
(අංජුල මහික වීරරත්න)
සංස්කෘතික සබඳතා පිළිබඳ ඉන්දීය කවුන්සිලයේ (ICCR) ආරාධනයක් මත ඉන්දියාවේ සංචාරයක නිරතව සිටින ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සහ ඉන්දියාවේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්. ජෙයශංකර් මහතා අතර හමුවක් සිදුවිය.
දෙරට අතර සම්බන්ධතාවය තව දුරටත් ශක්තිමත් කළ යුතු බවත් සංවර්ධන අවස්ථා මෙන්ම සුබසාධන කටයුතු විධිමත්ව පවත්වාගෙන යාම පිළිබඳවත් මෙහිදී දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු විය.
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් මොහොතේ ශ්‍රී ලංකාවට දැක්වූ සහයෝගය සිහිපත් කළ ටිල්වින් සිල්වා මහතා ඒ සම්බන්ධව සිය ස්තුතිය පළ කළේය. මෙහිදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා පැවසූයේ ශ්‍රී ලංකාවට ඉන්දියාව සැම විටම විශ්වාස කළ හැකි හිතවත් මිතුරෙකු ලෙස පවතිනු ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිට්වා සුළිකුණාටුවෙන් විපතට පත්වූ අවස්ථාවේ ඉන්දියාව සිදුකළ මෙහෙය ඉතාම අගය කරනවා.
මොන භාෂවකින්ද කතා කළේ? ඉංග්‍රීසිද? හින්දිද?
ලංකා- ඉන්දීය සබදතානය හොදින් පවත්වන්න.
අසල්වැසි රට සමග මිත්‍රශීලී භාවය දෙරට දියුණුවට හේතුවක්. ලෝකයේ අනිකුත් රටවලට ආදර්ශයක්
හදිසියේම හමුවීමට ගියේ ඇයි?