(රෝෂන් තුෂාර)
රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 263 ක් සමග අත්අඩංගුවට පත් දෙවුන්දර ධීවරයින් 10 දෙනා ලබන 22 දින දක්වා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ රඳවා ප්‍රශ්න කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා නියෝග කළේය.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් මත්ද්‍රව්‍ය කාර්යාංශය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කෙරිණි.
අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 179.906ක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 83.582ක් සමඟ දෙවුන්දර වෙරලේ සිට කිලෝමීටර් 246 ක් ඈත මුහුදේදී අත්අඩංගුවට පත් ධීවරයින් මෙසේ රඳවා ප්‍රශ්න කිරීමට නියෝග කෙරිණි.
මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම, සන්තකයේ තබා ගැනීම ඇතුළු චෝදනා යටතේ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ අතර මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලය අනාවරණය කරගැනීම සඳහා තවදුරටත් විමර්ශන සිදුකරන බැවින් සැකකරුවන් රඳවා ප්‍රශ්න කිරීමට අවසර ලබා දෙන ලෙස පොලිසිය කළ ඉල්ලීම අනුව මේ සේ නියෝග නිකුත් කෙරිණි.
2025 දෙසැම්බර් මස 18
145
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුඩුත් එක්ක ඇල්ලූ ධීවරයින්ගෙන් ප්‍රශ්න කරන්න අවසර
Lal Tuesday, 16 April 2024 05:57 PM
ජෙප්පෝ බලන්න අකමැති දේවල්