
(දයාරත්න ඇඹෝගම)
පාසල් දරුවන් පිරිසකට මිහින්තලේ රෝහලෙන් ලබාදුන් එන්නතක් හේතුවෙන් පාසල් සිසුන් එකළොස් දෙනකු ආසාධ්‍ය තත්වයට පත්ව අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කොට තිබේ.
මෙසේ එන්නත ලබා ගැනිමෙන් අසාධ්‍ය තත්වයට පත්ව ඇත්තේ මිහින්තලේ අවට ප්‍රදේශවල පදිංචි වයස අවුරැදු 06 ත් 13 ත් අතර වියේ පසුවන වියේ පාසල් දරුවන් 11 දෙනෙකි.
මෙම සිසුන් අද සෙම් රෝගය හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනිම සදහා මිහින්තලය රොහලට ගිය අවස්ථාවේදි එහිදි ලබාදුන් එන්නතක් විස විමෙන් ඔවුන් ආසාධ්‍ය තත්වයට පත්වු බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසිය.
එම සිසුන් පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කොට තිබේ.
මේවන විට සිද්ධිය සම්බන්ධයෙන් උතුරු මැද පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයාගේ ප්‍රධානත්වයෙන් විමර්ශණයක් ආරම්භ කොට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ අයවැයෙන් ලොකුම කොටසක් වෙන් වෙන්නේ සෞඛ්‍යට. ඒවායින් 50% විතර යන්නේ කොමිස් වලට............කෙහෙළියගේ සිද්ධිය .. නැවු ගත්තු එකා ගැන කියන කතා. රෝහල් අධිකාරි වරුන්ගේ වත්කම්,ඔවුන්ට ලැබෙන පිට රට සවාරි.............වියල්ලම මේ 50% ඇතුලේ. ඉතිරි 50% රෝහල් සේවකයින්ගේ පඩි ටික ගෙව්වහම , බෙහෙත් ගන්න ඉතිරි වෙන්නේ සොච්චමක් එයින් ගෙනෙන බෙහෙත්..................වල තත්වේ............. කෙහෙළිය ඇමැති ගෙන්ම අහගමු !! ලෙඩකට බෙහෙත් ගන්න ගියහම ,දරුවන් එයිටත් වැඩිය ලෙඩ වෙනවා කියන එක දෙමාපියන්ට ඇසෙන්න පුළුවන් දරුණුතම ආරංචියක් , සියලු දරුවන් සුවපත් වේවා !!
හොර බෙහෙත් ගෙනාපු උන්ට සහ උන්ට සහයෝගය දුන්න උන්ට හොඳක් වෙන්න එපා. කෙහෙළියට සහයෝගයට විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් අත් උස්සපු කාලකන්නි එකෙක්ට ඡන්දෙ දෙන්න එපා.
ඒ කියන්නනෙ තවමත් රටේ සෞඛ්‍ය ඇමැති රඹුක්වැල්ල මහත්තයාමද, එහෙම නැත්නම් ඒ ඝනයේම වෙනත් එක්කෙනෙක්ද?
කොරෝනා කාලයෙන් පසුව
විමර්ෂණ මොකටද අර ඇතුලෙ ඉන්න රඹුක්වැල්ල ඇමැතියගෙන් ඇහුවානම් හරියට කියාවි.
රත්තරන් දුවල පුතාලට ඉක්මන් සුව.
තාම කෙහෙලියල වගේ අය ඉන්නවා වත්ද?
දරුවන්ට විදින්න කලියෙන් කෙහෙලියටයි එයත් එක්ක රිමාන්ඩ් කරලා ඉන්න සෞඛ්‍ය අමාත්‍යංශයේ මහත් හොරුන් විදලා බැලුවේ නැද්ද ?
කෙහෙළියගේ ගෙදර හදපු බඩු තවමත් ඉවර නැහැ වගේ…..
කාලකණ්ණින්ට සාප වෙන්න ඕනෑ මේ වගේ අපරාධ කරනවට... කවුද මේ ජීවිතවලට වගකියන්නේ...?
වැහි නැති හෙන වැලිකඩ බන්ධනාගාරය ඇතුළට වදින්නේ නැද්ද?
අයාලේ යන රටක මීට වැඩිය දෙයක් බලාපොරොත්තු විය නොහැකිය.
අද තිබෙන්නේ රෝහල්. ඒ කියන්නේ ලෙඩ ශාලා. ආරෝග්‍ය ශාලා නොවෙයි.
හොරු පන්නමු... හොර බෙහෙත් ගන්න දරුවන් මරණ දොස්තරවරු එල්ලා දමව්...