
අල්ලස් දූෂණයට නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය අද (15) ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවේදී උණුසුම් තත්ත්වයක් ඇති විය.
විරෝධතාවය ආරම්භ කිරීමත් සමග පොලීසිය විසින් බැනර් හකුළා ඉවත් කළ අතර, එහිදී විරෝධතාකරුවන් සහා පොලීසිය අතර කලබල ස්වරූපයක් හටගත්තේය.
ජනාධිපති ලේකම් කාර්යාලය අවට ආරක්ෂාව ද තරකර තිබුණු අතර පසුව විරෝධතාකරුවන් විසින් ජනාධිපති අතිරේක ලේකම් කපිල මුණසිංහ මහතා වෙත සංදේශයක් භාරදෙනු ලැබීය.
මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍රය නැවත ලබාදීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් ඔවුන් එම විරෝධය සංවිධානය කර තිබිණි.
(ඡායාරූප - ශාන්ත රත්නායක )
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ ජනතාවට බය රනිල්ගේ තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය...
ආයෙත් බලය ලබාගන්න ඕන නිසා කාලකන්නි අමනයන්ට වාහන පර්මිට් ...
මෙයා එළෙව්ව දවසට රටට සෙතක් වෙයි. 25 සැරයක් විතර පැරදිච්චි කෙනෙක් මේකට බලෙන් පැනලා වීරයෙකන් වෙන්න හදනවා.
රටේ මිනිස්සු අන්ත දුක් විදිද්දි රට බංකොලොත් කරපු උන් වාහන ගන්න එක සදාචාර සම්පන්නද ? අපි සියලු දෙනා මීට එරෙහි විය යුතුය.
අල්ලස් ගේ කුලී හේවායෝ බැහැලාම වැඩ