IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


කල්‍යාණි රන් පිවිසුම විවෘත කෙරේ

(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධි තාක්ෂණික කේබල් මත ඉදි කල නව කැලණි පාලම නොහොත් 'කල්‍යාණී රන් පිවිසුම' ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ අතින් මීට මොහොතකට පෙර විවෘත කෙරිණි. 

සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට යටත්ව මෙම උත්සවය සංවිධානය කර ඇත.

කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ කොළඹ අන්තයේ අවසානයේ සිට බණ්ඩාරනායක වටරවුම දක්වා මංතීරූ 6කින් යුත් මෙම පාලම එතැන් සිට ඔරුගොඩවත්ත දක්වාත්, ඉගුරුකඩේ හංදිය දක්වාත්, වරාය පිවිසුම් මාර්ගය දක්වාත් මංතීරු 4ක් වන ආකාරයෙන් නිර්මාණය කර ඇත. 

මෙහි කැලණි ගඟ හරහා ඉදිකර ඇති පාලම් කොටසේ දිග මීටර් 380කි. පැකේජ දෙකක් යටතේ මෙම පාලමේ ඉදිකිරිම් කටයුතු සිදු කරනු ලැබ ඇති අතර පළමු පැකේජය වන වානේ නිමැවුම් පාලම් කොටස සදහා රුපියල් මිලියන 31,539ක් සහ දෙවන පැකේජය වන කොන්ක්‍රිට් එල්ලෙන පාලම් කොටස සදහා රුපියල් මිලියන 9,896ක් වැය කර ඇත.

එම ඉදිකිරීම් සිදුවූයේ ජපන් අන්තර්ජාතික සහයෝගිතා ආයතනයේ (JICA) මූල්‍ යදායකත්වයෙනි.

ජනාකීර්ණ පරිසරය හරහා ඉදිවන මෙම ව්‍යාපෘතියේ කැළණි තිස්ස වටරවුම ආශ්‍රිත භූමිය සහ නව කැළණි පාලමේ කෙලවරේ සිට ඔරුගොඩවත්ත මංසදිය දක්වා මාර්ගය දෙපසත් අලංකාර කිරිම සදහා ජාතික උද්භිත උද්‍යාන නිලධාරීන් විසින් නිර්දේශ කරන ලද කොබෝ නීල, ඇහැල, මැයි මාර, රොබරෝසියා, කහ මාර, රත්මල්, මී, කුඹුක්, නා, අරලිය, මගුල් කරද, නුග සහ මුරුත යනාදී ශාක ප්‍රභේද පමණක් රෝපණය කර ඇති අතර එම ශාක වෙත නොකඩවා ජලය සැපයීමට  භුගත ස්වයංක්‍රීය ජල නල පද්ධතියක් ද ඉදි කර ඇත.

දියුණු රටවල් පාලම් අලංකරණය කිරිම සදහා භාවිතා කරන නව තාක්ෂණික ක්‍රමවේදයන් කෙරෙහි අවදානය යොමු කරමින් මෙම පාලම  විදුලි ආලෝකකරණය කර තිබේ.

කොළඹ කටුනායක අධිවේගී මාර්ගය විවෘත වීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන නගරය හා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ එකිනෙකට සම්බන්ධ වීම නිසා කොළඹ නගරයට ඇතුල් වන වාහන සංඛ්‍යාවේ විශාල වැඩිවීමක් සිදුවී ඇති අතර එවැනි අධික වාහන සංඛ්‍යාවක් සඳහා වත්මන් කැලණි පාලමේ ධාරිතාවය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා සහ මහාමාර්ග අමාත්‍යවරයා ලෙස  සිටි 2014 වසරේදී මෙම නව කැලණි පාලම ඉදිකිරිම සදහා ගිවිසුම් අත්සන් කෙරිණි.

එහි ඉදිකිරීම් ආරම්භ වුයේ 2017 වසරේදීය.

මහා සංඝරත්නය, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු මැති ඇමතිවරු, අමාත්‍යාංශ නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටිති.



අදහස් (49)

කල්‍යාණි රන් පිවිසුම විවෘත කෙරේ

Nuwan Wednesday, 24 November 2021 06:19 PM

ඕක කරනකොට මහා ශබ්දයක් ආවේ නැද්ද?

:       33       167

Lal Wednesday, 24 November 2021 06:38 PM

මළ විකාර විවෘත කිරීම්... මහජනතාවගේ මුදල්වලින් ව්‍යාපෘති කරලා දැන් පොරවල් වෙනවා...

:       30       149

VithanaThursday, 25 November 2021 07:21 AM

අද වෙනකන් විවෘත කරපු හැම දෙයක්ම පහුගිය යහපාලන ආණ්ඩුවෙන් හදපුවා. මෙයාලා ආපු ගමන් ඒවායේ වැඩ පරක්කු කලා ,මෙයාලා හදපු විදියට පෙන්වන්න.

:       5       17

BamunuarachchiThursday, 25 November 2021 08:04 PM

ඕක කියන්න දෙයක්ද හැම වැඩක්ම බාර ගන්නේ අපි කරන්නම් කියලා නමුත් වැඩක් අවසන් වෙන්න කොරන්න අතරමග දාල යනවා. ආණ්ඩුව ගත්තෙත් එහෙමනේ අන්තිමට අවුරුදු 5 කර ගන්න බැරුව දාලා යනවා. වැඩක් නිමකරන්න නම් රාජපක්ෂලාට බාර දෙන්න. කෝ ජෙප්පෝ? ලෑස්තිවෙනවා ඇති පාලමේ කේබල්වල ආතතිය මදී කියන්න අපි කලානම් හයි ටෙන්ෂන් කේබල් දානවා කියයි. ඕකට ඔච්චර වියදම් කලේ ඇයි අපි දෑකැත්තෙන් මිටියෙන් කරන වැඩනේ ඕවා.

:       1       1

mohomed agarapatana Wednesday, 24 November 2021 06:53 PM

අනුන්ගේ ළමයින්ගේ උප්පැන්නයට තමුන්ගේ නම දානවා...

:       35       165

RohanWednesday, 24 November 2021 07:44 PM

හැදුවේ මහින්ද තමයි... ගිය ආණ්ඩුවෙන් පරක්කු කළා මිස... මහින්ද මේක 2012දී පටන් ගත්තේ නැතිනම් අද මේ වගේ එකක් නැහැ.

:       155       51

Nandalal DE SILVA - FranceThursday, 25 November 2021 05:47 AM

රාජපක්ෂවරුන්ගේ පෞගලික ධන පරිත්‍යාගයකින් හදපු දෙයක් වගේ.

:       2       17

VithanaThursday, 25 November 2021 07:24 AM

මහින්ද හදපු පාලමක් නෑ මුල් ගලක් තියලා පැලවෙන්න ඇරියා මිසක්. ඒකට ජයිකා ආධාර අරන් වැඩ පටන් ගත්තේ .යහපාලන ආණ්ඩුවේ චම්පික රණවක ඇමතිතුමා.

:       5       19

HemaThursday, 25 November 2021 10:30 AM

සල්ලි මැදමුලනෙන් කියලද හිතන්නේ.

:       2       17

BamunuarachchiMonday, 29 November 2021 06:51 PM

මහින්ද කරපු යුද්දෙකුත් නැහැ නේද? පාලම හැදුවේ චම්පික නම් විවෘත කරන්න මහින්දට තිබ්බේ ඇයි? කියන්න බලන්න...

:       0       0

BamunuarachchiSaturday, 27 November 2021 12:17 PM

ගැහැනිව දෙවනි සැරේ කසාද බැන්ද ගත්තාට ළමය පළමු කසාදෙ.

:       0       0

සනත් ගමගේ Wednesday, 24 November 2021 06:55 PM

කළ්‍යාණි රන් දොරටුව නම අල්ලාගෙන එයට විරෝධය පාන්න කට්ටිය පාරට බස්සන්න කෝකටත් විරෝධය පාන කණ්ඩායම දැන් සූදානම් වෙනවා ඇති... රටක දියුණුව දකින්න බැරි පටු දේශපාලන ඇස්, හිස්, හිත්, කවදා මේ රටින් තුරන් වේවිද?

:       186       49

ගමේ එකාලාWednesday, 24 November 2021 08:33 PM

ඒක හින්දා වෙන්න ඇති සුනාමියෙන් අසරණ වූ අයට ලැබුණු ආධාරත් ගසා කෑවේ. නූපන් දරුවන් පවා ලෝකෙටම ණය කාරයෝ කෙරුවේ. කාර් රේස් තියමු. රොකට් අරිමු.

:       29       145

සෙනෙවිරත්න Wednesday, 24 November 2021 11:00 PM

එහෙම කරන්නෙ කොහොමද? රටට සෞභාගේ අරගෙන ආව නයා ආවෙ කැළණියෙන් නොවේද? ඒකට සලකන්න ඔය නම දමන්න ඇත්තෙ

:       1       14

සෙනෙවිරත්න Wednesday, 24 November 2021 11:04 PM

විරුද්ධ නොවිය හැකි මෙතුමා කරපු හරි වැඩක් කියන්නකෝ. හැබැයි මිරිහානෙ ගෙදර පාවිච්චි කරනව වගේ ෂෝ වැඩ නෙවෙයි. ඒව හොඳයි හැට නමයට චූන් වෙන්න.

:       3       10

BamunuarachchiSaturday, 27 November 2021 02:23 PM

බාර ගත්ත වැඩ හරියට නොකරානම් අද ඔහේ තෝස කඩයක තොසේ බෙදනවා...

:       0       0

mihira Wednesday, 24 November 2021 07:29 PM

හදපු කෙනා පැත්තක... ඇඳුම් ඇඳගෙනද මෙයා ඇවිත් ඉන්නේ...?

:       35       151

lakvidu Wednesday, 24 November 2021 07:54 PM

මෙහෙ රන්දොරටු, අනිත් කොනේ පාලම් පාරු පෙරලිලා අම්මලා සිරිසප්පයොත් එක්ක එකට මැරෙනවා.

:       1       11

ජයසුමන Wednesday, 24 November 2021 07:55 PM

මෙයාලා කරන ඕනම දෙයක් සෞඛ්‍ය ආරක්ෂිතයි. වෙන කවුරු හරි කරන ඕනම දෙයක් සෞඛ්‍ය ආනාරක්ෂිතයි

:       1       7

Kuttiarachchi Wednesday, 24 November 2021 07:59 PM

තමන්ගේ පුද්ගලික වියදමෙන් හදපු පාලම තමන්ම විවෘත කරනවාට විරුද්ධ වෙන්න එපා...

:       0       0

kapila Wednesday, 24 November 2021 08:29 PM

2024 අප නායක සොයුරා යටතේ ඇතිවන නව සමාජවාදි ආණ්ඩුව දුප්පතුන්ට පවා ගමන් කළ හැකි පරිදි මෙම මාර්ග ජනසතු කරනවා. එවිට හයිවේ වලට මුදල් ගෙවීමට අවශ්‍ය නොවේ.

:       44       27

යෝගා Wednesday, 24 November 2021 08:42 PM

සභාවේ සිනා...

:       21       47

abWednesday, 24 November 2021 11:32 PM

කැට හොල්ලලා මහාමාර්ග හදන්න පුළුවන් කමක් නැහැ.

:       6       1

ලකිත් ශ්‍යාමන් Wednesday, 24 November 2021 08:29 PM

රනිල් වික්‍රමසිංහ හා චම්පික රණවක ඉනට අත්දෙක තබාගෙන බලන් ඉන්නවා. මේ අය එකතු වෙලා අනුන්ගේ ළමයෙකුට උප්පැන්නෙට නම දෙන දිහා...

:       36       143

යෝගා Wednesday, 24 November 2021 08:44 PM

මාත් දැක්කා ඒ දෙන්නා ඔය පාලම යට ගජරාමෙට කොන්ක්‍රීට් අනනවා..

:       127       51

VithanaThursday, 25 November 2021 07:22 AM

එතකොට මේ විවෘත කරන අය මොනවද කරනවා දැක්කේ?

:       1       9

RanilThursday, 25 November 2021 11:07 AM

කොන්ක්‍රීට් අනන්න සිමෙන්ති තියනවද ?

:       1       12

RanjanThursday, 25 November 2021 11:49 AM

මෙච්චර කියලත් ඒක කවුද හැදුවේ කියලා තේරෙන්නේ නැත්තේ ඔයාගේ අඩුවක්.

:       1       5

siri Wednesday, 24 November 2021 10:10 PM

මෙන්න දෙතුන් දෙනෙකුට රත්තරන් දොරටු ඇරුන රටේම අනිත් පලාත්වල ප්‍රවෘර්ති "පාලම් පාරුවක් පෙරළීමෙන් සිසුන් හය දෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.කොරෝනා මරණ ටිකක් ඉහළ යයි. පාස්කු ප්‍රහාරයේ මතුපිටින් පෙනෙන දේට වඩා වැඩි යමක් තියෙනවා. වල් අලි රංචුවක් මහියංගන සහ මිනිපේ වැසියන් නිවෙස්වල සිර කරති"

:       1       6

Mahesh Thursday, 25 November 2021 01:20 AM

හොරු සමග හෙලුවෙන්. කොච්ච්ර කන්න ඇතිද?

:       1       7

Sriland Thursday, 25 November 2021 02:39 AM

ජයවේවා ශ්‍රීලංකා.

:       2       2

Perera Thursday, 25 November 2021 04:03 AM

අධි තාක්ෂණික කේබල් පංචිකාවත්තේ ඒවාද චිනේ ඒවාද.?

:       1       5

lama Thursday, 25 November 2021 04:33 AM

දියුනු යයි සම්මත රටවල මේ වාගේ විවෘත කිරිම් නැහැ. මේවා ජනතාවගේම මුදල් නිසා. ණය ගත්තත් ණය කරන්නේ ජනතාවම නිසා. ඒවා කවදහරි ගෙවන්නෙත් ජනතාව නිසා. අළුවතින් පාරවල් හදනවා. හදලා ඉවරවුනාම පාර විවෘතයි.

:       1       10

reka Thursday, 25 November 2021 04:45 AM

අන්න අරහෙ පාලම් පාරැවක් පෙරලිලා පොඩි එවුනුත් එක්ක බර ගානක් මැරිලා...!

:       1       12

ලුම්බිණි Thursday, 25 November 2021 05:27 AM

ජපන් ආධාර නිසා වෙන්න ඇති ජපන් කවුරුත් නැත්තේ. චීන උනා නම් මෙතන කොහොමද?

:       1       10

Charitha Hettiarachchi Thursday, 25 November 2021 08:03 AM

මම ඉන්න රටේ දැවැන්ත පාලම් හදනවා. කවදාවත් දැකල නැ දේශපාලකයන් ඒවා වීවෘත කරනවා. මොකද, ඒවා හදන්නේ දේශපාලකයන්ගේ සල්ලී වලින් නොවන නිසා. ඒ රටවල ජනතාව මේ වගේ ගොනාට අන්දන්න බැ.

:       1       16

Bunny Preena Thursday, 25 November 2021 08:50 AM

රටක සංවර්ධනයට අත්‍යවශ්‍ය ප්‍රධාන සාධක වලින් එකක් තමයි මහා මාර්ග ශ මංමාවත් යහපත් තත්වයෙන් පවත්වා ගැනීම.

:       4       5

Indhika Thursday, 25 November 2021 10:21 AM

JICA එකෙන් හැදුවට එක ජපන් ජාතිකයෙක් නෑ උත්සවේට. චීන්නු හැදුවනම් ලංකාවේ කොඩිය උත්සන්න වත් දෙන්නේ නෑ.

:       1       17

kamal Thursday, 25 November 2021 10:28 AM

මේකට පක්ෂ දේශපාලන ,පාට ,ඇඳුම් ඇඳගෙන ආපු එක ඉතාම කැතයි

:       2       11

Akila Thursday, 25 November 2021 10:39 AM

උඩ දාගෙන විවෘර්ත කලාට තවම මේක හදල ඉවර නැහැලු නේද ?

:       2       12

JAYATH Thursday, 25 November 2021 10:58 AM

ඔක්කොම සංදර්ශන තියෙන්නේ. ඊයේ උදෙත් සමහර වැඩ ඉවර වෙලා තිබුනේ නැහැ මමත් ඉතින් අලුත් පාලමෙන් යන්න බලාගෙන ආවා මොන යාමක්ද පාලම වහලා!! මිනිස්සුන්ට යන්න දෙන්න බැරි නම් මොකටද ඇරියේ ?

:       2       10

Eranga Thursday, 25 November 2021 11:28 AM

ඇරියා...වැහුවා...ඩාං වෙනවා.. ඩූං වෙනවා... පව් අහිංසක මෝඩ සාක පෝසක ලයිට් බයියො ටික...

:       2       13

පිටිගල මිලානෝ Thursday, 25 November 2021 11:32 AM

රත්තරන් ගේට්ටුවේ රත්තරන් නයෙකුත් හයිකරානම් තමයි ගැලපෙන්නේ.

:       1       10

de silva Thursday, 25 November 2021 12:38 PM

ඕකට පොහොට්ටුවේ ගේට්ටුව වැනි නමක් සුදුසු නැද්ද

:       0       5

Bamunuarachchi Thursday, 25 November 2021 08:11 PM

යහපාලකයින්ට මාර ජුවල්. වැඩේට මුල්ගල තියෙලා පටන් ගත්තේ රාජ පක්ෂලා එකත් කළුගලේ කොටලා තියනවා. වැඩේ ඉවරකරලා වීවෘත කරන එකත් ගලේ කොටලා ජනතා අයිතියට දුන්න. යහපාලකයින්ට දැන් තිබෙන්නේ නළලේ පච්චයක් කොටා ගන්න. ජෙප්පනට මේ මුතුත් නැහැ. ඕක කියන්න දෙයක්ද හැම වැඩක්ම බාර ගන්නේ අපි කරන්නම් කියලා නමුත් වැඩක් අවසන් වෙන්න කොරන්න අතරමග දාලයනවා.

:       1       1

Bamunuarachchi Saturday, 27 November 2021 12:26 PM

පටන් ගත්තෙත් අපි ඉවර කලෙත් අපි.

:       1       2

Siri Monday, 29 November 2021 03:47 AM

අපි තමයි හරියටම කෙරුවේ...

:       0       1

BamunuarachchiMonday, 29 November 2021 06:55 PM

පාලම ඉවරකලෙත් අපි... කොරෝනා ඉවරකළේත් අපි... නැතිනම් ඔහෙට කොරෝනා හැදිලා නේද? අපි තමයි හරියට කලේ... අනික් අය බාගෙට කළේ. රට කරන එකවත් අවුරුදු 5ක් කරගන්න බැරි වුණා.. තව මොනවද කථා?

:       1       0

Siri Monday, 29 November 2021 03:49 AM

අපි තමයි හරියටම කෙරුවේ... නේද හාමුදුරුවනේ..?

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 914 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 178 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1078 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1115 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1395 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1242 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site