IMG-LOGO

එංගලන්තයේ ප්‍රචණ්ඩ ක්‍රියා

එංගලන්තයේ සහ උතුරු අයර්ලන්තයේ නගර රැසක, සංක්‍රමණිකයන්ට එරෙහිව ප්‍රචණ්ඩකාරී විරෝධතා ආරම්භ වී ඇත.

විරෝධතාවලට හේතු වූයේ මීට සතියකට පෙර, වයඹදිග එංගලන්තයේ, සවුත්පෝට්හි කුඩා දරුවන්ගේ නර්නත පාසලක පුහුණුවීම් සිදුවෙද්දී එල්ල වුණු පිහි ප්‍රහාරයයි. එම පිහි ප්‍රහාරයෙන් කුඩා දැරියෝ තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

සංක්‍රමණික විරෝධී සහ මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ විරෝධතා ආරම්භ වූයේ, එම පිහි ප්‍රහාරය එල්ල කළේ එංගලන්තයට සංක්‍රමණිකයකු ලෙස පැමිණ පදිංචි වූ, මුස්ලිම් අන්තවාදියකු යැයි සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන අසත්‍ය තොරතුරු නිසාය. පොලිසියට අනුව, ප්‍රහාරය එල්ල කළ තැනැත්තා එංගලන්තයේ උපත ලැබූවකු අතර ඔහු ක්‍රිස්තියානුවෙකි.

ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන දහස් ගණනක් අන්ත දක්ෂිණාංශික විරෝධතාකරුවන්, කඩසාප්පු කොල්ලකමින්, අලභහානි සිදු කරන බවත්, මුස්ලිම් වැසියන්ට පහර දෙන බවත් වාර්තා වේ. ඊයේ (4) වනවිට පොලිසිය, කලහකාරීන් 87 දෙනකු අත්අඩංගුවට ගෙන තිබුණි. 

කලහකාරී පිරිස් මර්දනයට පොලිසිය යොදවා ඇති අතර, හටගත් ගැටුම්වලින්, පොලිස් නිලධාරීන් කීප දෙනකු ද තුවාල ලැබූ බව ද මාධ්‍ය වාර්තා කර ඇත.

එංගලන්තයේ මේ අයුරින් ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවන්නේ වසර 13 කට පසුවය. දකුණු යෝක්ෂයර් ප්‍රාන්තයේ, රොතර්හැම් නගරයේ, එංගලන්තයට පැමිණෙන සංක්‍රමණිකයන්ට නවාතැන් සපයන, හෝටලයටකට විරෝධතාකරුවෝ පහර දී හානි සිදු කළ බව ද පැවැසෙයි. 

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කීර් ස්ටර්මර් විරෝධතාකරුවන් අමතමින් පවසා ඇත්තේ සාමකාමීව හැසිරෙන ලෙසත්, ප්‍රචණ්ඩකාරීව හැසිරෙන කිසිවකුට කිසිම සමාවක් ලබා නොදෙන බවත්ය.

(ඒ.එෆ්.පී.)



අදහස් (8)

එංගලන්තයේ ප්‍රචණ්ඩ ක්‍රියා

Saman Monday, 05 August 2024 07:33 AM

ජෙප්පෝ එහාටත් ගිහිල්ලා

:       42       120

අරවින්ද මොනරවිල Monday, 05 August 2024 09:49 AM

ඔයා දේශපාලන අත දරුවෙක් වගෙයි සමන්, ලංකාවේ වර්ගවාදී, ජාතිවාදී හා ආගම්වාදී කලකෝලාහල ඇති කෙරුවේ, එ.ජාප.ය ශ්‍රිලනිප හා ඔවුන්ට ජාතකව හැදුනු පොහොට්ටුවෝ යන මේ කල්ලි ත්‍රිත්වය කියලා දේශපාලන ඤාණය කළඳක් හෝ තියෙන මිනිස්සු දන්නවා....

:       83       30

NimalMonday, 05 August 2024 11:46 AM

දක්ෂිණාන්ශික ජෙප්පන්ද?

:       8       67

යෝගා Monday, 05 August 2024 09:21 AM

ඕක මෙහෙ උනානම්, මානව හිමිකම් කඩ උනා කියලා සුද්දෝ මෙලහට පස් කාලා.

:       7       151

පාඨකයෙක් Monday, 05 August 2024 10:38 AM

මෙම පුවතේ සඳහන් කර නැති නමුත්, දැරියන් තිදෙනෙක් ඝාතනය කළ තරුණයා රුවණ්ඩාවෙන් පැමිණි යුවලකට දාව එංගලන්තයේ උපන්නෙක් බව එරට පොලිසිය හෙළි කර තිබේ. එබැවින්, සමාජ මාධ්‍ය පුවත් යම්තාක් දුරට අසත්‍ය වුව ද කළහකාරී ක්‍රියා අඩු වී නැත.

:       50       9

පාඨකයෙක්Monday, 05 August 2024 09:26 PM

ලියන සිංහල නෝතේරෙන උදවියත් ලංකාදීපය කියවන බව දැනගත්තේ අදයි! මා ලියා ඇත්තේ එංගලන්තයේ සිදුවන ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලට පක්ෂව හෝ දරුවන් ඝාතනය කළ පුද්ගලයාගේ ජන්මයට අවමන් කිරීමට හෝ නොවේ. එරට සිදුවූ අවාසනාවන්ත සිදුවීමක් දඩමීමා කරගෙන එරට සිටින සංක්‍රමණ විරෝධී පිරිස් දිගට ම ක්‍රියාත්මක වී ඇති බව පමණි. වෙනත් වචනවලින් කිවහොත්, මුස්ලිම් නෙවෙයි. කලු පුද්ගලයෙක්. නමුත්, සුද්දන් නොවන සියල්ලන්ට ම එකම සැලකිල්ල දෙන්න අවස්ථාවක් කරගෙන...

:       0       0

Sarasi Monday, 05 August 2024 03:44 PM

හපෝ ඉස්සර යුද්දේ කාලේ ඔය සංක්‍රමණිකයින්ට පුදුම ආදරයක්නේ තිබුනේ ඔය රටවල්. අපේ රටට ඇඟිල්ල දික්කරගෙන...!

:       3       15

Saman Monday, 05 August 2024 04:23 PM

අරවින්ද, ඔය ජෙප්පන් සහ පෙරෙට්ටන් ගැන දන්නේ නැහැ. රැල්ලට කඩේ යන්න එපා.

:       9       5

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

සනීපෙට ගමන් යන්න ’’ක්ලීන් ශ්‍රී ලංකා’’ වෙන් උදව්වක්
2025 මැයි මස 14 674 2

මහජන සනීපාරක්ෂාව සහ ගමනාගමන පහසුව වැඩිදියුණු කිරීම වෙනුවෙන්, දිවයින පුරා ඉන්ධන පිරවුම්හල්වලට ප්‍රධාන සනීපාරක්ෂක පහසුකම් සැපයීම සඳහා ජාතික මට්ටමේ ව


දුම්රිය ගමන්වාර 20ක් අවලංගු කරයි
2025 මැයි මස 14 468 1

දුම්රිය රියදුරන් සහ නියාමකයන් සේවයට වාර්තා නොකිරීම නිසා දුම්රිය ගමන් වාර 20 කට අධික සංඛ්‍යාවක් අද (14) දහවල් වන විට අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය දෙපාර්


මහින්දානන්දගෙන් අපේක්ෂිත ඇප ඇයදුමක්
2025 මැයි මස 14 518 3

ව්‍යාධිජනක ශුද්‍රජීවීන් හා අහිතකර බැක්ටීරියා අඩංගු කාබනික පොහොර නැවක් ආනයනය කිරීමේ ක්‍රියාමාර්ගය තුළින් රජයට රුපියල් කෝටි 130කට අධික පාඩුවක් සිදු කල


පෙම් යුවළ බසයට බිලි
2025 මැයි මස 14 1875 0

යතුරුපැදියෙන් වෙසක් සිරි නරඹමින් ගමන් කරමින් සිටි පෙම්වතුන් යුවළක් මාතර බ්‍රවුන්ස්හීල් ප්‍රදේශයේ දී පෞද්ගලික බසයකට යටවීමෙන් මියගොස් ඇතැයි මාතර පො


බේස්ලයින් දුම්රිය හරස් මාර්ගය වහයි
2025 මැයි මස 14 861 0

කැලණිවැලි දුම්රිය මාර්ගයේ බේස්ලයින් පාර සහ නාරාහේන්පිට දුම්රිය ස්ථානය අතර පිහිටි රේල්වේ ඇවනිව් දුම්රිය හරස් මාර්ගයේ නඩත්තු කටයුත්තක් සඳහා එම හරස් ම


කොත්මලේ අනතුරින් මියගිය අයගේ වන්දි යවයි
2025 මැයි මස 14 501 1

කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත් වූ අය වෙනුවෙන් ජනාධිපති අරමුදලින් ලබා දෙන මුදල් මේ වන විට අදාළ ප්‍රාදේශීය ලේකම්


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1379 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1592 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 412 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site