
(ලක්මි කුඩලිගම)
තිනියාවල පොලිස් වසමේ 07 කණුව උපේක්ෂා පෙර පාසල අසල දී අද සවස සිදු වූ රිය අනතුරකින් බරපතල තුවාල ලබා පුද්ගලයින් 05 දෙනෙකු මීගහතැන්න මූලික රෝහල වෙත ඇතුලත් කර ඇතැයි තිනියාවල පොලිසිය පවසයි.
නෙලුව දෙස පැලවත්ත දෙසට ගමන් ගත් තේ දළු ප්‍රවාහනය කළ ලොරි රථයක් සහ පැලවත්ත දෙස සිට කලුබෝවිටියන දෙසට ගමන් ගත් ත්‍රී රෝද රථයක් මෙලෙස අනතුරට පත්ව ඇත.
ත්‍රී රෝද රථයේ ගමන් ගත් පුද්ගලයින්ගේ අනන්‍යතාව මේ වන තෙක් අනාවරණය නොවන අතර,වැඩිදුර විමර්ශන තිනියාවල පොලිස් ස්ථානය විසින් සිදු කරන ලබයි.
COMMENTS
ලංකාවට තව තව ත්‍රිරෝද රථ ගේන්න ඕනෑ කියලා නහින උන්දැලාගේ දැනගැනීම පිණිසයි.
ලංකාවේ රැකියා ප්රශ්නය විසදීමට හිටපු කර්මාන්ත ඇමතිවරයා මෙන්ම කවුද කොටියා පොත ලියා ජාතිවාදය ඇවිස්සූ සිරිල් මැතිව් තමයි මුලින්ම ත්‍රීවීලර් ගෙන්වීමට කටයුතු කලේ එදා සිටම තරුණයින් වැඩි ප්රමාණයකගේ වටිනා ශ්‍රමයෙන් වැඩක් නැතිවුනා. නිතරම සිදුවූ අනතුරු නිසා ලක්ෂ ගණනක් ජීවිත අහිමිවුනා. මුලින්ම ත්‍රීවීලර් ගෙන්වූ දවසේ සිට ත්‍රීවීලර් අනතුරු වලින් මියගිය ප්‍රමාණය බැලුවොත් ඇත්ත ඇති සැටියෙන් අවබෝධ වේවි
තිුවිල් පමණක් නොමෙයි ඔබ පාරවල් වල යන තේදලු එකතු කරන යක්කුත් වාහන වල යන්නේ පිස්සෝ වගේ වෙන මිනිස්සු ගැන හිතන්නේ නෑ