන්න පුළුවන් හිස මුඩුකරලා ඕනම වේලාවක. මේවා නතර කරන්න ඕන. දේශපාලකයින්ට පන්සල් තහනම් කරන්න ඕනෑ. මුන් පන්සල් ආවා කියලා මොකද වුනේ රටාගාතේටම ගියා. හොරාකාලා... කරඩුව ඕනෑවට වැඩිය ඔලුවේ තිබ්බා. හාමුදුරුවරු... මෙතැන බිස්නස් එකක් වෙන නිසානේ... පිටිසර පැතිවල හාමුදුරුවරු පමණයි... සාසනේ රැකගෙන ගමත් රැක ගන්න ජීවත් වෙන්නේ... ලාමක ටින් ටින්. දුශ්කර පන්සල් වලට ජීවිතෙටවත් ගිහින් තියෙනවාද? ජනතාව දැනුමින් පෝසත්... මුනැවිත් කොළඹ තියෙන දුකට කෑගහන්න ඉටිසරින් දුප්පත් මිනිස්සු ගේනවා බත් මුලක් දීලා. ඔයතරම් අමාරු නම් ගොබ්බ රැල මහණ වෙන්න.