IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


උඳුවප් පොහොය අදයි

උඳුවප් පුර පසළොස්වක පොහොය අදයි.

මෙම පොහොයේ සුවිශේෂී සිදුවීම් අතර සංඝමිත්තා තෙරණියගේ ලංකා ගමන, ශ්‍රී ලංකාවේ භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම, ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලංකාවට වැඩමවා රෝපණය කිරීම, ප්‍රථම භික්‍ෂුණී ආරාමය ඇතිවීම, දඹදිව සිට දක්ෂ විවිධ වෘත්තිකයින්ගේ පැමිණීම ආදිය වේ.

බ්‍රාහ්මණ ඉගැන්වීම් වලට අනුව කාන්තාවන්ගේ මිනිස් අයිතිවාසිකම් නෑතිකොට ඇය නිවස මුල්ලට දමා තිබූ කාලයක මහා ප්‍රජාපති ගෝතමියගේ නායකත්වයෙන් කාන්තාවන්ට සසුන් ගත වීමට බුදු රජාණන් වහන්සේ අවස්ථාව ලබාදීම එකල මහත් වූ සමාජ විප්ලයකට මුල පිරීමක් විය.

එසේ ඇතිවූ ගුණාත්මක දියුණුව ශ්‍රී ලංකාව තුළද ඇතිකිරීම සඳහා අනුමිහිඳු මහ රහතන් වහන්සේගේ අනුශාසනා මත දෙවන පෑතිස් රජතුමා විසින් අරිට්ට ඇමතිප්‍රධාන දූත පිරිසක් ඉන්දියාවේ ධර්මාශෝක අධිරාජ්‍යායා වෙත යවා සංඝමිත්තා මහ රහත් තෙරණිය ශ්‍රී ලංකාවට වැඩම කරනු ලැබුවේ අද වැනි උඳුවප්පුර පසළොස්ව පොහොය දායකය

සංඝමිත්තා මහ රහත් තෙරණිය සමඟ උත්තරා හේමා අග්ගිමිත්තා පබ්බතා ධම්මදාසී ආදී නම් වලින් හඳුන්වන භික්‍ෂුණීන් වහන්සේලා එකොළොස් නමක් ද මේ රටට වැඩම කරනු ලැබීණි. එම පිරිස සමග න් දඹදිව පිහිටි ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ශ්‍රී ලංකාවට වැඩම කරවූ බව දීපවංශය සඳහන්වේ.

එම පිරිස ලංකාවේ උතුරේ පිහිටා ඇති දඹකොළ පටුන හරහා මේ රටට පැමිණියහ

දඹ කොළ පටුන වර්තමානයේ හැඳින්වෙන්නේ සම්බිලිතුරෙ යි යනුවෙනි.

එලෙස පැමිණි පිරිස දෙවන පෑතිස් රජතුමා විසින් මහත් හර්ෂණීන් පිළිගනු ලැබූ අතර අලංකාර පෙරහරකින් අනුරාධපුරයට වැඩමවාගෙන පැමිණි ඇත. ඉන්පසු ්‍රී මහා බෝධි සහකාව මහමෙව්නා උයනේ රෝපණය කර තිබේ. ඒ වෙනුවෙන් පැවති උත්සවයට ලංකාවේ විවිධ ප්‍රදේශවල විසූ විවිධ ජාති හා ආගම් ඇදවූ පාලකයන් ඇතුළු දහස් සංඛ්‍යාත ජනතාවක් සහභාගි වීම විශේෂ සිදුවීමක් ලෙස සැලකේ.

සංඝමිත්තා මහ රහත් තෙරණිය ශ්‍රී ලංකාවට වැඩමවාගෙන පැමිණීමේ ප්‍රධාන අරමුණ වූයේ මෙරට කාන්තාවන් සම්බුද්ධ ශාසන යට ඇතුළත් කිරීමේ ශ්‍රේෂ්ඨ ක්‍රියාව සිදු කිරීමටය.

ඒ අනුව අනුලා දේවිය ප්‍රධාන පන්සියයක් කාන්තාවන් සංඝමිත්තා තෙරණිය විසින් පැවිදි කරනු ලැබීමත්සමඟ ඒ කාර්යය සම්පූර්ණ විය. රජතුමා විසින් සාදන ලද හත්ථාලහක නම් වු ආරාමයේ මේ භික්ෂුනී න් වහන්සේලා වැඩ විසූහ.

සංඝමිත්තා මහ රහත් තෙරණිය සමඟ බෝධි ආරක්ෂක අටලොස් කුලයකට අයත් අය පැමිණි බව වංශ කතාවේ සඳහන් වේ. කුඹල් වැඩ ලෝහ වැඩ මැණික් වැඩ ආදී විවිධ කර්මාන්තයන් හා නිර්මාණයන්හි දක්ෂයෝ ඒ අතර වූහ.

ඔවුන් නිසා ශ්‍රී ලාංකික සමාජයේ විවිධ කර්මාන්ත පිළිබඳ ව සංවර්ධනයක් ඇතිවිය.

මේ අනුව උඳුවප්පුර පසළොස්වක පොහොයදා සංඝමිත්තා මහ රහත් තෙරණියගේ වැඩම විම මුළු මහත් සමාජයම වේගවත් ගුණාත්මක දියුණුවක් ඇතිවූ බව පැහැදිලි වේ.

මෙම තොරතුරු ලබාදුන් කොළඹ ආනන්ද විද්‍යාලයේ විශ්‍රාමික සහකාර විදුහල්පති ගල්කිස්ස බෞද්ධ ආයතනාධිපති කොළඹ නවකෝරලේ ප්‍රධාන සංඝනායක දිවියගහ යසස්සි නාහිමියන් වහන්සේට ගෞරව පූර්වක ස්තුතිය පළ කරමු.

ආරියරත්න රණබාහු

 



අදහස් (0)

උඳුවප් පොහොය අදයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 10 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 132 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 979 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site