
(අංජුල මහික වීරරත්න)
ලංකාවේ කෘෂිකර්මය දියුණු කිරීම සඳහා ලෝක ප්‍රකට මයික්‍රොසොෆ්ට් ආයතනයේ හිමිකරු බිල් ගේට්ස් මහතාගේ බිල්ගේට්ස් පදනම ඉදිරිපත් වී සිටී.
කෘෂි ක්ෂේත්‍රයේ ඵලදාව වැඩි කිරීම හා පෝෂණය වැඩි කිරීමේ කටයුතු වෙනුවෙන් ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමේ මෘදුකාංගයක් හදුන්වාදෙමින් බිල්ගේට්ස් පදනම මෙරට කෘෂිකර්මය නැංවීමට ඉදිරිපත්ව සිටින අතර ඒ සඳහා වන මූලික සාකච්ඡාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පවත්වා තිබේ.
මෙරට කෘෂිකර්මාන්තය කෘෂි කර්මාන්තය දියුණු කිරීම සඳහා ඩොලර් මිලියන 250 ක ප්‍රදානයක් මෙම ව්‍යාපෘතියෙන් ලැබෙන අතර කෘෂි ක්ෂේත්‍රයේ දත්ත එකතු කිරීම සහල් සහ අනෙකුත් භෝග වගාවන්ගේ පෝෂණය වැඩි කිරීම මෙහි මූලික අරමුණයි.
බිල් සහ මිලින්ඩා ගේට්ස් පදනමෙි නිලධාරීන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් සතියේ මුණ ගැසුණු අවස්ථාවේ මෙම ව්‍යාපෘතියට එකඟතාවය පළ කර තිබෙි.
නව මෘදුකාංගයෙන් සෘජුවම පොහොර භාවිතයේ සිට ඵලදාව ලබා ගැනීම දත්වාත්, ලබාගන්නා ඵලාදව සංරක්ෂණය කිරීම උදෙසාත් අවශ්‍ය මඟ පෙන්වීම ලබා දෙන බව ජනාධිපති කාර්යාලයේ පැවති මූලික සාකච්ඡාවේ දී සඳහන් වී ඇත.
මීට අමතරව සමාජ ආරක්ෂණ වැඩපිළිවෙල ඩිජිටල්කරණය කිරීමට ද බිල් ගේට්ස් පදනම ඉදිරිපත්ව සිටියි. ඊට අමතරව රටෙි මූල්‍ය පද්ධතිය මෙන්ම දේශගුණික විපර්යාස සම්බන්ධ අංශය ද මෙම මෘදුකාංගය ඔස්සේ ඩිජිටල්කරණයට ලක් කරනු ඇත.
එසේම රාජ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීමට ද මෙමගින් සහාය හිමිවනු ඇතැයි මූලික සාකච්ඡාවේ දී අනාවරණය විය. මෙම කටයුතු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සාගල රත්නායක හා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහත්වරුන්ගේ අධීක්ෂණය යටත් සිදුවනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දත්ත රැස් කිරීම , ඒව විශ්ලේෂණය , ජාන හොරකම .....
එමආයතනය විසින්ම මෙම ව්‍යාපෘතිය අවසානය දක්වාම අධීක්ෂණය කිරීමත් සිදුකළ යුතුමයි. දන්නවනේ අපේරටේ සමහර ව්‍යාපෘති. හරියට මැජික් වගේ තමයි.
අර අසූචි නැව් පිටින් ගෙන්නපු උදවිය කොහේ හරි කොනකින් ගෑවුනොත් බිල් හා මිලින්දටත් කන්න වෙන්නේ අසූචි තමයි .
ඔය පදනමේ සල්ලි ටික ඇමතිලා මාසෙන් ගිලලා දාවි.බිල් ගේට්ස් ටත් පාරට වැටෙන්නයි වෙන්නේ
ගොවි මහත්වරුනේ ප්‍රවේශමෙන් !!! ඔබ දැනට භෝග වගාකිරීමට යොදාගන්නා අපේ රටේ " සාම්ප්‍රදායික " බීජ වර්ග ආරක්ෂාකර ගන්න. ඕනෑවටත් වඩා අස්වනු ලබාදෙන නව ප්‍රභේද හඳුන්වාදීමට පොරකන සංවිධාන ඕනෑතරම් සිටිනවා. අපේ රටේ සම්ප්‍රදායික බීජ වර්ගවල අයිතිය තමුන්ට ලබාගැනීමටත්, ඉන්පසු ඒවා ලංකාවෙන් නැත්තටම නැතිකිරිමටත් , අවසානයේදී ඔවුන් හඳුන්වාදෙන විකල්ප භෝග බිජ භාවිතා කිරිමටත් ඔබට අනිවාර්යයෙන්ම සිදුවෙන්න පුළුවනි. ඒ නව විකල්ප බිජ කිලර් ජීන තාක්ෂණයෙන් නිෂ්පාදනය කළ ඒවා වුවහොත්.. වගා කිරීමෙන් පසු නියමිත කාලයකදී මල් හටගැනීමටත්, ඉන්පසු කරල් හටගැනීමටත්, ඉන්පසු සෑදුන කරල් හොඳින් වැඩීමටත්, "අනිවාර්යයෙන්ම" ඔබ භාවිතා කළයුතු රසායනික හෝමෝන වර්ග කිහිපයක් ඒ බිජ නිෂ්පාදනය කළ සමාගමෙන්ම වෙනම මිලදී ගන්න සිදුවෙන්න පුළුවන්. බිල්ගේට්ස් කියන්නේ බබෙක් නොවෙයි. රනිල් වගේ, බංකොලොත් පට්ට මෝඩයෙක් අන්දන්න ඔය කියන පදනම්වලට ගතවන්නේ නිමේශයක් පමණයි.
සල්ලි පරිස්සම් කර ගන්න බිල් මහත්තයෝ, මෙහෙ අය සල්ලි හොරකම් කරනවා.