
(අංජුල මහික වීරරත්න)
2030 වන විට ළමා පිළිකා රෝගීන්ගේ දිවි ගලවා ගැනීමේ අනුපාතය 60% දක්වා ඉහළ නැංවීමට ජිනීවා හිදී ගෝලීය සෞඛ්‍ය නායකයෝ ප්‍රතිඥා දුන්හ.
මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසූයේ පිළිකාවෙන් මිදෙන දරුවන්ට අංග සම්පූර්ණ ජීවිතයක් ලබා දීම සැමගේ වගකීමක් බවයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ 79 වන ලෝක සෞඛ්‍ය සමුළුවේ සමාරම්භය ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් Dr. Tedros Adhanom Ghebreyesus මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සමාජික රටවල් 194 ක සෞඛ්‍ය අමාත්‍යවරුන්, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ඇතුළු නියෝජිත පිරිසකගේ සහභාගීත්වයෙන් ස්විට්සර්ලන්තයේ ජිනීවා හි පිහිටි ලෝක සෞඛ්‍ය සංවිධාන මුලස්ථානයේ දී සිදුවිය.
ඩොමිනිකන් ජනරජයේ වෛද්‍ය වික්ටර් එලියාස් අටල්ලා ලජාම් මෙම සෞඛ්‍ය සමුළුවේ සභාපති ලෙස තේරී පත් විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd