IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ගොයම් කයිය අටක් රෝහලට යවයි

(ගයාන් සූරියආරච්චි)

ගොයම් කැපීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුලියට ගොයම් කපන දෙපිරිසක් අතර ඇතිවූ බහින් බස්වීමකින් පසු  ගැටුමකින් අට දෙනකු තුවාල ලබා පුල්මුඩේ සහ ශ්‍රීපුර රෝහල්වලට ඇතුළත් කර ඇතැයි පුල්මුඩේ පොලිසිය පවසයි.

තුවාල ලබා රෝහල්ගත කර ඇත්තේ පදවිය ශ්‍රීපුර පදිංචි සිවු දෙනකු සහ පුල්මඩේ පදිංචි සිවු දෙනකු බව පොලිසිය පවසයි.

පුල්මුඩේ ප්‍රදේශයේ කුඹුරු යායක ගොයම් කැපීම සදහා පදවිය ශ්‍රී පුර ප්‍රදේශයෙන් පිරිසක් පුල්මුඩේ ප්‍රදේශයට පැමිණ සි‍ටියදී එම ප්‍රදේශයේ පිරිසක් ද ගොයම් කැපීමේ යන්ත්‍ර යොදාගෙන කුලියට ගොයම් කැපීමේ නිතරව සිට ඇතැයි පොලිසිය පවසයි.

සිද්ධිය වූ දින රාත්‍රියේ ශ්‍රීපුර ප්‍රදේශයේ සිට පැමිණ සිටි පුද්ගලයකු ඔවුන් ගොයම් කපන කුඹුරේ ගොයම් කැපූ බව කියමින් පුල්මුඩේ පදිංචිකරුවකු‍ට පහරදී ඇති බව පොලිසිය පවසයි.

පසුව පොලිසියට ලද පැමිණිල්ලකට අනුව විමර්ශන සිදුකිරීම සදහා පහර දුන් බව කියන පුද්ගලයා තාවකාලිකව පදිංචිව සිටින 10 කණුව, මීගස්වැව ප්‍රදේශයේ නිවෙසට ගිය අවස්ථාවේදී පහරකෑමට ලක්වූ බව කියන පුද්ගලයාගේ කණ්ඩායමේ පිරිසක් ද එම ස්ථානයට පැමිණ ඇති බව පොලිසිය පවසයි.

එහිදී පොලිස් නිලධාරීන් විමර්ශන කටයුතු කරමින් සිටියදී දෙපිරිස එකිනෙකාට පහර දී ඇති බවත් පසුව පොලිසිය මැදිහත්වී එම ගැටුම සමථයකට පත්කළ බවත් පොලිසිය පවසයි.

එහිදී තුවාල ලැබූ දෙපිරිසේ 8 දෙනකු රෝහල් ගත කර ඇතැයි පොලිසිය පවසයි.



අදහස් (0)

ගොයම් කයිය අටක් රෝහලට යවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site